හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke 2024 LPL සමඟ එක් වෙයි!

LPL 2024

93

මෙවර LPL තරගාවලියේ සන්නාම තානාපති ලෙස හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke නම් කර තිබෙනවා.

මේ අනුව එළඹෙන ජුලි මස 01 සිට 21 දා තෙක් පැවැත්වීමට නියමිත 2024 LPL තරගාවලියේ ප්‍රවර්ධන වෙනුවෙන් Clarke විසින් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ඇති.

මම ක්‍රීඩා කරන්න ආසාවෙන් සිටි ශ්‍රී ලංකාවට නැවතත් එනකම් මට ඉවසිල්ලක් නැහැ. මට දැන් එන්න විතරක් නෙවෙයි, ඇවිත් තානාපති කෙනෙක් විදිහට වැඩ කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. දක්ෂයින් රැසක්, තරුණ ක්‍රීඩකයින් රැසක්, ඒ වගේම හොඳ විදෙස් ක්‍රීඩකයිනුත් ඉන්නවා. මේ තරගාවලිය සාර්ථක එකක් වෙන බවට සැකයක් නැහැ.

Michael Clarke එසේ සඳහන් කර තිබුණා.

එක්දින සහ ටෙස්ට් තරග ආකෘති යටතේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දුන් Clarkeගේ හොඳම ජයග්‍රහණය ලෙස 2015 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම හඳුන්වාදිය හැකි.

2024 LPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<