මෙන්ඩිස්, ගුණතිලක සහ දික්වැල්ලගේ දඬුවමක් ලිහිල් වෙයි

8891

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දනුශ්ක ගුණතිලක නියමිත දඬුවම් කාලය ඉක්ම යාමට පෙර දේශීය ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට අවසර ලබා දී තිබෙනවා.

පසුගිය 12 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සහ විනය කමිටුව ඔවුන් තිදෙනා සම්බන්ධයෙන් කටයුතු කරන මානසික වෛද්‍ය උපදේශකවරුන්ගෙන් ලැබෙන ධනාත්මක වාර්තා සලකා බලා  බලා මේ දේශීය ක්‍රිකට් තරග තහනම ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මේ මස අවසානයේ දී ආරම්භ වන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් තිදෙනා හට එම තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන අතර මෙන්ඩිස් සහ ගුණතිලක SSC කණ්ඩායම ද, දික්වැල්ල NCC කණ්ඩායම ද නියෝජනය කිරීම වෙනුවෙන් සූදානමින් සිටිනවා.

දේශීය තරග පිටිය සඳහා මෙම ලිහිල ලැබෙන නමුත්, ඔවුන්ට පනවා ඇති වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම සහ වසර දෙකකට අත්හිටුවන ලද ජාත්‍යන්තර තරග තහනම එලෙසින්ම ක්‍රියාත්මක වෙනු ඇත.

එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<