ඇමති සජිත්ගෙන් දැල්පන්දු ක්‍රීඩිකාවන්ට තල්ලුවක්

142

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම එම තරගාවලියට පෙර පුහුණු තරගාවලියක් සඳහා බොට්ස්වානා වෙත යාමට නියමිතයි. මෙම සංචාරය සඳහා අවශ්‍ය කරන ගුවන් ටිකට්පත් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම බොට්ස්වානා සංචාරයක

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලැබූ ඉහළම ජයග්‍රහණයක් ලෙස

ක්‍රීඩිකාවන් 12 දෙනෙකු හා නිලධාරීන් 3 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා රුපියල් 3,568,500ක මුදලක් වැය වන අතර එම මුදල අමාත්‍යවරයාගේ පෞද්ගලික මුදලින් හා අනෙකුත් අරමුදල්වලින් සැපයීමට අමාත්‍යවරයා තීරණය කර තිබේ.

2018 වසරේ ආසියානු දැල්පන්දු තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ජූලි මාසයේ දී එංගලන්තයේ ලිවර්පූල් හිදී ආරම්භ වීමට නියමිතයි.

ටිකට්පත් සඳහා අනුග්‍රහය ලබා දෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,

“අපි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කරන්න නම් දේශපාලනය ක්‍රීඩාවෙන් ඉවත් කරන්න ඕන. දේශපාලනඥයන් සම්බන්ධ ක්‍රීඩාවන් සුව කළ නොහැකි තුවාලයක් වගේ වෙනවා.”

ඔහු තවදුරටත් පවසා සිටියේ ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. තවද ක්‍රීඩාවලට අදාළව නිලතල දරණ දේශපාලනඥයන්ගෙන් ද එම තනතුරුවලින් ඉවත්ව සුදුසුකම් සහිත පුද්ගලයන් වෙත ක්‍රීඩාව දියුණු කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා මේ වනවිට එංගලන්තය ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. එළඹෙන ජූලි මස 12 ආරම්භ වීමට

අමාත්‍යවරයා මීට මාස කිහිපයකට පෙර කණ්ඩායම සමඟ පැවති හමුවක දී කණ්ඩායමට පොරොන්දු වූ පරිදි මෙම සංචාරය සඳහා අනුග්‍රහය දැක්වීම පිළිබඳව වෙත තම කෘතඥතාවය පලකර සිටීමට ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම වෙනුවෙන් නායිකා චතුරංගි ජයසූරිය කටයුතු කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බොට්ස්වානා තරග සංචාරය දින 11ක සංචාරයක් වන අතර එය මැයි මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ බොට්ස්වානා සංචාරය පිළිබඳව සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<