සහන් කෝසල 2 වැනි ශතකයත් වාර්තා කරයි

SLC Major Club 3 Day Tournament

26
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති තරගයක දී Kandy Custom කණ්ඩායමේ සහන් කෝසල ශතකයක් වාර්තා කළ අතර එය මෙවර තරගාවලියේ ශතක ලැයිස්තුවේ ශතක ද්විත්වයක් රැස් කළ පළමු වැන්නා බවට පත් වුනා.

SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 128ක් ලබා ගත් ඔහුගේ ඉනිම පන්දු 106කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් ද එක් ව තිබුණා. 22 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරුවෙක් වන සහන් මෙවර රැස් කරන ලද්දේ තම පළමු පෙළ තරග 24ක 3 වැනි ශතකයයි.

මේ අතර Colts කණ්ඩායමේ රවිඳු රසාන්ත සහ දිනේෂ් චන්දිමාල් ACE Capital කණ්ඩායමට එරෙහි ව අද ශතක වාර්තා කළා.

රවිඳු රසාන්ත පන්දු 260කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් මේ වෙද්දී නොදැවී ලකුනු 173ක් ලබා සිටින අතර එය ඔහුගේ 14ක් වන පළමු පෙළ තරගවල ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද මේ වන විට පත් ව තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 130ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ 34 වැනි ශතකයයි.

ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 252ක දී ලකුණු 225ක සබඳතාවක් එක් කිරීමට සමත් වීම ද අද දිනයේ කැපී පෙණෙන සිදුවීමක් වුනා.

එමෙන් ම NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල Tamil Union කණ්ඩායමට එරෙහි ව පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා. එය ඔහුගේ 136ක් වන පළමු පෙළ තරගවල 15 වැනි ශතකයයි.

Nugegoda කණ්ඩායමේ අවිශ්ක පෙරේරා ද CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 17ක 2 වැනි ශතකයයි.

මේ අතර BRC කණ්ඩායමේ රිසිර වීරසූරිය තම පළමු පෙළ මංගල ශතකය ලකුණකින් අහිමි කර ගනිද්දී Chilaw කණ්ඩායමේ ලසිත් ලක්ෂාන්, Kandy Custom කණ්ඩායමේ ෂෙහාන් ප්‍රනාන්දු සහ රොස්කෝ තට්ටිල්, Colts කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යවන්නන් අතුරින් Police කණ්ඩායමේ දිලුම් සුදීර Baduraliya කණ්ඩායමට එරෙහි ව සහ Panadura කණ්ඩායමේ මොහොමඩ් ඩිල්ශාඩ් Ragama කණ්ඩායමට එරෙහි ව කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නන් බවට පත් වුනා.

මේ අතර Negombo කණ්ඩායම වෙනුවෙන් හංසජ හිරුණ, Police කණ්ඩායමේ රශ්මික හිරුශාන් සහ Tamil Union කණ්ඩායම වෙනුවෙන් විහස් තෙව්මික පළමු පෙළ වරම් දිනා ගත්තා.

තරගවල කෙටි ලකුණු පුවරු

A කාණ්ඩය

Baduraliya CC සහ Police SC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (49.0) ගීත් කුමාර 35, නලින් ප්‍රියදර්ශන 3/43, දිලුම් සුදීර 5/47

Police – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 88 (17.4) හේෂාන් ධනුශ්ක 38, රශ්මික හිරුශාන් නොදැවී 48

Chilaw MCC සහ Negombo CC අතර තරගය සූරියවැව ක්‍රීඩාංගණයේ දී.

Chilaw MCC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 273 (80.0) අශාන් රන්දික 36, ලසිත් ලක්ෂාන් 94, කසුන් විදුර 21, ෂෙහාන් ජයසූරිය නොදැවී 49, පැතුම් කුමාර නොදැවී 34, හංසජ හිරුණ 2/51

Panadura SC සහ Ragama CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 161 (44.5) දිනෙත් තිමෝද්‍ය 26, යොහාන් ලියනගේ 28, සංතුශ් ගුණතිලක 26, ගජිත කොටුවේගොඩ 27, මොහොමඩ් ඩිල්ශාඩ් 5/44, ඉම්තියාස් ස්ලාසා 3/51

Panadura – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 108 (26.0) රමින්ද විජේසූරිය 43, රුමේෂ් බුද්ධික නොදැවී 19, සංතුශ් ගුණතිලක 3/22

Colts CC සහ ACE Capital CC අතර තරගය හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී.

Colts – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 390 (81.0) රවිඳු රසාන්ත නොදැවී 173, දිනේෂ් චන්දිමාල් 130, ඇන්ජලෝ මැතිව්ස් 70

B කාණ්ඩය

Kandy Custom CC සහ SSC අතර තරගය බෞද්ධාලෝක මාවත තර්ස්ටන් පිටියේ දී.

Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 424 (79.2) ෂෙහාන් ප්‍රනාන්දු 68, සහන් කෝසල 128, රොස්කෝ තට්ටිල් 58, සචිත්‍ර පෙරේරා 44, බුද්ධික සංජීව නොදැවී 37, දිනුර කළුපහන 2/95, ප්‍රභාත් ජයසූරිය 4/160, කවිඳු නදීශාන් 3/71

SSC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 19 (8.0)

CCC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

Nugegoda – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 292 (75.0) ඩිලාන් ජයලත් 30, අවිශ්ක පෙරේරා 106, ඇන්ජලෝ පෙරේරා 26, කෙවින් පෙරේරා 49, රාහුල් ගුණසේකර නොදැවී 24, චමත් ගෝමස් 22, ඉසුරු උදාන 2/26, චමිඳු විජේසිංහ 2/63, ධනංජය ද සිල්වා 3/70

Kurunegala YCC සහ BRC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (82.0) රිසිර වීරසූරිය 99, දිනිරු අබේවික්‍රමසිංහ 35, මොවින් සුබසිංහ 27, ලහිරු ජයරත්න 2/53, දිනුශ්ක මාලන් 2/24, ඩිලංක අවර්ඩ්ට් 3/98

Kurunegala – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 19 (6.0) නවීන් ප්‍රනාන්දු 2/06

Tamil Union C & AC සහ NCC අතර තරගය කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේ දී.

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 283 (61.4) නිරෝෂන් දික්වැල්ල 108, ලහිරු උදාර 39, කමිල් මිෂාර 23, කවින් බණ්ඩාර 44, දුශ්මන්ත චමීර නොදැවී 23, විහස් තෙව්මික 2/47, තරිඳු රත්නායක 2/76, විජයකාන්ත් වියස්කාන්ත් 3/45, නවෝද් පරණවිතාන 2/32

Tamil Union – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 117 (32.2) නවෝද් පරණවිතාන 50, තුලින ඩිල්ශාන් 40

මෙම තරග සියල්ල හෙට (11) 2 වැනි දිනයට ක්‍රියාත්මක වේ.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<