නව ක්‍රීඩාංගණයේ මංගල තරගයෙන් ජය 96 ලෝක ශූරයින්ට

5587

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ඉදි වූ පළමු ටර්ෆ් විකට්ටු සහිත ක්‍රිකට් ක්‍රීඩාංගණය පසුගිය දා ජනසතු කෙරුණා. මෙම ක්‍රීඩාංගණය අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරග පැවත්වීමට පවා හැකියාවක් ඇති ක්‍රීඩාංගණයක් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරීමෙන් පසුව ක්‍රීඩා කළ මංගල තරගය, 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයින් සහ Batti Heroes කණ්ඩායමේ සාමාජිකයින් අතර පන්දුවාර 20 තරගයක් ලෙසින් පැවැත්වුනා.

ඒ තරගයට 96 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග, රොමේෂ් කලුවිතාරණ, උපුල් චන්දන, ඇතුළු දැවන්ත ක්‍රිකට් චරිත රාශියක් සහභාගී වුනා.

තරගයේ කාසියේ වාසිය දිනූ Batti Heroes ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර 96 ලෝක ශූරයින් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 189ක් රැස් කරගැනීමට සමත් වුනා. රොමේෂ් කලුවිතාරණ වේගවත් ලකුණු 36ක් රැස් කළ අතර මිලින්ද සිරිවර්ධන ලකුණු 39ක් ලබා ගත්තා.

>>Photos – KSV Batticaloa Turf Cricket Ground – Opening Ceremony<<

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ Batti Heroes කණ්ඩායමට කඩුලු 5ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. ඒ අනුව මේ තරගය ලකුණු 54කින් ජය ගැනීමට 96 ලෝක ශූරයින් සමත් වුනා.

  • තරගයේ වීරයා – එම්. මයුරතන්
  • හොඳම පන්දු යවන්නා – සජීව වීරකෝන්
  • හොඳම පිතිකරු – එම්. ශරුහාන්
  • දක්ෂතම නැගී එන ක්‍රීඩකයා – ඒ. ලතර්ෂන්

ශ්‍රී ලංකා 96 ලෝක කුසලාන කණ්ඩායම – 189 (20) Milinda Siriwardene 39, Romesh Kaluwitharana 36, Indika De Saram 29, Isuru Udana 26, A Latharshan 2/30, M Mayurathan 2/35, R Vithushan 2/46

Batti Heroes – 135/5 (20) M Sharuhan 68*, M Mayurathan 34

තරග ප්‍රතිඵලය – ශ්‍රී ලංකා 96 ලෝක කුසලාන කණ්ඩායමට ලකුණු 54ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<