අචිනිගේ කඩුලු 8 දස්කමට ලිහිණිගෙන් ශතකයක්

අන්තර් සමාජ පළමු පෙළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

344

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දිනයක් අද (7) ක්‍රියාත්මක වුනා.

අද පැවති තරගවල දී ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළ අචිනි කුලසූරිය යුද හමුදා ක්‍රීඩා සමාජ A කණ්ඩායම වෙනුවෙන් කඩුලු 8ක දස්කමක් දැක්වූවා.

ඊට අමතරව ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A කණ්ඩායම නියෝජනය කරන ලිහිණි අප්සරා ඇයගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත් වුනා. එම දස්කම් නිසාවෙන් යුද හමුදා A සහ ගුවන් හමුදා A කණ්ඩායම් මෙම තරගාවලිය තුළ තවදුරටත් අපරාජිතව සිටීමට හැකියාව හිමි වුනා.

ඊට අමතරව අද පැවති අනෙක් තරගවල දී නාවික හමුදා, යුද හමුදා A සහ යුද හමුදා B කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලිහිණි අප්සරා ශතකයක් වාර්තා කර ගන්නා විට ගුවන් හමුදා A කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කරමින් ලිහිණි හට අනගි සහයක් ලබා දීමට චමරි පොල්ගම්පොල (ලකුණු 55) සමත් වුනා.

මේරියන්ස් වෙනුවෙන් ක්‍රියාත්මක වුනු මල්ෂා මදුශානි (ලකුණු 51) අර්ධ ශතකයක් වාර්තා කරගෙන දස්කම් දැක්වූ නමුත් එය ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

ඊට අමතරව යුද හමුදා B කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන මදාර සමරකෝන් ගුවන් හමුදා B කණ්ඩායම සමඟ පැවති තරගයේ දී කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය ලෙස ඉදිරියෙන්ම සිටින්නේ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ 16 හැවිරිදි විශ්මි ගුණරත්නයි. ඇය ඉනිම් 4ක දී ලකුණු 202ක් රැස් කරගෙන තිබෙන අතර යුද හමුදා A කණ්ඩායමේ අචිනි කුලසූරිය තරග 4ක දී කඩුලු 13ක් දවාගෙන තරගාවලියේ වැඩිම කඩුලු ලාභිනිය ලෙස දැනට පෙරමුණේ සිටිනවා.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B සහ යුද හමුදා ක්‍රීඩා සමාජ A – කටුනායක දී

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B – 32 (21.3): සුගන්ධිකා පෙරේරා 9, අචිනි කුලසූරිය 8/12.

යුද හමුදා ක්‍රීඩා සමාජ A – 33/0 (11.1): ඉමල්කා මෙන්ඩිස් 19*, නිලූකා කුශාන්ති 10*.

යුද හමුදා A කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A – 288/4 (50): ලිහිණි අප්සරා 127, චමරි පොල්ගම්පොල 55, සඳුනි නිසංසලා 1/46.

හලාවත මේරියන්ස් – 145 (46.3): මල්ෂා මදුශානි 51, චමරි අතපත්තු 26, ඕෂදී රණසිංහ 2/23, ඉනෝශි ප්‍රනාන්දු 2/33.

ගුවන් හමුදා A කණ්ඩායමට ලකුණු 143ක ජයක්.


නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 44 (36.1): හංසිමා කරුණාරත්න 2/02, ඉනෝකා රණවීර 2/08, තාරිකා සෙව්වන්දි 2/10.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – 45/0 (9.4): හසිනි පෙරේරා 29*, සත්‍යා සංදීපනී 15*.

නාවික හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 10ක ජයක්.


යුද හමුදා ක්‍රීඩා සමාජ B සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B – හෝමාගම, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී,

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B – 51 (32.1): උශානි රුවන්තිකා 10, මදාරා සමරකෝන් 5/10, නිශාන්ති පද්මචන්ද්‍ර 2/11.

යුද හමුදා ක්‍රීඩා සමාජ B – 52/1 (13.3): ඉරේෂා දමයන්ති 22*, සිතුමිණි පීරිස් 18*, සකුනි විජේසිංහ 1/10.

යුද හමුදා B කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

සීනිගම ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජ A – හික්කඩුවේ දී,

යුද හමුදා ක්‍රීඩා සමාජ A – 139 (42.4): අනුශ්කා සංජීවනි 22, රෝෂිනි පෙරේරා 21, විහාරා සෙව්වන්දි 2/13, සුලේෂා සත්සරණි 2/20.

සීනිගම ක්‍රිකට් සමාජය – 124 (43.3): නවෝද්‍යා නෙත්මිණි 28, ඉමේෂා දුලානි 19, ඉමල්කා මෙන්ඩිස් 2/13, සුගන්ධිකා කුමාරි 2/30.

යුද හමුදා A කණ්ඩායමට ලකුණු 15ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<