නවසීලන්ත – බංග්ලාදේශ ක්‍රිකට් ගැටුම කල් යයි

150

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මාර්තු මස 13 වැනි දින ආරම්භ වීමට නියමිත තිබූ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සතියකින් කල් දැමීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

එම තීරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර සිටියේ වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික තරගාවලියකට සූදානම් වීමට සහ සංචාරක කණ්ඩායමට සූදානම් වීමට කාලයක් ලබා දීම මුල් කරගනිමින් තරගාවලිය සතියකින් කල් දැමූ බවයි.

අවශ්‍ය කරන පහසුකම් සැලසීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය සැලසුම් කර දිනට වඩා දින හතකින් පසුපසට දැමීමට තීරණය කළා. තරගාවලිය පෙර සැලසුම් කළ ස්ථානයන්ගේ පැවැත්වෙන අතර තරගාවලියේ දිනයන් පමණක් වෙනස් වනු ඇත” යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.

ඒ අනුව මාර්තු මස 13, 17 සහ 20 වැනි දිනයින්හී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියේ තරග එම මස 20, 23 සහ 26 යන දිනයන්හී Dunedin, Christchurch සහ Wellington ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිත වේ.

එමෙන්ම මාර්තු මස 23, 26 සහ 28 යන දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20 ක්‍රිකට් තරග මාර්තු මස 28, 30 සහ අප්‍රේල් මස 01 යන දිනයන්හී Hamilton, Napier and Auckland ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට සූදානම් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම තරගාවලිය සඳහා කලින් ප්‍රවේශපත් වෙන්කරවා ගත් ප්‍රේක්ෂකයන් හට එම දිනයන් හෝ ස්ථානයන් වෙන් කර ඇති තරගයන් සඳහා සිය ප්‍රවේශපත් මුදල නැවත ලබා ගැනීම හෝ වෙනත් විකල්පයන් පිළිබඳව දැනුම් දෙන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයෙහි සඳහන් විය.

කොරෝනා වසංගත තත්වය ඉතාමත් හොඳින් පාලනය කළ දේශයක් ලෙස සැලකෙන නවසීලන්තයේ මීට පෙර ප්‍රේක්ෂකයන් සහභාගි කරගනිමින් සාර්ථක ක්‍රීඩා තරගාවලි කිහිපයක් පැවැත්වීමට හැකි විය.

බංග්ලාදේශ කණ්ඩායම 2019 වසරේ තරග සංචාරය අතරතුර දී නවසීලන්තයේ Christchurch නුවර දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව එරට සංචාරය කරන මුල්ම අවස්ථාව මෙය වන අතර කොරෝනා වසංගතයෙන් පසු ඔවුන් විදෙස් සංචාරයක් සඳහා එක්වන මුල්ම අවස්ථාව ද මෙය වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<