Home Sinhala චන්දිමාල් – සදීර වාර්තාගත සබඳතාවයකට යද්දී, ප්‍රභාත් කඩුලු දඩයමක

චන්දිමාල් – සදීර වාර්තාගත සබඳතාවයකට යද්දී, ප්‍රභාත් කඩුලු දඩයමක

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

2499
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (17) ගාල්ලේ දී ක්‍රියාත්මක වුනා.

ලකුණු 322ක් සහ කඩුලු 9ක් බිඳ වැටුණු අද දිනය නිමා වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටියා.

දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 386ක් ලබාගෙන සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය දවා ගත් අයර්ලන්ත පන්දු යවන්නන් ඉන් පන්දුවාර කිහිපයකට පසුව ධනංජය ද සිල්වාගේ කඩුල්ල ද දවා ගත්තා.

ලකුණු 408/6ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා පළමු ඉනිම තවදුරටත් ගොඩනැංවීම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සමඟ පිටියේ එක්වුණු සදීර සමරවික්‍රම 7 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 183*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවූවා.

එය ගාල්ල ජාත්‍යන්තර පිටියේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ටෙස්ට් තරගයක දී වාර්තා වුනු හොඳම සබඳතාවයේ වාර්තාව සම කරමින් 2007 වර්ෂයේ දී මහේල ජයවර්ධන සහ චමින්ද වාස් එක්ව ගොඩනැංවූ ලකුණු 183 වාර්තාව සම කළා. එසේම එය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවයන් අතර තුන්වැනි තැනට පත්වුනා.

>>Photos – Ireland tour of Sri Lanka 2023 | 1st Test – Day 02<<

චන්දිමාල් ලකුණු 18ක් ලබාගෙන සිටිය දී Mark Adair යොමු කළ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුලු රකින ක්‍රීඩක Lorcan Tucker වෙත ඇදී ආ නමුත් එය ඔහුට රැකගන්නට හැකියාවක් නොලැබීම නිසාවෙන් චන්දිමාල් තවදුරටත් කඩුල්ල තුල රැඳී සිටීමට වාසනාවන්ත වුනා.

අවසානයේ දී ඔහු එය ශතකයක් දක්වා වර්ධනය කළ අතර ගාල්ලේ ඔහු ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් ඉනිම 6 තුල (මේ ඉනිම ද ඇතුලත්ව) ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතක 3ක් ලබාගෙන දස්කම් දක්වා තිබීම කැපී පෙනුණා.

චන්දිමාල් සිය 14 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කරගන්නා විට, වසර 6කට පසුව නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පැමිණි සදීර සමරවික්‍රම සිය කැඳවීම සඳහා උපරිම සාධාරණයක් ඉටු කරමින් පන්දු 114ක් තුල 4 පහර 11ක් එල්ල කරමින් නොදැවී ලකුණු 104*ක් ලබා ගත්තා. එය ඔහු (සදීර) ශ්‍රී ලංකාව තුල ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගය ද වීම සුවිශේෂී වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 591ක දැවැන්ත ලකුණු සටහනක් නිර්මාණය කළ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ගාල්ලේ දී ඉනිමක් තුල ලබා ගත් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය වුනා.

එසේම එය ගාල්ලේ ඉනිමක් තුල වාර්තා වුනු සිව්වැනි වැඩිම ලකුණු ප්‍රමාණය ද ලෙස වාර්තා අතරට එකතු වුනා. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන Curtis Campher කඩුලු 2ක් දවාගෙන අයර්ලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්වුනා.

මෙවැනි දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම සහ දිනේෂ් චන්දිමාල් ශතක ලබා ගත් අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක් තුල ශතක 4ක් වාර්තා වුනු සිව්වැනි අවස්ථාව මෙයයි.

දැවැන්ත ඉලක්කයක පීඩනය සමඟ පිටියට පැමිණි අයර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2 සිය පළමු පන්දුවාරය තුල දවාගන්නට විශ්ව ප්‍රනාන්දු සමත් වුනේ, තේ පානයට පෙර තරගයේ සම්පූර්ණ ගෞරවය තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

ලකුණු 4කට කඩුලු 2ක් දැවී ගොස් තිබුණු අයර්ලන්ත ඉනිම යම් මට්ටමකට ඔසවා තැබූ James McCollum සහ Harry Tector තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවයක් ගොඩනැංවූවා. ඒ සබඳතාවය බිඳ දමමින් ක්‍රියාත්මක වුනු ප්‍රභාත් ලකුණු 34ක් ලබාගෙන සිටි Tectorගේ කඩුල්ල දවාගෙන තරගයේ සිය පළමු කඩුල්ල දවා ගත් අතර ඉන් පසුව ප්‍රභාත් ක්‍රියාත්මක කල පන්දු 10 තුල තවත් කඩුලු 2ක් (Campher සහ Moor) දවා ගැනීමට ඔහු සමත් වුනා.

දෙවැනි දිනය අවසන් වන විට අයර්ලන්තය සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටින අතර නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Lorcan Tucker ලකුණු 21*ක් සහ Andy McBrine ලකුණු 5*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. සිය 5 වැනි කඩුලු 5 අවස්ථාව සාර්ථක කර ගත් ප්‍රභාත් ජයසූරිය දිනයේ විට ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

Result


Sri Lanka
591/6 (131)

Ireland
143/10 (52.3) & 168/10 (54.1)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Lorcan Tucker b Curtis Campher 29 48 4 0 60.42
Dimuth Karunaratne c Lorcan Tucker b Mark Adair 179 235 15 0 76.17
Kusal Mendis lbw b George Dockrell 140 193 18 1 72.54
Angelo Mathews c Lorcan Tucker b Ben White 0 3 0 0 0.00
Dinesh Chandimal not out 102 155 12 0 65.81
Prabath Jayasuriya lbw b Curtis Campher 16 23 3 0 69.57
Dhananjaya de Silva lbw b Andy McBrine 12 16 3 0 75.00
Sadeera Samarawickrama not out 104 114 11 0 91.23


Extras 9 (b 4 , lb 3 , nb 1, w 1, pen 0)
Total 591/6 (131 Overs, RR: 4.51)
Bowling O M R W Econ
Mark Adair 24.3 3 95 1 3.91
Curtis Campher 21 2 84 2 4.00
Andy McBrine 40 2 162 1 4.05
Ben White 22 0 119 1 5.41
George Dockrell 21.3 0 112 1 5.26
Harry Tector 2 0 12 0 6.00
Batsmen R B 4s 6s SR
James McCollum b Prabath Jayasuriya 35 85 5 0 41.18
Murray Commins b Vishwa Fernando 0 1 0 0 0.00
Andy Balbirnie c Nishan Madushka b Vishwa Fernando 4 4 1 0 100.00
Harry Tector c Dhananjaya de Silva b Prabath Jayasuriya 34 59 0 1 57.63
Curtis Campher c Ramesh Mendis b Prabath Jayasuriya 0 2 0 0 0.00
Peter Moor c Sadeera Samarawickrama b Prabath Jayasuriya 14 29 2 0 48.28
Lorcan Tucker lbw b Prabath Jayasuriya 45 73 7 0 61.64
George Dockrell lbw b Prabath Jayasuriya 2 24 0 0 8.33
Andy McBrine lbw b Ramesh Mendis 7 35 1 0 20.00
Mark Adair st Sadeera Samarawickrama b Prabath Jayasuriya 0 2 0 0 0.00
Ben White not out 0 3 0 0 0.00


Extras 2 (b 0 , lb 0 , nb 2, w 0, pen 0)
Total 143/10 (52.3 Overs, RR: 2.72)
Bowling O M R W Econ
Asitha Fernando  5 2 9 0 1.80
Vishwa Fernando 9 2 38 2 4.22
Prabath Jayasuriya 23 10 52 7 2.26
Ramesh Mendis 14.3 3 40 1 2.80
Dhananjaya de Silva 1 0 4 0 4.00


Batsmen R B 4s 6s SR
James McCollum c Dhananjaya de Silva b Prabath Jayasuriya 8 28 0 0 28.57
Murray Commins c Ramesh Mendis b Vishwa Fernando 0 3 0 0 0.00
Andy Balbirnie c Dhananjaya de Silva b Vishwa Fernando 6 16 1 0 37.50
Harry Tector run out (Sadeera Samarawickrama) 42 95 4 0 44.21
Lorcan Tucker lbw b Prabath Jayasuriya 6 10 1 0 60.00
Peter Moor c Nishan Madushka b Ramesh Mendis 0 5 0 0 0.00
Curtis Campher c Nishan Madushka b Ramesh Mendis 30 73 5 0 41.10
George Dockrell lbw b Ramesh Mendis 32 54 6 0 59.26
Andy McBrine c Kusal Mendis b Ramesh Mendis 10 11 2 0 90.91
Mark Adair not out 23 29 3 0 79.31
Ben White lbw b Prabath Jayasuriya 1 2 0 0 50.00


Extras 10 (b 5 , lb 3 , nb 1, w 1, pen 0)
Total 168/10 (54.1 Overs, RR: 3.1)
Bowling O M R W Econ
Prabath Jayasuriya 24.1 6 56 3 2.32
Vishwa Fernando 4 2 3 2 0.75
Ramesh Mendis 20 1 76 4 3.80
Asitha Fernando  3 0 15 0 5.00
Dhananjaya de Silva 3 0 10 0 3.33



හෙට (18) තරගයේ තෙවැනි දිනය වන අතර අයර්ලන්ත කණ්ඩායම පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීම සඳහා කැඳවීමට නම් ඔවුන්ගේ පළමු ඉනිමේ අවසන් කඩුලු 3 ලකුණු 391ක් (තවත් ලකුණු 274) ලබාගැනීමට පෙර දවාගත යුතු වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<