රොෂාන් සහ සජීවගේ දඟ පන්දුවෙන් ගාල්ලට මුල් ඉනිමක ජයක්

599

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද (10) පැවති තරග අතුරින් ගාලු ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් අතර තරගයේ දී මුල් ඉනිමේ ජයක් හිමිකර ගන්නට ගාලු ක්‍රිකට් සමාජය සමත් වූ අතර අනෙක් තරග වල තීරණය හෙට දිනයේ ලැබීමට නියමිතව ඇත.

පසුගිය ලිපි: සඳුන් වීරක්කොඩි සහ සිතාර ගිම්හාන් ශතක වාර්තා කරති

ගාල්ල ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් අතර තරගය

ගාල්ලේදී පැවති මෙම තරගය නිමාවට පත් වූයේ ජය පරාජයකින් තොරවයි. නමුත් තරගයේ මුල් ඉනිමේ ජයග්‍රහණය ගාල්ල ක්‍රිකට් සමාජයට හිමිවිය. මුලින් පන්දුවට පහර දුන් ගාලු පිතිකරුවන් සියල්ලන්ම දැවී ලකුණු 352ක් රැස් කල අතර ටැමිල් යූනියන් කණ්ඩායම ද සාර්ථක පිතිකරණයක නියැලෙමින් ලකුණු 338ක් රැස් කළහ.

නමුත් ටැමිල් යූනියන් පිතිකරුවන්ට ගාලු ප්‍රථම ඉනිම අභිබවා යාමට ඉඩ නොදුන් රොෂාන් ජයතිස්ස (5/101) සහ සජීව වීරකෝන් (4/96) ටැමිල් යූනියන් කඩුලු 9ක් ඔවුන් දෙදෙනා අතරේ බෙදා ගත්හ. ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් සිතාර ගිම්හාන් හතරේ පහර 12ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 127ක් රැස් කළේය. තෙවැනි දිනයේ නිමාව සනිටුහන් වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාලු ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් ලබා සිටියහ.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 352 (පන්දුවාර 111.3): නිලුශාන් නෝනිස් 34, දිල්හාන් කුරේ 86, ශාලික කරුණානායක 45, එරංග රත්නායක 62, චාමික කරුණාරත්න 3/80, දුලාංජන මෙන්ඩිස් 2/66, ජීවන් මෙන්ඩිස් 4/87.

ටැමිල් යූනියන් – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 109.5): සිතාර ගිම්හාන් 127, තරංග පරණවිතාන 84, ජීවන් මෙන්ඩිස් 39, රොෂාන් ජයතිස්ස 5/101, සජීව වීරකෝන් 4/96.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 189 (පන්දුවාර 49): නිලූශාන් නෝනිස් 43, ශාලික කරුණානායක 38, දිනුක් වික්‍රමනායක 2/27, දුලාංජන මෙන්ඩිස් 2/56.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

තරගයේ දෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බදුරලිය පිතිකරුවන් කඩුලු 2ක් දැවී ලකුණු 223ක් ලබා සිටියි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් බදුරලිය ක්‍රීඩකයින් එහිදී ලකුණු 156කට සියලු කඩුලු අහිමි කරගත් අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 233ක් රැස් කළහ. එහිදී කැපී පෙනෙන පිති හරඹයක යෙදුනු නිපුන් කරුණානායක හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 108ක් වාර්තා කළේය.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 51): ශෙහාන් ප්‍රනාන්දු 46, විශ්ව විජේරත්න 47, සචින් හේවාවසම් 26, මලිත් මහේල 5/41, ටනීශ වීරකෝන් 3/24.

බ්ලූම්ෆීල්ඩ් – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 68.1): නිපුන් කරුණානායක 108, අදීශ නානායක්කාර 79, අසංක සිල්වා 4/50, දුවිඳු තිලකරත්න 3/39.

බදුරලිය ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 223 (පන්දුවාර 52): ශෙහාන් ප්‍රනාන්දු 86, සචින් හේවාවසම් 48, නිපුන් කරුණානායක 2/19.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

සැරසන්ස් මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 302ට පිලිතුරු වශයෙන් අද BRC පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 197ක් පමණි. සාර්ථක පන්දු යැවීමක නිරත වුනු වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත BRC පිතිකරුවන් පස් දෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. සුරාජ් රන්දිව් ලකුණු 58ට කඩුලු 4යි.

දිනය නිමාවන විට සැරසන්ස් පිතිකරුවෝ දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබා සිටිති.

සැරසන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 302 (පන්දුවාර 79.5): ඉරෝෂ් සමරසූරිය 72, උමේෂ් කරුණාරත්න 84, දෙනුවන් රාජකරුණා 69, චතුර රන්දුනු 28, දිනුක හෙට්ටිආරච්චි 5/96, ඇන්ඩි සොලමන් 2/25, ටී. එම්. සම්පත් 3/64.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 197 (පන්දුවාර 74.3): දේශාන් ඩයස් 32, හශේන් රාමනායක 31, කසුන් රාජිත 5/72, සුරාජ් රන්දිව් 4/58.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 40 (පන්දුවාර 14): ඉරෝෂ් සමරසූරිය 21*, නෙරංජන වන්නිආරච්චි 1/11.


කොළඹ ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩකයින් මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 218ක් රැස් කල අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කල යුධ හමුදා ක්‍රීඩා සමාජය CCC ඉනිමට ලකුණු දෙකක් මෙපිටින් තම ඉනිම නිමා කළහ. අද පස්වරුවේ තම දෙවැනි ඉනිම ඇරඹූ CCC පිතිකරුවන් දෙවන දිනයේ නිමාව සනිටුහන් වෙද්දී එක් කඩුල්ලක් දැවී ලකුණු 165ක් ලබා සිටිති.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 56.3): සචිත් පතිරණ 54, රොන් චන්ද්‍රගුප්ත 26, අශාන් ප්‍රියන්ජන් 32, ලහිරු මධුශංක 50*, අසේල ගුණරත්න 3/27, දුශාන් විමුක්ති 3/49, ලක්ෂාන් මධුශංක 2/34, විරාජ් පුෂ්පකුමාර 2/70.

යුධ හමුදා ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 216 (පන්දුවාර 82.1): දුශාන් විමුක්ති 78, කසුන් ද සිල්වා 31, ලක්ෂාන් සඳකැන් 4/71, සචිත් පතිරණ 3/70.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 165 (පන්දුවාර 40.3): රොන් චන්ද්‍රගුප්ත 84*, අශාන් ප්‍රියන්ජන් 58*.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

ප්‍රථම ඉනිමේ ලකුණු 385ක් රැස්කල NCC ඉනිමට ප්‍රතිචාර වශයෙන් හලාවත ක්‍රීඩකයින් ප්‍රථම ඉනිමට රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 285ක් පමණි. සඳුන් වීරක්කොඩි NCC ඉනිම වෙනුවෙන් ලකුණු 113කින් දායකත්වය සැපයීය. තරිඳු කෞෂාල් NCC පිළ වෙනුවෙන් ලකුණු 78කට කඩුලු 6ක් බිඳ දමමින් සුවිශේෂී දස්කම් දැක්වීය. ලකුණු 100ක වාසියක් සමඟින් දෙවැනි ඉනිම ඇරඹූ NCC පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 4ක් දැවී ලකුණු 87ක් ලබා සිටිති.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 385 (පන්දුවාර 88.1): නිරෝෂන් දික්වැල්ල 51, සඳුන් වීරක්කොඩි 113, පවන් වික්‍රමසිංහ 46, ඇන්ජෙලෝ පෙරේරා 45, නිමේෂ ගුණසිංහ 64, ෆර්වීස් මහරූෆ් 30, මලින්ද පුෂ්පකුමාර 5/74, මධූක ලියනපතිරණගේ 3/88.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 285 (පන්දුවාර 68.3): මහේල උඩවත්ත 89, විදුර අධිකාරි 64, තරිඳු කෞෂාල් 6/78, චතුරංග ද සිල්වා 3/104.

NCC (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 87 (පන්දුවාර 15): නිරෝෂන් දික්වැල්ල 24, ඇන්ජෙලෝ පෙරේරා 24*, මධූක ලියනපතිරණගේ 3/20.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

අද දෙවන දිනයට ක්‍රියාත්මක වූ තවත් තරගයක් වන මෙහි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුවර්ස් පිතිකරුවන් සියලු දෙනාම දැවී ලකුණු 217ක් රැස්කර ගැනීමට සමත් විය. මුවර්ස් ඉනිමට සාර්ථකව පිලිතුරු ලබා දුන් රාගම ක්‍රීඩකයින් සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 361ක් වාර්තා කළහ. දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන මුවර්ස් ක්‍රීඩකයෝ ලකුණු 120කට කඩුලු 6ක් දැවී අසීරු තත්වයක පසුවේ.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 217 (පන්දුවාර 55.2): ප්‍රිමෝශ් පෙරේරා 64, රුවිඳු ගුණසේකර 27, ශානුක දුලාජ් 36, අමිල අෆොන්සු 4/40, සහන් නානායක්කාර 3/52, ඉශාර  අමරසිංහ 2/39.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 361 (පන්දුවාර 86.2): උදාර ජයසුන්දර 112, රොෂේන් සිල්වා 79, ලහිරු මිලන්ත 63, සචිත්‍ර පෙරේරා 5/119.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 120 (පන්දුවාර 37): රුවිඳු ගුණසේකර 57, තරිඳු මෙන්ඩිස් 39, සහන් නානායක්කාර 3/23.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට