13න් පහළ පාසල් ක්‍රිකට් ශූරතාව බෙදී යයි

U13 Division 1 Schools Cricket Tournament 2024/25

102

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ඊයේ (12) දිනයේ දී ක්‍රියාත්මක වුනා. 

කෙසේ වෙතත් මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයෙන් විසඳුමක් කරා යාමට හැකියාව ලැබුණේ නැහැ. 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගය පළමුව කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, අයහපත් කාලගුණික තත්ව නිසා පානදුර සාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණය දක්වා වෙනස් කිරීමට සිදු වුනා. 

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දේවපතිරාජ ක්‍රීඩකයින් ලකුණු 202ක් ලබමින් ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, මෙහි දී දෙනුවන් යෝශිත ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනා. මීට අමතරව දියත් සංජිත ලකුණු 40ක් ලබාගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් මීට එරෙහිව සිය පිළිතුරු ඉනිම දියත් කළ ඩී.එස්.සේනානායක ක්‍රීඩකයින් ලකුණු 42ක් ලබා සිටිය දී නැවතත් තරගය නතර කිරීමට සිදු වුනා. 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය  

(පානදුර සාන්ත ජෝන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී) 

  • දේවපතිරාජ විද්‍යාලය -202/7d (45.4) දෙනුවන් යෝශිත 54, දියත් සංජිත 40, අදීෂ ගෞතෙම් 39, ශාක්‍ය කේශාන් වීරසේකර 1/10 
  • ඩී.එස්.සේනානායක විද්‍යාලය – 42/0 (4.4) 

තරගය විසඳුමකින් තොරව අවසන් වුනා. 

මේ අනුව 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ සම ශූරයින් ලෙස රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය කිරුළු දැරීමට සමත් වුනා. 

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<