LPL නියාමනය කිරීමට විශේෂ පාලක මණ්ඩලයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

518

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු LPL තරගාවලි නියාමනය කිරීම වෙනුවෙන් විශේෂ පාලක මණ්ඩලයක් (governing body) පත් කිරීමට කටයුතු සිදු කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

එම විශේෂ පාලක මණ්ඩලය ඉදිරි මාසය ඇතුළත පත් කිරීමට නියමිත බවත්, ඒ අනුව එම තරගාවලි ඉතාමත් හොඳ විනිවිදභාවයක් සහිතව නියාමනය කිරීමට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යතුමා එහි දී පවසා සිටියා.

“LPL තරගාවලියේ මීළඟ අදියර 2021 වසරේ අගෝස්තු මාසයේ දී පවත්වනවා. අපි තව මාසයක් යනකොට LPL governing body එකක් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම ඉදිරියේ දී ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයෙන් මම අනුමැතිය ලබා ගන්නවා.”

තවත් ක්‍රිකට් පුවත්:

එසේම වසර 8ක් තිස්සේ පැවැත්වීමට නොහැකි වුනු මේ තරගාවලිය නැවත කෙසේ හෝ ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවත්, ඒ සමාගමේ පාඩුව තමන්ට අදාළ නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන ලාභය පමණක් තමාට වැදගත් වන බව එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

තවද ඒ සඳහා සහය ලබා දුන්නා පුද්ගලික අංශයේ ආයතනය ද (IPG) රැකගෙන තරගාවලිය ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන ගමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ ආයතනය වෙත ලබා දී තිබෙන සැලසුමට අනුව මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද පවසා සිටි අමාත්‍යතුමා අවසන් ලෙස පවසා සිටියේ එසේ කිරීමට නොහැකි වුවහොත් එම මුදල් ලබා ගැනීමට නීතිමය පියවර ගන්නා බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන් වූ මෙවැනි ආකාරයේ  franchise තරගාවලිවලට අමතරව තවත් ක්‍රීඩා කිහිපයක් සඳහා ඉදිරියේ දී මෙවැනි ආකාරයේ ක්‍රීඩා තරගාවලි සංවිධානය කිරීමට සැලසුම් කරමින් සිටින බව ද ඔහු ඊයේ පැවති එම පාර්ලිමේන්තු සැසියේ දී කියා සිටියා.

“සෑම franchise ආකාරයේ තරගාවලි සඳහා එහෙමත් නැත්නම් කියනවා නම් ආයෝජකයෝ එක්ක යන commercial concept එකේ තරගාවලි නියාමනය කිරීම සඳහාත් කමිටුවක් පත් කරනවා. ඒ ඒ කමිටු විසින් ඒ හැම ක්‍රීඩාවකම පැවැත්ම පිළිබඳව නියාමනය කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති එක්ක කමිටුවක් පත් කරනවා.

මේක අලුත් සංකල්පයක් අපේ රටේ මේ වගේ සංකල්පයක් මීට කලින් ක්‍රියාත්මක වෙලා නැහැ. LPL තරගාවලිය වගේම වොලිබෝල්, කබඩි, බීච් වොලිබෝල්, නෙට්බෝල්, සත් සාමාජික රගර්වලටත් මේ වගේම තරගාවලි පවත්වන්න අවශ්‍ය විශේෂ කමිටු පත් කරන්න සූදානමින් ඉන්නවා” යැයි අමාත්‍යතුමා එහි දී වැඩිදුරටත් පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<