පිළිමළුන් පිටුදැකීමේ සටන ඇරඹේ; වේල්ස් කුමරුන්ට වැඩි වාසි!

291

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා එළිදැක්වීමට අපූරු තෝතැන්නක් වන සිංගර් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තරග ද්විත්වයක් ඊයේ (19) අවසන් වූ අතර තවත් තරග ද්විත්වයක් පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය.

නිශාන් මදුෂ්කගේ පිත්ත යළිත් ක්‍රියාත්මක වෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ….

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පිළිමළුන් පිටු දැකීමේ (Knockout) තරගය මෙයයි. මෙම විද්‍යාල දෙකම පසුගිය කාල සමයේ ඉතාමත් සාර්ථක වූ නිසා බොහෝ දෙනාගේ අවධානය මෙම තරගය කෙරෙහි යොමුවී පැවතුණි. කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ් විද්‍යාලය දෙවරක් නොසිතාම තෝරා ගත්තේ පිතිකරණයයි. නමුත් තමන්ට හුරුපුරුදු තණතිල්ල මතදී වේල්ස් කුමර විද්‍යාලයේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක කෞමාල් නානායක්කාර රිච්මන්ඩ් ඉනිම වනසා දමමින් ලකුණු 89ට කඩුලු 6ක් බිඳ දැමීය.

මෙම අවස්ථාවේ බිඳ වැටුණු රිච්මන්ඩ් ඉනිම ගොඩ ගැනීම රාජකාරිය පැවරුණේ ශ්‍රී ලංකා වර්ණ දැරූ රිච්මන්ඩ් ක්‍රීඩක සඳුන් මෙන්ඩිස්ටයි. ඔහු සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස්කර ගැනීම නිසා රිච්මන්ඩ් විද්‍යාලයට තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 162ක් වාර්තා කර ගැනීමට හැකි විය. දිනය නිමා වෙද්දී ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ආසන්නයට පැමිණ සිටින වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 120ක් ලබා සිටියි. ඒ වෙනුවෙන් මුල්පෙළ පිතිකරුවෙකු ලෙස ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු 43ක් රැස් කරගත් අතර නායක සුවත් මෙන්ඩිස් දිනයේ නිමාව දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 162 (පන්දුවාර 59.2)

සඳුන් මෙන්ඩිස් 50, අම්ශි ද සිල්වා 42, දිලුම් සුදීර 26, කෞමාල් නානායක්කාර 6/89, ලක්ෂාන් පෙරේරා 2/09.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 120 (පන්දුවාර 45)

ප්‍රින්ස් ප්‍රනාන්දු 43, සුවත් මෙන්ඩිස් 33*.


මොරටු මහා විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය

තරගයේ මුල් දිනයේ දී මොරටු මහා විද්‍යාලය තම ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 83ක් ඉදිරියෙන් සිටිමින් තම ඉනිම අත්හිටවූහ. ඒ ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 219ක් ලබා සිටිය දීයි. ඒ අනුව නැවත පිතිකරණය සඳහා පිවිසි කැළණිය ගුරුකුල විද්‍යාලය එහි දී ද සැලකිය යුතු තරමේ දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර ඔවුන් එහි දී රැස් කළේ ලකුණු 149ක් පමණි. නැවත වරක් ක්‍රියාත්මක වූ එරාන් හංසමාල් කඩුලු 4ක් බිඳ හෙලීය. ඔහු තරගය පුරාවට බිඳ හෙලූ කඩුලු ගණන 9කි. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 68ක පහසු ඉලක්කයක් හඹා ගිය මොරටු විද්‍යාලය කඩුලු 2ක් පමණක් දැවී පහසු ජයක් ලබා ගත්හ.

Photos: Gurukula College vs Moratu Maha Vidyalaya | U19 Cricket Tournament 2018/19

කැළණිය ගුරුකුල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 134 (පන්දුවාර 48.2)

ප්රවීන් නිමේශ් 34, සිතිජ චමෝද් 30, සසිත අශාන් 26, එරාන් හංසමාල් 5/35, රෂාන් කවිශ්ක 2/31.

මොරටු මහා විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 217 (පන්දුවාර 62.1)

නිශාන් මධුශ්ක 122, නුවන් චානක 2/11, නුවන්ත මදුශාන් 2/44, ප්රවීන් නිමේශ් 2/85

කැළණිය ගුරුකුල විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දුවාර 51.2)

චානක ඉශාන් 38, සිතිජ චමෝද් 33, ප්‍රවීන් නිමේශ් 31, නුවන් චානක 25, එරාන් හංසමාල් 4/68, රෂාන් කවිශ්ක 2/42.

මොරටු මහා විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 69 (පන්දුවාර 10.3)

අශේන් ආදිත්‍ය 35*, නිශාන් මදුශ්ක 29.

සුපිරි වීරයෝ හලාවත මේරියන්ස්ට පරාජය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ….

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය ලබා දුන් ලකුණු 246ක ඉලක්කය හඹා ගිය අන්තෝනි පිතිකරුවන් තම මුල් ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 144ක් පමණි. ඒ අනුව ලකුණු 3ක සුළු පරතරයකින් ඔවුන්ට නැවත හඹා යාමේ අවමානයට ද මුහුණ පෑමට සිදු විය.

අන්තෝනි ඉනිම සුනුවිසුනු කළ වමත් වේගපන්දු යවන ක්‍රීඩක තාරික් සබූර් කඩුලු 4ක් දවා ගත්තේය. කෙසේ නමුත් දෙවැනි ඉනිමේ දී ප්‍රවේසමෙන් පිතිකරණයේ යෙදුණු අන්තෝනි පිළ දිනය නිමාව දක්වාම නොදැවී සිටිමින් පූර්ණ තරග පරාජයෙන් ගැලවීමට සමත් වූහ. ඒ වෙනුවෙන් නායක තීක්ෂ ගුණසිංහ ලකුණු 40ක් රැස් කර ගත්තේය. ඒ අනුව මෙම තරගය නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 246 (පන්දුවාර 79.4)

දිනිත් අන්ජුල 91, රන්මිත් ජයසේන 60, කනිශ්ක ප්‍රනාන්දු 36, සසිත් හිරුදික 3/45, නිම්නක ජයතිලක 3/65, තම්ශන අබේකෝන් 2/26.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 66)

තම්ශන අබේකෝන් 62*, තාරික් සබූර් 4/29, වනුජ කුමාර 2/08.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (නැවත හඹා යාම) – කඩුලු 3ක් දැවී ලකුණු 69 (පන්දුවාර 37.5)

තීක්ෂ ගුණසිංහ 40, රුවින් සෙනවිරත්න 2/06.

සාන්ත ජෝසප් විද්‍යාලයට තවත් වාසියක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ….

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය

ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ආනන්ද විද්‍යාලය තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටයි. ඔවුන් තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 193ක් වාර්තා කර ගැනීමට සමත් වූහ.

වමතින් පිත්ත හසුරුවන දමින්ද රෙෂාන් සහ මුල්පෙළ පිතිකරු මොදිත රණතුංග තම විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ දමන්නට උපකාරී වූහ. ශ්‍රී ලංකා වර්ණ දැරූ ජෝසප් විද්‍යාලයේ නායක අශාන් ඩැනියෙල් කඩුලු 4ක් දවා ගත්තේය. පළමු දිනය නිමා වෙද්දී සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 175ක් ලබා සිටින්නේ පළමු ඉනිමේ ජය සඳහාත් හොඳ සටනක් නිර්මාණය කරමිනි. තවමත් කඩුල්ලේ රැඳී සිටින දිනෙත් ජයකොඩි නොදැවී අර්ධ ශතකයක් ලබා සිටියි.

කොළඹ ආනන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 49)

දමින්ද රෙෂාන් 51, මොදිත රණතුංග 51, කමේෂ් නිර්මාල් 21, කළණ විජේසිරි 27, අශාන් ඩැනියෙල් 4/55, අශාන් ද අල්විස් 2/33.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 6ක් දැවී ලකුණු 175 (පන්දුවාර 44)

ජොහාන් ද සිල්වා 59, දිනෙත් ජයකොඩි 50*, ශෙරාන් ෆොන්සේකා 31, සවිරු බණ්ඩාර 3/55.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<