පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්

Major Club 50 Over Tournament 2026

2
Major Club 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේ දී ම මල්වෙඩිවන් සංදර්ශන ඉනිමක් ක්‍රීඩා කිරීමට BRC කණ්ඩායමේ මොවින් සුබසිංහ සමත් වුණා.

NCC කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද මෙම ඉනිමේ දී ඔහු හයේ පහර 14ක් සහ හතරේ පහර 10ක් සමඟින් සීමා ලකුණු 124ක් ලබා ගන්නා ලද අතර ඊට අමතර ව තවත් ලකුණු 16ක් එක් කරගනිමින් ලකුණු 140ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Colts CC කණ්ඩායමේ මුදිත ලක්ශාන් පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 99කට දැවී යමින් තම ශතකය අහිමි කර ගන්නවා.

ඔවුන්ට අමතර ව Kurunegala Youth CC කණ්ඩායමේ ලක්වින් අබේසිංහ (67) සහ අමේෂ් තෙන්නකෝන් (71), Tamil Union C & AC මිනෝද් භානුක (නොදැවී 79), Panadura SC කණ්ඩායමේ ඔෂද ප්‍රනාන්දු (50), SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු (50) සහ නුවනිඳු ප්‍රනාන්දු (54), Nugegoda S & WC කණ්ඩායමේ ලහිරු දවටගේ (56) සචිඳු කොළඹගේ (54), Moors SC කණ්ඩායමේ සදීර සමරවික්‍රම (නොදැවී 66), NCC කණ්ඩායමේ යෙනුල දෙව්තුස (53) සහ චාමික කරුණාරත්න (82) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Tamil Union C & AC කණ්ඩායමේ ලහිරු සමරකෝන් (5/26) සහ Moors SC කණ්ඩායමේ ශිරාන් ප්‍රනාන්දු (5/50) දිනයේ දක්ෂත ම පන්දු යැවීම් වාර්තා කළා.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Kurunegala Youth CC සහ Tamil Union C & AC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 231 (43.5)ලක්වින් අබේසිංහ 67, අමේෂ් තෙන්නකෝන් 71, වතිල උදාර 38, ලහිරු සමරකෝන් 5/26, විජයකාන්ත් වියස්කාන්ත් 2/36
  • Tamil Union C & AC– කඩුලු 9ක් දැවී 215 (43.4)තනුක දාබරේ 27, සිතාර හපුහින්න 36, මිනෝද් භානුක නොදැවී 79, ලහිරු සමරකෝන් 24, විකුම් සංජය 2/48, ගයන වීරසිංහ 2/54, වතිල උදාර 2/22

Tamil Union C & AC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුල්ලක ජයක්.

 

Nugegoda S & WC සහ Moors SC අතර තරගය, කොළඹ තර්ස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC– සියලුම දෙනා දැවී 240 (49.3)ලහිරු දවටගේ 56, විනුශ්ක සිල්වා 28, ඇන්ජලෝ පෙරේරා 24, සචිඳු කොළඹගේ 54, ශිරාන් ප්‍රනාන්දු 5/50, හිවින් කෙනුල 3/45
  • Moors SC– කඩුලු 4ක් දැවී 241 (39.5) සිතාර ගිම්හාන් 26, රවිශාන් ද සිල්වා 42, සොහාන් ද ලිවේරා 24, සදීර සමරවික්‍රම නොදැවී 66, ජනිශ්ක පෙරේරා 32, ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 44, සම්මු අශාන් 2/24

Moors SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

ACE Capital CC සහ Panadura SC අතර තරගය, මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC– කඩුලු 9ක් දැවී 212 (50.0)ඔෂද ප්‍රනාන්දු 50, තවීෂ අභිශේක් 38, චාර්ය පරණවිතාන 31, අසංක මනෝජ් නොදැවී 26, වනුජ සහන් 4/19, තීරක රණතුංග 2/56
  • ACE Capital CC– සියලුම දෙනා දැවී 142 (30.0) පවන් පතිරාජ 23, ඉසිත විජේසුන්දර 20, ඩිල්ශාන් මුණවීර 2/38, නවිඳු ප්‍රභාශ් 3/23, විශ්ව ලහිරු 3/48, තවීෂ අභිශේක් 2/15

Panadura SC කණ්ඩායමට ලකුණු 70ක ජයක්.

Colts CC සහ SSC අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • Colts CC – සියලුම දෙනා දැවී 250 (47.4)ශලින් ද මෙල් 43, මුදිත ලක්ශාන් 99, සුඛිත මනෝජ් 39, ප්‍රමෝද් මදුශාන් 3/49, කසුන් රාජිත 2/68, දිනුර කළුපහන 3/36, නිපුන් ධනංජය 2/18
  • SSC– කඩුලු 5ක් දැවී 253 (39.4)අවිශ්ක ප්‍රනාන්දු 50, රොන් චන්ද්‍රගුප්ත 28, නුවනිඳු ප්‍රනාන්දු 54, නිපුන් ධනංජය නොදැවී 30, අකිල ධනංජය 2/45, මුදිත ලක්ෂාන් 2/36

SSC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

NCC සහ BRC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • BRC– කඩුලු 9ක් දැවී 304 (50.0) ඉසුරු ප්‍රනාන්දු 59, පවන් සංදේශ් 33, යසිරු රොද්‍රිගෝ 25, මොවින් සුබසිංහ 140, ශක්ති උදාර 2/59, කමිල් මිශාර 3/42
  • NCC – සියලුම දෙනා දැවී 272 (47.2)කමිල් මිෂාර 23, ජීවක සශීන් 22, අහන් වික්‍රමසිංහ 39, යෙනුල දෙව්තුස 53, චාමික කරුණාරත්න 82, මොහොමඩ් ශිරාස් 2/56, මොවින් සුබසිංහ 4/50, දුලාජ් අශේන් 3/70

BRC කණ්ඩායමට ලකුණු 32ක ජයක්.

Baduraliya CC සහ Bloomfield C & AC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya CC – සියලුම දෙනා දැවී 167 (48.4)අවීශ සමාස් 35, ඩිල්ශාන් ද සොයිසා 25, අලංකාර අසංක නොදැවී 34, රොහාන් සංජය 20, දුලාජ් සමුදිත 2/46, ජනිත් ලියනගේ 2/15, තරින්ද නිර්මාල් 4/25
  • Bloomfield C & AC– කඩුලු 7ක් දැවී 168 (42.5)සනුක ගලගොඩ 30, අසිත වන්නිනායක 47, රවිඳු ප්‍රනාන්දු 34, තරින්ද නිර්මාල් නොදැවී 30, සීක්කුගේ ප්‍රසන්න 4/35, අලංකාර අසංක 3/18

Bloomfield C & AC කඩුලු 3 ක ජයක්.

Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<