චානක රුවන්සිරි දවසේ වීරයා බවට පත් වේ

SLC Major Club 3 Day Tournament

141

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (17) දවසේ වීරයා බවට පත් වීමට Baduraliya කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන චානක රුවන්සිරි සමත් වුනා.  

ඔහු Ragama කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී ලකුණු 37කට කඩුලු 8ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ පළමු පෙළ තරග 86ක හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගත්තා.  

මේ අතර Panadura කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන නිමේෂ් විමුක්ති Colts කණ්ඩායමට එරෙහි ව ලකුණු 104කට කඩුලු 6ක් දවා ගනිමින් ද සහ  BRC කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන මොහොමඩ් ශිරාස් Kandy Custom කණ්ඩායමට එරෙහි ව ලකුණු 37කට කඩුලු 5ක් දවා ගනිමින් ද පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දක්වනවා.  

දවසේ පිතිකරුවන් අතුරින් කැපී පෙණෙන දක්ෂතා දක්වන්නේ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ලක්ෂාන්..  

ඔවුන් දෙදෙනා අතුරින් SSC කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 123ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා. එය කුසල් මෙන්ඩිස්ගේ පළමු පෙළ තරග 105ක 18 වැනි ශතකයයි.  

එමෙන් ම Colts කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් Panadura කණ්ඩායමට එරෙහි ව පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා. එය ඔහුගේ 54ක් වන පළමු පෙළ තරගවල 4 වැනි ශතකයයි.  

ඊට අමතර ව Negombo කණ්ඩායමේ හිමාෂ ලියනගේ සහ මිලින්ද සිරිවර්ධන, Baduraliya කණ්ඩායමේ ගීත් කුමාර, Panadura කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු, Colts කණ්ඩායමේ ශෙරාන් ෆොන්සේකා සහ කවිශ්ක අංජුල, SSC කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහ දිනයේ අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් වුණා.  

මේ අතර Baduraliya කණ්ඩායමේ දුල්නිත් සිගේරා අද දවසේ දී පළමු පෙළ තරග වරම් දිනා ගැනීමට සමත් වුනා.   

තරගවල කෙටි ලකුණු පුවරු 

Group A 

Police SC සහ Negombo CC අතර තරගය කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී. 

  • Negombo – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 266 (90.0) ඩිල්ශාන් මුණවීර 44, කේශාන් වන්නිආරච්චි 26, හිමාෂ ලියනගේ 65, මිලින්ද සිරිවර්ධන 83, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 29, දිලුම් සුදීර 4/87 

Baduraliya CC සහ Ragama CC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

  • Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (28.1) ගවිරු සෙන්හස් 21, යොහාන් ලියනගේ 21, චානක රුවන්සිරි 8/37 
  • Baduraliya – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 231 (61.0) දුනිත් ජයතුංග 39, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31, චානක රුවන්සිරි 40, ගීත් කුමාර නොදැවී 64, රනේෂ් සිල්වා නොදැවී 42, ශෂික දුල්ෂාන් 2/76 

Panadura SC  සහ Colts CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.  

Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (74.3) දිනේෂ් චන්දිමාල් 28, ධනංජය ලක්ෂාන් 104, සනෝජ් දර්ශික 33, ශෙරාන් ෆොන්සේකා 63, කවිශ්ක අංජුල 57, නිමේෂ් විමුක්ති 6/104 

Panadura – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 69 (11.0) ඕෂද ප්‍රනාන්දු නොදැවී 50 

Group B 

SSC සහ CCC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී. 

  • SSC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 304 (81.0) ශෙවෝන් ඩැනියෙල් 23, නුවනිඳු ප්‍රනාන්දු 40, කුසල් මෙන්ඩිස් 123, චමිඳු වික්‍රමසිංහ නොදැවී 59, දිනුර කළුපහන නොදැවී 19, අසිත ප්‍රනාන්දු 2/56, විශ්ව ප්‍රනාන්දු 2/51 

BRC සහ Kandy Custom SC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී. 

Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (27.3) ශෙහාන් ප්‍රනාන්දු 33, සහන් කෝසල 21, රොස්කෝ තට්ටිල් 33, ඉමේෂ් උදයංග 21, මොහොමඩ් ශිරාස් 5/37, මාලින්ද පුෂ්පකුමාර 2/43, මෝවින් සුබසිංහ 2/18 

BRC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 213 (60.0) නවිඳු විතානගේ 38, රිසිර වීරසූරිය 23, දිනිරු අබේවික්‍රමසිංහ 38, චාමික හීනටිගල නොදැවී 37, බුද්ධික සංජීව 3/43, සචිත්‍ර පෙරේරා 3/50 

Tamil Union C & AC සහ Kurunegala YCC අතර තරගය කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේ දී.  

Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (78.4) රශ්මික මධුශංක 56, සමීර සඳමාල් 42, අසන්ත බස්නායක 28, දිනුෂ්ක මාලන් 31, අසංක මනෝජ් 2/40, තරිඳු රත්නායක 3/69, නවෝද් පරණවිතාන 3/33 

Tamil Union – පළමු ඉනිම කඩුල්ලක් දැවී 31 (9.0) මනෙල්ක ද සිල්වා නොදැවී 18 

මෙම තරග සියල්ල හෙට (18) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<