16න් පහළ රග්බි අවසන් තරග වෙනත් දිනයකට

197

වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් පහළොස් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරග එළඹෙන ඔක්තෝබර් මස 01 වන දින පැවැත්වීමට නියමිතව තිබුණත්, එම තරග එළඹෙන සිකුරාදා (29) කොළඹ තුර ඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර ඇත.

ඉසිපතනය, විද්‍යා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක් අවසන් වටයට

පාසල් රග්බි සංගමය, මයිලෝ ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 16න් පහළ එක පිළකට…

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පසුගිය සඳුදා (25) අවසන් වූ අතර එහි දී කොළඹ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතා කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව තරගාවලියේ අවසන් තරග ඔක්තෝබර් මස 01 වන දින පැවැත්වීමට නියමිතව තිබුණත් එදින ක්‍රීඩා පිටිය ලබා ගැනීමට නොහැකි වීම නිසා එය එළඹෙන සිකුරාදා (29) පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තීරණය කර ඇත.

ඒ අනුව එදින අවසන් තරග ප.ව. 1.00 ට ආරම්භ වන අතර ඉන් අනතුරුව පිළිවෙළින් පළිහ, බඳුන, පළඟ සහ ශූරතා කුසලානය සඳහා වන අවසන් තරග පැවැත්වෙනු ඇත.

14න් පහළ රග්බි කිරුළ අපරාජිත සාන්ත පීතර විද්‍යාලයට

නෙස්ලේ සමාගමේ අනුග්‍රහය සමඟ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මගින් සංවිධානය කරන ලද “මයිලෝ වයස…

අවසන් තරගවල තරග කාලසටහන පහත පරිදිය:

  • පීරිසි කුසලාන අවසන් තරගය: සහිරා විද්‍යාලය – ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය ප.ව. 01.00
  • පළිහ කුසලාන අවසන් තරගය: මලියදේව විද්‍යාලය – පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ප.ව. 02.00
  • බඳුන කුසලාන අවසන් තරගය: වෙස්ලි විද්‍යාලය – තර්ස්ටන් විද්‍යාලය ප.ව. 03.00
  • පළඟ කුසලාන අවසන් තරගය: ඩී. එස්. සේනානායක විද්‍යාලය – ලුම්බිණි විද්‍යාලය ප.ව. 04.00
  • ශූරතා කුසලාන අවසන් තරගය: ඉසිපතන විද්‍යාලය – විද්‍යා විද්‍යාලය ප.ව. 05.00

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට