ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ Jaffna Kings කණ්ඩායම සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Galle Gallants කණ්ඩායම (7) සමත් වෙනවා.
ඔවුන් මෙම අවස්ථාව දිනා ගත්නේ ඉතිහාසයේ සිවු වැනි වරට වන අතර ඔවුන් ඊට පෙර 2020, 2021 සහ 2024 වසරවල අවසන් මහා තරගයට එක් වූවා. ඒ සෑම අවස්ථාවක ම ඔවුන්ට හිමි වූයේ අනුශූරතාව වන අතර ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ මෙවර ද ප්‍රතිවාදීයා බවට පත් යාපනය කණ්ඩායමයි.
>>Jaffna Kings, 5 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී<<
Qualifier 2 තරගය, Galle Gallants සහ Colombo Kaps, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colombo Kaps
මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Kaps ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 176ක් ලබා ගත් අතර එම ඉලක්කය තවත් පන්දු 8ක් සහ කඩුලු 6ක් ඉතිරි කර ගනිමින් ජයග්‍රහණය කිරීමට Galle Gallants ක්‍රීඩකයෝ සමත් වෙනවා.
Galle Gallants
දසුන් ශානක (නායක), Sam Harper (කඩුලු රකින්නා), Thomas Rogers, චරිත් අසලංක, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, Mohammad Nawaz, දිනුර කළුපහන, තරිඳු රත්නායක, සචිඳු කොළඹගේ, Akif Javed, ඒශාන් මාලිංග.
Colombo Kaps
කමිඳු මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), තනුක දාබරේ, Rubin Hermann, ජනිත් ලියනගේ, James Neesham, රවිඳු ප්‍රනාන්දු, මල්ෂ තරුපති, මිලාන් රත්නායක, වනුජ සහන්, Mujeeb Ur Rahman, Shahnawaz Dahani.
ජයග්‍රාහී එම ඉනිමේ දී Sam Harper හා එක් වූ චරිත් අසලංක වැඩි වැඩ කොටසක් ඉටු කළා. ලකුණු 21ක් වෙද්දී දැවී ගිය පළමු කඩුල්ලෙන් පසු එක් වූ ඔවුන් දෙදෙනා 2 වැනි කඩුල්ලට පන්දු 85ක දී ලකුණු 126ක් ලබා ගන්නවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ චරිත් අසලංක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා.
Sam Harper ජයග්‍රහණයට තවත් ලකුණු 21ක් ඉතිරි ව තිබිය දී ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී ගිය අතර ඒ වෙද්දී ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියා.
ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නායක දසුන් ශානක පන්දු 3ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ද සහ සහන් ආරච්චිගේ පන්දු 2ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී රවිඳු ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Mujeeb Ur Rahman සහ මල්ෂ තරුපති කඩුල්ල බැගින් දවා ගත්තා.
- Jaffna Kings ප්‍රසාද ලකුණු පුවරුව වෙනස් කරයි
- නිශාන්, රවිඳු සහ සොනාල් අර්ධ ශතක ලබා ගනී
- කෝඩුකාර සංජනා පාකිස්තානය පාලනය කරයි
- ලහිරු උදාර තරගාවලියේ මංගල ශතකය ලබා ගනී
- Galle Gallants කණ්ඩායමේ අපරාජිත කිරුළ ගිලිහෙයි
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Kaps කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ රවිඳු ප්‍රනාන්දු. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.
ඊට අමතර ව Rubin Hermann පන්දු 33ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නා ලද අතර ඔවුන් දෙදෙනා විසින් 6 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 70ක සබඳතාවක් ද එක් කරනවා.
ඔවුන්ට අමතර ව මල්ෂ තරුපති පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ ජනිත් ලියනගේ පන්දු 9ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චරිත් අසලංක සහ සචිඳු කොළඹගේ කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී Mohammad Nawaz, Akif Javed, තරිඳු රත්නායක සහ ඒශාන් මාලිංග කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Colombo Kaps – සියලුම දෙනා දැවී 176 (18.5) Rubin Hermann 45, ජනිත් ලියනගේ 23, රවිඳු ප්‍රනාන්දු 48, මල්ෂ තරුපති 28, චරිත් අසලංක 2/34, සචිඳු කොළඹගේ 2/34
Galle Gallants – කඩුලු 4ක් දැවී 177 (18.4) Sam Harper 77, චරිත් අසලංක 59, රවිඳු ප්‍රනාන්දු 2/44
Galle Gallants කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
- තරගයේ වීරයා – Sam Harper (Galle Gallants)
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) Galle Gallants සහ Jaffna Kings කණ්ඩායම සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේ දී තරග වැදීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















