ගෙවුණු දවස ඔක්තෝබර් 02 – යොවුන් ක්‍රීඩකයෝ ජ්‍යේෂ්ඨයින්ට ආදර්ශයක් වේ

348

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

බංග්ලාදේශයේ දී ක්‍රියාත්මක වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවැනි තරගය හෙවත් පාකිස්තානය අතර තරගයෙන් ලකුණු 23ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පළමු වටය යටතේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (02) සමත් වූහ.

ඒ අනුව ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව ඉකුත් වසරේ ආසියානු ශූරයින් බවට පත්වූ ඇෆ්ගනිස්තානය සමඟ අවසන් පූර්ව තරගයේ දී ක්‍රීඩා කිරීමට දැන් අවස්ථාව උදාකරගෙන සිටියි.

සම්පූර්ණ වාර්තාව: ජ්‍යෙෂ්ඨයින්ට ආදර්ශයක් වෙමින් යෞවනයෝ අවසන් පූර්ව තරගයට

15න් පහළ කුසලානය සමව බෙදී යයි

සිංගර් කුසලානය වෙනුවෙන් පැවති වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (2) මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ තර්ස්ටන් ක්‍රිකට් පිටියේ දීයි.

නමුත් ඊයේ හා ඊයේ උදෑසන කාලය පුරාවට ඇද හැලුණු අධික වර්ෂාව නිසාවෙන් ක්‍රීඩා පිටිය ක්‍රීඩා කිරීමට උචිත තත්වයක නොතිබූ නිසා ශූරතාවය සමව බෙදා දීමට තරග සංවිධායකයින් තීරණය කළේය.

සම්පූර්ණ වාර්තාව: 15න් පහළ ශූරතාවය සමව බෙදී යයි

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්