දෙවැනි අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා

අන්තර් ක්‍රීඩා සමාජ නැගීඑන තුන්දින ක්‍රිකට් තරගාවලිය 2022

101

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන තුන් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමු දිනය (08) වර්ෂාව හේතුවෙන් පැයකටත් අඩු කාලයක දී නතර කිරීමට සිදු වුනා.

Sebastianites සහ Colts කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම තරගය කොළඹ P. Sara Oval පිටියේ දී ආරම්භ වුනා. නමුත් දිනයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය පැවතියේ පන්දුවාර 8.1ක් පමණයි.

අවස්ථා කිහිපයක දී ම තරගය පැවැත්වීමේ බලාපොරොත්තු මතු කළ ද, නැවත නැවතත් ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගය මේ ලෙසින් නතර කිරීමට විනිසුරුවන් කටයුතු කළා.

කාසියේ වාසිය දිනා ගත් Colts නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Sebastianites ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබා සිටියා.

ඒ වෙද්දී සමින්ද ප්‍රනාන්දු නොදැවී ලකුණු 19ක් සහ විහාන් ගුණසේකර නොදැවී ලකුණු 8ක් ලබා පිටියේ රැඳී සිටියා.

ඔවුන්ගේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දී දවා ගැනීමට Colts ක්‍රීඩකයෝ සමත් වුනා. දැවී ගිය ක්‍රීඩකයා වූයේ යොහාන් පෙරේරා (1). දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරිත්වය ජෙහාන් ඩැනියෙල් සතු වුනා.

  • Sebastianites; පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට) කඩුල්ලක් දැවී 35 (8.1) සඳුන් ප්‍රනාන්දු නොදැවී 19

හෙට (09) තරගයේ දෙවැනි දිනයයි. තරගයේ උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<