වාර්තා පිට වාර්තා බිඳ දමන පුංචි කැකුළ; රුවන්සා වීරක්කොඩි

326
Ruwansa Weerakkodi

පසුගිය සිකුරාදා (10) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අවසන් වූ ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී, නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ රුවන්සා වීරක්කොඩි විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරමින් තරගාවලි වාර්තා 3ක් අලුත් කිරීමට සමත් වූ අතර ඒ අනුව ඇය දැක්වූ මෙම සුවිශේෂී දක්ෂතාවය පිළිබඳව ThePapare.com අපි ඇයගෙන් අදහස් විමසීමට තීරණය කළෙමු.

බාලක බාලිකා ශූරතා පිළිවෙළින් සාන්ත ජෝසප් සහ ජනාධිපති බාලිකාවන්ට

ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා තරගාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා…

තරගාවලියේ වැදගත්ම ඉසව් අතරින් ප්‍රධාන තැනක් ගත් වයස අවුරුදු 13න් පහළ බාලිකා මීටර 100 ධාවන ඉසව්වේ දී ඇය තත්පර 13.00ක කාලයක් වාර්තා කර ගනිමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර එහි දී ඇය බිඳ දමනු ලැබුවේ ඊට පෙර එම ඉසව්ව සඳහා තිබූ තත්පර 13.20ක තරගාවලි වාර්තාවයි. ඉන් අනතුරුව ඇය එම වයස් කාණ්ඩයේම මීටර 200 ඉසව්ව සඳහා සහභාගී වූ අතර එහි දී ද ඇය තත්පර 26.7ක කාලයක් වාර්තා කර ගනිමින් ඊට පෙර එම ඉසව්ව සඳහා තිබූ තත්පර 28.8ක වාර්තාව බිඳ හෙලමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. අනතුරුව දුර පැනීම ඉසව්වේ දී මීටර 4.88ක දක්‍ෂතාවයක් දැක්වූ ඇය තරගාවලියේ ඇයගේ තෙවන තරගාවලි වාර්තාව පිහිටු වනු ලැබීය. ඇය එහි දී බිඳ හෙලනු ලැබුවේ එම ඉසව්ව සඳහා 1994 වසරේ දී පිහිටු වනු ලැබූ මීටර 4.83ක වාර්තාවයි.

පුංචි කැකුළේ සිහිනය

“මගේ හීනය තව වසර 2කින් ජාතික කනිෂ්ඨ සංචිතයට තේරී පත්වෙන එක.” අප සමඟ අදහස් දක්වමින් රුවන්සා පැවසීය.

ඉතා ළාබාල අවධියේ දී මලල ක්‍රීඩාවට අත්පොත් තබන ඇය සෑමවිටම සිහින දුටුවේ මලල ක්‍රීඩාවේ ඉහළටම යාම කෙරෙහිය. කෙටි දුර ධාවන ඉසව් සඳහා ඉදිරිපත් වූ රුවන්සා ඇයගේ පළමු රන් පදක්කම දිනාගනු ලබන්නේ වයස අවුරුදු 8ක් තරම් කුඩා අවධියක දී ය.

දෙවන දිනයේ දී තවත් තරගාවලි වාර්තා රැසක් අලුත් වේ

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග අද (09) දෙවන දිනටත්..

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දක්‍ෂතාවල පුරෝගාමියා

පසුගිය වසර ආරම්භයේ දී නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස ඩිලාන් මෙන්ඩිස් මහතා පත්වී පැමිණීමත් සමඟ එම විද්‍යාලයේ මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය විශාල පරිවර්තනයකට ලක්විය. නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ වසර 21ක දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට සිරිකුරුස විද්‍යාලයේ ‘PTI’ වරයා ලෙස කටයුතු කරනු ලබයි. 2009 වසරේ දී ඔහු සමස්ත ලංකාවේ හොඳම පුහුණුකරු ලෙස ගෞරවයට පාත්‍ර විය.

ඒ අනුව මෙම මලල ක්‍රීඩා තරග වාරය තුළ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් ජාතික තලයේ මලල ක්‍රීඩා ශූරතාවලි 3ක දී සිය අණසක පතුරුවන්නට සමත් විය.

  • යාපනයේ දී පැවති 2017 සහය දිවීමේ සැණකෙළි ශූරතාවලියේ දී වයස අවුරුදු 14න් පහළ සහය දිවීමේ ශූරතාවය
  • 2017 සමස්ත ලංකා පාසල් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ශූරතාවය
  • 2017 ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාවය

පුහුණුකරුගේ උනන්දු කරවීම හරහා රුවන්සා සතියට දින 5ක් පුහුණුවීම් කටයුතු සිදු කිරීම සඳහා යොමු වී ඇත. “පුහුණු කටයුතු සිදු කරන වෙලාවට වුනත් රුවන්සා තමයි ඇයගේ දැඩි කැපවීමෙන් ලබා දෙන ඉලක්ක සම්පූර්ණ කරන්නේ. ඒ වගේම ඇයට අවශ්‍ය වෙලාවට ඇය ඉලක්ක වැඩි කරලා දෙන්න කියලා ඉල්ලනවා.”, රුවන්සා සතුව ඇති දැඩි කැපවීම පිළිබඳව අදහස් දක්වමින් පුහුණුකරු ඩිලාන් මෙන්ඩිස් මහතා පැවසීය.

පළමු දිනය අවසානයේ නව තරගාවලි වාර්තා 3ක්

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරග අද (08) දියගම මහින්ද..

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන්නේ ශිෂ්‍යාවන් 2500ක් පමණ වන අතර ඩිලාන් මෙන්ඩිස් මහතා ආඩම්බරයෙන් පවසන්නේ ජාතික තලයට එම විද්‍යාලයෙන් මෙතෙක් බිහි වී ඇති සියලුම ක්‍රීඩිකාවන් ආරම්භයේ සිටම එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් එම විද්‍යාලයෙන්ම බිහි වූ ක්‍රීඩිකාවන් බවයි. සමස්ත ලංකා පාසල් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කළ කාවිංගි එදිරිසිංහ ද ඩිලාන් මෙන්ඩිස් මහතා පුහුණු කරනු ලැබූ ක්‍රීඩිකාවකි.    

ඇය පිළිබඳව දැඩි විශ්වාසයකින් අදහස් දක්වමින් ඩිලාන් මහතා පවසන්නේ, ඇය ලබන වසරේ දී වයස අවුරුදු 13න් පහළ ඉසව්වල දී දක්‍ෂතම ක්‍රීඩිකාව වනු ඇති බවටයි.

“මේ හැමදෙයක්ම මං වටේ ඉන්න අයගෙන් ලැබුණ සහයෝගය නිසා”  

රුවන්සා ක්‍රීඩාවෙන්ම පමණක් දක්‍ෂතා දක්වන්නියක් නොවන අතර ඇය පාසල තුළ සෑම අතින්ම දස්කම් දක්වන්නට සමත් වී ඇත. ඇය අධ්‍යාපනයෙන් ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වී ඇති අතර ඇය සෑමවිටකම පන්තියේ පළමු 10 දෙනා අතර රැඳීමට සමත්ව ඇත. එමෙන්ම ඇය විද්‍යාලයේ 2014/15 ශිෂ්‍ය නායිකා සංසදයේ ද සාමාජිකයෙකි. එමෙන්ම 2014 වසරේ සිට අඛණ්ඩව ඇය පාසල තුළ සිය වයස් කාණ්ඩයේ ශූරතාවය ද දිනා ගැනීමට සමත්ව ඇත.

“විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන නයනා ලක්ෂිකා පෙරේරා මහත්මිය සහ විද්‍යාලයේ මලල ක්‍රීඩා භාරව කටයුතු කරන තනූජා රත්නායක මහත්මියගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා.” රුවන්සා පැවසීය. එමෙන්ම ඇය උපතින්ම රැගෙන එන මෙම හැකියාව තවදුරටත් ඔප්නංවා ගැනීමට ඇයට සහයෝගය දෙමින් ඇගේ මෙම ගමනේ පසුපසින් සිටින්නේ ඇගේ දෙමාපියන් ය.

රුවන්සාගේ මෙම දක්‍ෂතා පිළිබඳව අදහස් දැක්වූ ඇයගේ පියා සඳහන් කර සිටියේ ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගෙන් ද ඇයගේ මෙම ගමනට ආධ්‍යාත්මික වශයෙන් විශාල සහයෝගයක් ලැබෙන බවයි. එමෙන්ම ඇයගේ මෙම ගමනට ඇගේ මිතුරියන්ගෙන් සහ මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ලැබෙන සහයෝගය ද අපමණය.

රුවන්සාගේ ඉදිරි බලාපොරොත්තුව

“මගේ බලාපොරොත්තුව ඉදිරියේ දී පාසල් මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙන එක.” යනුවෙන් පවසමින්, ඉදිරි අනාගතයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලබා ගැනීම උදෙසා ඇය සතුව ඇති බලාපොරොත්තුව පිළිබඳව ද ප්‍රකාශ කළාය.

රුවන්සාගේ එම බලාපොරොත්තු සඵල කර ගැනීමට ඇයට ශක්තිය ධෛර්යය ලැබේවායි කියා ThePapare.com අපි ප්‍රාර්ථනා කර සිටින අතර එමෙන්ම අපි, ඇය වාර්තාවන් අලුත් කරමින් යන මෙම ගමන පසුපසින් නිතැතින්ම සිටිනු ඇත.

ඔෂානි සිංගපුලිආරච්චිගේ ලිපියේ පරිවර්තනයකි

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<