IPL තරග කාලසටහනේ වෙනසක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

687
Lucknow Super Giants to face Chennai Super Kings

Lucknow හී පැවැත්වෙන නාගරික මැතිවරණය නිසා මැයි 04 වැනිදා පැවැත්වීමට තිබූ Lucknow Super Giants සහ Chennai Super Kings අතර තරගය මැයි 03 වැනිදා දක්වා ඉදිරියට ගෙන ඒමට තරගාවලි සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

තරග දෙකක් පැවැත්වෙන දිනයක පළමු තරගය ලෙස (පස්වරු 3.30) මෙම තරගය ආරම්භ වීමට තිබූ අතර දිනයක් ඉදිරියට ගෙන ආවත් එම තරගය පෙර වේලාවට ම ආරම්භ කිරීමට නියමිතයි.

එනම් මැයි 03 වැනිදා සවස තරගය ලෙස Lucknow Super Giants සහ Chennai Super Kings අතර තරගය පැවැත්වෙද්දී, රාත්‍රියේ දී Punjab Kings සහ Mumbai Indians කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබෙනවා.

මෙම කාලසටහනේ සිදු වූ වෙනස සමඟ Lucknow Super Giants ක්‍රීඩකයින්ට ලැබෙන විවේකය එක් දිනකට සීමා වන අතර ඔවුන් මැයි 01 වැනිදා Royal Challengers Bangalore සමඟ තරග වැදීමට නියමිතයි.

Chennai Super Kings ක්‍රීඩකයින් මැයි 3 වැනිදා තරගයට පෙර අප්‍රේල් 30 වැනිදා Punjab Kings සමඟ තරග වැදීමට සුදානමින් පසු වෙන නිසා Super Giants ක්‍රීඩකයින්ට වඩා තරමක විවේකයක් ඔවුන්ගේ ක්‍රීඩකයින්ට හිමි වෙනවා.

මීට පෙර ද 2009 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය නිසා තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වූ අතර 2014 වසරේ මැතිවරණය නිසා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ කිරීමට සංවිධායකයින්ට සිදු වුනා.

මෙම වසරේත් මැතිවරණ කටයුතු නිසා බොහෝ කණ්ඩායම්වලට සිය නගරයෙන් පිටත තරග රැසක් ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. RCB ක්‍රීඩකයින් සිය පළමු තරග අටෙන් හයක් සිය මව් ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කිරීමට නියමිත නමුත් මැතිවරණය නිසා තරග පහක් පිටත ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදු වෙනවා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<