මහේල ධුරය හැර යයි!

ICC Men's T20 World Cup 2024

133
ICC Men's T20 World Cup 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුර දැරූ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීම බාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සඳහන් කරනවා.

හිටපු ශ්‍රී ලංකා නායක ජයවර්ධන විසින් සිය තනතුර හෙබවූ කාලය තුළ ජාතික කණ්ඩායමේ සහ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සිදුකිරීමට සහය වුනා.

2021 වර්ෂයේ දී මෙම තනතුරෙහි වගකීම් බාරගත් මහේල විසින් ඉටු කළ මෙහෙය වෙනුවෙන් ස්තුතිය පුදකරන බව මෙන්ම, ඔහුගේ අනාගත කටයුතු සඳහා සුබපැතුම් එක් කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහි දී සඳහන් කරනවා.

දේශීය ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<