යුද – පොලිස් ගැටුමට ජයග්‍රාහකයෙක් නැහැ

72

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතියේ තරගයක් යුද හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අද (17) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී නිමාවට පත්වූයේ ලකුණු 26-26ක් සම ලකුණු පුවරුවක් සමඟිනි.

DRL හත්වැනි සතිය: කොළඹ නුවර සටනින් ජය කාටද?

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතියේ තරග එළඹෙන…..

තරගයේ පස්වැනි විනාඩියේ දී සුජාන් කොඩිතුවක්කුගේ සහයෙන් පන්දුව තමන් අතට ගත් සචිත් සිල්වා පොලීසිය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නලීන් කුමාර සමත් විය. (යුද 00 – 07 පොලිස්)

නැවතත් තරගයේ 11 වැනි විනාඩියේ දී යුද හමුදාව අත තිබූ පන්දුව ඩැහැගනිමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සචිත් සිල්වා සමත් වූ අතර එහි ප්‍රවර්තනයේ අතිරේක ලකුණු එකතු කරන්නට නලීන් සමත් විය. (යුද 00 – 14 පොලිස්)

තරගයේ 14 වැනි විනාඩියේ දී යුද හමුදා ක්‍රීඩකයෙකු අනාරක්ෂිත ලෙස මෙල්ල කිරීමේ වරදට පොලිස් ක්‍රීඩා සමාජයේ ඉමොසි වුණිවෝසාට කහ කාඩ්පතක් නිකුත් කළ අතර ඒ අවසරයෙන් තම කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ධනුෂ්ක තල්වත්ත සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට චමත් ප්‍රනාන්දු සමත් විය. (යුද 07 – 14 පොලිස්)

එසේම තරගයේ 19 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ යුද හමුදා ක්‍රීඩා සමාජය ටෝමාසි කකුසවූගේ ආධාරයෙන් යුද හමුදාව දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට චමත්ට හැකි විය. (යුද 14 – 14 පොලිස්)

තරගයේ 32 වැනි විනාඩියේ දී ක්‍රීඩකයෙකු අනාරක්ෂිතව මෙල්ල කිරීමේ වරදට හසු වූ පොලිස් ක්‍රීඩා සමාජයේ ළහිරු පවිත්‍රට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේ ඔහුගේ කාලයෙන් විනාඩි 10ක් කණ්ඩායමට අහිමි කරමිනි.

ගුවන් සිහින කටුගා දමමින් පොලිස් මෙහෙයුම ඉදිරියටම

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක සති අන්තයක….

ක්‍රීඩකයෙකු අහිමි වීමේ අවාසියෙන් මනා ලෙස ප්‍රයෝජන ගත් ටෝමාසි කකුසවූ තරගයේ 34 වැනි විනාඩියේ දී අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට අශාන් බණ්ඩාර සමත් විය. (යුද 21 – 14 පොලිස්)

තරගයේ ප්‍රථම අර්ධය අවසන් වීමට මොහොතකට පෙර ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩා සමාජයේ විහඟ පිවිතුරු පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් තරගයේ ලකුණු සම කිරීමට නලීන් කුමාර සමත් විය. (යුද 21 – 21 පොලිස්)

ප්‍රථම අර්ධය: යුද හමුදා ක්‍රීඩා සමාජය 21 – 21 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය ආරම්භ වූ වහාම ක්‍රියාත්මක වූ යුද හමුදා ක්‍රීඩා සමාජය වේගයෙන් ඉදිරියට ඇදුණු අතර ඒ අවස්ථාවෙන් මනා ප්‍රයෝජන ගත් සුධාරක දික්කුඹුර තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට අශාන් බණ්ඩාරට හැකි වූයේ නැත. (යුද 26 – 21 පොලිස්)

මහනුවර අපරාජිතව ඉදිරියට

2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ සයවැනි සතියට අදාළ තරග ඊයේ (10) ආරම්භ විය.

තරගයේ 51 වැනි විනාඩියේ දී අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීමේ වරට ද විනිසුරු යුද හමුදා ක්‍රීඩා සමාජයේ මංජුල වීරසිංහට කහ කාඩ්පතක් නිකුත් කළේය. ඒත් සමගින් තම ඉදිරිපෙළ ශක්තිමත්භාවය පෙන්වමින් තරගයේ 52 වැනි විනාඩියේ දී පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ධනුෂ්ක එදිරිසූරිය උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (යුද හමුදා ක්‍රීඩා සමාජය 26 – 26 පොලිස් ක්‍රීඩා සමාජය)

තරගයේ 56 වැනි විනාඩියේ දී ක්‍රීඩකයෙකු අපරීක්ෂාකාරීව මෙල්ල කිරීමේ වරදට විනිසුරු යුද හමුදා ක්‍රීඩා සමාජයේ සචින් ගමගේට කහ කාඩ්පතක් නිකුත් කළේය.

අවසන් ලකුණු තත්වය: යුද හමුදා ක්‍රීඩා සමාජය 26 – 26 පොලිස් ක්‍රීඩා සමාජය

  • ThePapare.com තරගයේ වීරයා – ටෝමාසි කකුසවූ (යුද හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • යුද – ටෝමාසි කකුසවූ 2T, ධනුෂ්ක තල්වත්ත 1T, සුධාරක දික්කුඹුර 1T, අශාන් බණ්ඩාර 1C, චමත් ප්‍රනාන්දු 2C
  • පොලිස් – සචිත් සිල්වා 2T, විහඟ පිවිතුරු 1T, ධනුෂ්ක එදිරිසූරිය 1T, නලීන් කුමාර 3C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<