සදීර සහ නුවනිඳු ශතක වාර්තා කරයි

Major Club 50 Over Tournament 2026

4

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් පෙර දින (22) අවසන් වූ අතර එහි දී සදීර සමරවික්‍රම සහ නුවනිඳු ප්‍රනාන්දු ශතක වාර්තා කරද්දී රමේෂ් මෙන්ඩිස් සහ නිපුන් ධනංජය තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූවා. 

එහි දී Moors SC කණ්ඩායමේ සදීර සමරවික්‍රම Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 125ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල 9 වැනි ශතකයයි.  

SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුනු 120ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ එක්දින සිව් වැනි ශතකයයි.  

මේ අතර SSC කණ්ඩායමේ නිපුන් ධනංජය NCC කණ්ඩායමට එරෙහි ව පන්දුවට පහර දීමේ දී පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද සහ පන්දු යැවීමේ දී ලකුණු 49කට කඩුලු 4ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වූවා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල හොඳම පන්දු යැවීමයි.  

ඊට අමතර ව Moors SC කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව පන්දුවට පහර දීමේ දී පන්දු 30ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 41ක් ද සහ පන්දු යැවීමේ දී ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

 ඔවුන්ට අමතර ව Kurunegala Youth CC කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි (61), SSC කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත (75), නිපුන් ධනංජය (නොදැවී 60) සහ NCC කණ්ඩායමේ කවිඳු පතිරත්න (නොදැවී 52) අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වුණා.     

පෙර දින අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු 

Moors SC සහ Kurunegala Youth CC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී. 

  • Moors SC – කඩුලු 9ක් දැවී 276 (50.0) සිතාර ගිම්හාන් 30, සොහාන් ද ලිවේරා 22, සදීර සමරවික්‍රම 125, ෂෙහාන් ප්‍රනාන්දු 23, රමේෂ් මෙන්ඩිස් 41, විකුම් සංජය 4/71, වතිල උදාර 3/35
  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 157 (37.3) අභිශේක් ලියනාරච්චි 61, වතිල උදාර 41, විකුම් සංජය 20, ශිරාන් ප්‍රනාන්දු 2/35, දුවිඳු තිලකරත්න 3/40, රමේෂ් මෙන්ඩිස් 3/32

Moors SC කණ්ඩායමට ලකුණු 119ක ජයක්.  

Police SC  සහ Baduraliya SC අතර තරගය, කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී. 

  • Baduraliya SC – සියලුම දෙනා දැවී 172 (47.3) කූජන පෙරේරා 34, චතුරංග ද සිල්වා 45, සීක්කුගේ ප්‍රසන්න 32, නිපුන් ප්‍රේමරත්න 2/25, දුශාන් හේමන්ත 3/20, කිත්ම විතානපතිරණ 4/26
  • Police SC – කඩුලු 9ක් දැවී 173 (41.5) කිත්ම විතානපතිරණ 33, මොහොමඩ් ශමාස් 39, දුශාන් හේමන්ත 28, නිපුන් ප්‍රේමරත්න නොදැවී 33, මාලින්ද පුෂ්පකුමාර 3/28, රොහාන් සංජය 3/44, සීක්කුගේ ප්‍රසන්න 2/42

Police SC කණ්ඩායමට කඩුල්ලක ජයක්. 

Bloomfield C & AC සහ BRC අතර තරගය, කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී. 

  • BRC – සියලුම දෙනා දැවී 91 (23.3) පවන් සංදේශ් 42, දුලාජ් සමුදිත 4/31, තරින්ද නිර්මාල් 2/02, කවීෂ පියුමාල් 2/22
  • Bloomfield C & AC – කඩුලු 3ක් දැවී 92 (18.4) හසිත අමරසිංහ 34, අසිත වන්නිනායක 36, ටිලංග උදේශන 2/24

Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 

NCC  සහ SSC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී. 

  • SSC – කඩුලු 4ක් දැවී 311 (50.0) ශෙවෝන් ඩැනියෙල් 36, රොන් චන්ද්‍රගුප්ත 75, නුවනිඳු ප්‍රනාන්දු 120, නිපුන් ධනංජය නොදැවී 60
  • NCC – සියලුම දෙනා දැවී 208 (49.2) විනුක් රූබසිංහ 21, දිනෙත් ගුණවර්ධන 28, චාමික කරුණාරත්න 28, කවිඳු පතිරත්න නොදැවී 52, චාමික ගුණසේකර 36, කසුන් රාජිත 2/22, නිපුන් ධනංජය 4/29, දුනිත් වෙල්ලාලගේ 2/48

SSC කණ්ඩායමට ලකුණු 103ක ජයක්. 

Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<