Home Sinhala Falcons ක්‍රීඩකයින් Aura බලාපොරොත්තු තවදුරටත් සුන් කරයි

Falcons ක්‍රීඩකයින් Aura බලාපොරොත්තු තවදුරටත් සුන් කරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

253

2022 LPL තරගාවලියේ Dambula Aura සහ Kandy Falcons අතර අද (13) මහනුවර පල්ලෙකැලේ දී පැවති තරගයෙන් ලකුණු 77ක දැවැන්ත ජයක් හිමිකර ගන්නට Falcons ක්‍රීඩකයින් සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Falcons නායක වනිඳු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් වෙනස්කම් තුනක් සිදු කරමින් අශාන් ප්‍රියන්ජන්, අශේන් ඩැනියල් සහ Zahoor Khan වෙනුවට, Najibullah Zadran, Fabian Allen සහ චමිඳු විජේසිංහ මේ තරගයට කැඳවා තිබුණා.

එසේම දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Dambulla Aura වෙනස්කම් 5ක් සිදු කරමින් ලසිත් කෘෘස්පුල්ලේ, රමේෂ් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, Noor Ahmad සහ Paul van Meekeren කණ්ඩායමට ඇතුළත් කරමින් Tom Abell, දුශාන් හේමන්ත, රවිඳු ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ තරිඳු රත්නායක කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම,

  • Kandy Falcons (Playing XI): Pathum Nissanka, Andre Fletcher(w), Kamindu Mendis, Ashen Bandara, Najibullah Zadran, Wanindu Hasaranga(c), Carlos Brathwaite, Fabian Allen, Chamika Karunaratne, Isuru Udana, Chamindu Wijesinghe
  • Dambulla Aura (Playing XI): Shevon Daniel, Jordan Cox(w), Bhanuka Rajapaksa, Lasith Croospulle, Dasun Shanaka(c), Sikandar Raza, Ramesh Mendis, Chaturanga de Silva, Pramod Madushan, Paul van Meekeren, Noor Ahmad

Falcons ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නිස්සංක සහ Fletcher නැවතත් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූ අතර ඔවුන් දෙදෙනා පන්දු 35ක දී ලකුණු 48ක ගොඩනැංවූ සබඳතාවය නිමා වුනේ නිස්සංකගේ දැවී යාමත් සමඟයි.

ඉන් අනතුරුව කමිඳු සමඟ එක්වූ Fletcher නැවතත් ලකුණු 44ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එහි දී අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ කමිඳු Falcons ලකුණු පුවරුව දැවැන්ත ලකුණකට රැගෙන ගියා.

තරගාවලිය පුරාවට හොඳින් ලකුණු අතර සිටින Fletcher මේ තරගයේ දී ද පන්දු 31ක් තුල ලකුණු 44ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහර 3ක් සිය ඉනිමට ඇතුළත් කරගනිමිනුයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරගයේ වීරයා වුනු කමිඳු පන්දු 40ක දී ලබා ගත් ලකුණු 58 ඉනිමට 4 පහර 9ක් ඇතුළත් වුනා.

දිගින් දිගටම Flacons මැදපෙළ සවිමත් කළ අශේන් මේ තරගයේ දී ද නැවතත් ලකුණු අතරට අවතීර්ණ වෙමින් පන්දු 22ක දී වේගවත් ලකුණු 42ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහරක් Falcons ලකුණු සටහනට එක් කරමින්. අවසානයේ දී ඔවුන් සිය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 3ක් දැවී ලකුණු 193ක් ලබා ගැනීමට සමත් වුනා.

සිය පළමු ජයග්‍රහණය මේ තරගයේ දී හෝ ලබා ගැනීමට උත්සහ කළ Aura කණ්ඩායමට ලකුණු 23ක ආරම්භක සබඳතාවයක් ලබා දීමට කෘෘස්පුල්ලේ සහ ශෙවෝන් සමත් වුනා. කෙසේ නමුත් ඉන් අනතුරුව ඔවුන්ගේ කඩුලු 5ක් ලකුණු 22ක් තුල දවා ගනිමින් තරගයේ සම්පූර්ණ පීඩනය Aura කණ්ඩායමට යොමු කිරීමට ප්‍රතිවාදීන් සමත් වුනා.

ඒ අනුව පන්දුවාර 6කුත් පන්දු 4ක් අවසන් වන විට Aura ලකුණු සටහන 45/6ක් ලෙස සටහන් වුනු අතර භානුක සහ චතුරංග 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22ක් තුල ලකුණු 29ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ හානිය තරමක් මට්ටමකට අවම කිරීමට සමත් වුනා.

අවසානයේ දී Aura කණ්ඩායම පන්දුවාර 14කුත් පන්දු 2ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 114ක් පමණයි.

පන්දු යැවීමේ දී 22 හැවිරිදි චමිඳු කඩුලු 3ක් දවා ගනිමින් Falcons වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ අතර Brathwaite ද ලකුණු 25කට කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා. එම ජයග්‍රහණයත් සමඟම Falcons මේ දක්වා ක්‍රීඩා කළ තරග 5න් තරග 4ක් ජයගෙන දැනට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගෙන සිටිනවා.

තරගයේ වීරයා – කමිඳු මෙන්ඩිස් (Falcons)

Result


Dambulla Aura
116/10 (14.2)

Kandy Falcons
193/3 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Paul van Meekeren b Chathuranga de Silva 26 20 3 0 130.00
Andre Fletcher run out (Jordan Cox) 44 31 4 3 141.94
Kamindu Mendis c Sikandar Raza b Pramod Madushan 58 40 9 0 145.00
Ashen Bandara not out 42 22 4 1 190.91
Najibullah Zadran not out 16 8 1 1 200.00


Extras 7 (b 0 , lb 1 , nb 1, w 5, pen 0)
Total 193/3 (20 Overs, RR: 9.65)
Bowling O M R W Econ
Dasun Shanaka 2 0 22 0 11.00
Pramod Madushan 4 0 39 1 9.75
Paul van Meekeren 4 0 37 0 9.25
Chathuranga de Silva 3 0 26 1 8.67
Noor Ahmad  4 0 26 0 6.50
Sikandar Raza 2 0 32 0 16.00
Ramesh Mendis 1 0 10 0 10.00


Batsmen R B 4s 6s SR
Shevon Daniel c Ashen Bandara b Chamika Karunaratne 9 5 1 0 180.00
Lasith Croospulle c Wanidu Hasaranga b Chamika Karunaratne 13 9 3 0 144.44
Jordan Cox c Andre Fletcher b Carlos Brathwaite 1 3 0 0 33.33
Bhanuka Rajapaksha c Minod Bhanuka b Chamindu Wijesinghe 18 22 0 1 81.82
Ramesh Mendis lbw b Carlos Brathwaite 4 7 0 0 57.14
Dasun Shanaka c Andre Fletcher b Carlos Brathwaite 0 1 0 0 0.00
Sikandar Raza c Ashen Bandara b Fabian Allen 1 3 0 0 33.33
Chathuranga de Silva c Fabian Allen b Chamindu Wijesinghe 25 15 4 1 166.67
Paul van Meekeren not out 10 8 1 0 125.00
Pramod Madushan c Chamika Karunaratne b Chamindu Wijesinghe 5 5 1 0 100.00
Noor Ahmad  lbw b Fabian Allen 20 8 1 2 250.00


Extras 10 (b 0 , lb 0 , nb 0, w 10, pen 0)
Total 116/10 (14.2 Overs, RR: 8.09)
Bowling O M R W Econ
Isuru Udana 1 0 8 0 8.00
Carlos Brathwaite 3 0 25 3 8.33
Chamika Karunaratne 2 0 11 2 5.50
Fabian Allen 1.2 0 5 2 4.17
Kamindu Mendis 2 0 19 0 9.50
Chamindu Wijesinghe 3 0 25 3 8.33
Wanidu Hasaranga 2 0 23 0 11.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<