Home Sinhala Jaffna Kings ඉහළටම; Dambulla Sixers තවමත් පළමු ජය සොයයි

Jaffna Kings ඉහළටම; Dambulla Sixers තවමත් පළමු ජය සොයයි

Lanka Premier League 2024

54
jaffna kings vs dambulla sixers

2024 LPL තරගාවලියේ 8 වැනි තරගය ලෙස ඊයේ (06) ක්‍රියාත්මක වූ Jaffna Kings සහ Dambulla Sixers අතර තරගයෙන් ලකුණු 30ක ජයක් ලබා ගැනීමට Jaffna කණ්ඩායමට හැකියාව ලැබුණා. 

මෙම තරගයේ කාසියේ වාසිය Dambulla නායක Mohammad Nabi සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව Jaffna ක්‍රීඩකයින් තරගයේ පළමු ඉනිම ක්‍රියාත්මක කළා. 

මෙහි දී Jaffna වෙනුවෙන් ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉනිමට ලකුණු 30ක් එක් කිරීමට සමත් වුවත්, මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 18කට සීමා වීමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණා. මින් පසුව කඩුල්ලට පිවිසි Rilee Rossouw හට ද ඊයේ දිනයේ එතරම් සාර්ථක වීමට හැකියාව නොලැබුණු නමුත් ඉන් පසුව පැතුම් සමඟ කඩුල්ලේ එක් වූ අවිශ්ක ප්‍රනාන්දු තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. 

මෙහි දී පැතුම්ගේ පිත්තෙන් ලකුණු 88ක් වාර්තා වූ අතර, ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 53ක් පමණයි. එම ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 4කින් වර්ණවත් වූ අතර, හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30කින් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුනා. 

මීට අමතරව ඉනිමේ අවසන් භාගයේ දී පෙර තරගයේ මෙන්ම ක්‍රියාත්මක වූ Azmatullah Omarzai හයේ පහර තුනක් සමඟින් වේගවත් ලකුණු 19ක් ඉනිමට එකතු කළා. 

මෙහි දී Dambulla Sixers වෙනුවෙන් Mustafizur Rahman කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ඒ අනුව Jaffna Kings කණ්ඩායමෙන් Dambulla Sixers වෙත ලකුණු 219ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, එය හඹා යාම සඳහා Reeza Hendricks සහ කුසල් පෙරේරා පිටියට අවතීර්ණ වුනා. අද දිනය කුසල් හට නම් එතරම් සුබදායී නොවූ නමුත්, Reeza විසින් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් Dambulla වෙත හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වුනා. 

නමුත් ඔහුට අනෙක් පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ තරම් සහයක් නොලැබීම නිසා තරගයේ ග්‍රහණය දඹුල්ලෙන් ගිලිහී ගියා. මෙම ඉනිමේ දී Reeza පැතුම්ට නොදෙවෙනි ඉනිමක් දියත් කරමින් පන්දු 50ක් තුළ ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වුනා. මීට අමතරව Mark Chapman විසින් ලකුණු 30ක් සහ චමිඳු වික්‍රමසිංහ නොදැවුණු ලකුණු 20කින් ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා. 

නමුත් Dambulla Sixers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 188ක් පමණයි. 

මෙහි දී Jaffna Kings වෙනුවෙන් Tabraiz Shamsi, ප්‍රමෝද් මදුශාන් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

Result


Dambulla Sixers
188/8 (20)

Jaffna Kings
218/5 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Reeza Hendricks b Nuwan Thushara 88 53 9 4 166.04
Kusal Mendis c Mark Chapman b Mustafizur Rahman 18 12 1 1 150.00
Rilee Rossouw c Nuwanidu Fernando b Dushan Hemantha 12 11 0 1 109.09
Avishka Fernando c Mark Chapman b Chamindu Wickramasinghe 57 30 3 5 190.00
Charith Asalanka c Mark Chapman b Mustafizur Rahman 13 6 1 1 216.67
Azmatullah Omarzai not out 19 6 0 3 316.67
Fabian Allen not out 4 3 0 0 133.33


Extras 7 (b 0 , lb 6 , nb 1, w 0, pen 0)
Total 218/5 (20 Overs, RR: 10.9)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 48 1 12.00
Dilshan Madushanka 4 0 39 0 9.75
Mustafizur Rahman 4 0 39 2 9.75
Mohammad Nabi 3 0 37 0 12.33
Dushan Hemantha 4 0 38 1 9.50
Chamindu Wickramasinghe 1 0 11 1 11.00


Batsmen R B 4s 6s SR
Reeza Hendricks c & b Azmatullah Omarzai 80 50 9 3 160.00
Kusal Perera c Asitha Fernando  b Avishka Fernando 16 7 3 0 228.57
Dhanushka Gunathilake c Kusal Mendis b Asitha Fernando  1 3 0 0 33.33
Nuwanidu Fernando st Kusal Mendis b Tabraiz Shamsi 16 8 2 1 200.00
Mark Chapman c Ahan Wickramasinghe b Fabian Allen 30 17 5 0 176.47
Mohammad Nabi st Kusal Mendis b Tabraiz Shamsi 7 10 0 0 70.00
Chamindu Wickramasinghe not out 20 17 2 0 117.65
Dushan Hemantha c Kusal Mendis b Pramod Madushan 3 6 0 0 50.00
Dilshan Madushanka c Charith Asalanka b Pramod Madushan 0 1 0 0 0.00
Mustafizur Rahman not out 1 1 0 0 100.00


Extras 14 (b 0 , lb 4 , nb 0, w 10, pen 0)
Total 188/8 (20 Overs, RR: 9.4)
Bowling O M R W Econ
Pramod Madushan 4 0 48 2 12.00
Azmatullah Omarzai 4 0 46 1 11.50
Asitha Fernando  4 0 25 2 6.25
Tabraiz Shamsi 4 0 26 2 6.50
Fabian Allen 4 0 39 1 9.75



තරගයේ වීරයා පැතුම් නිස්සංක  

මෙම ජයත් සමඟින් Jaffna Kings කණ්ඩායම මෙවර තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වූ අතර, Dambulla Sixers කණ්ඩායම තවමත් සිය පළමු ජය සොයමින් ලකුණු සටහනේ අඩියට වී සිටිනවා. 

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<