Home Sinhala වත්මන් ශූරයෝ දෙවැන්නා ලෙස මූලික වටයට තිත තබයි

වත්මන් ශූරයෝ දෙවැන්නා ලෙස මූලික වටයට තිත තබයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

2759

2022 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් දිනයේ පළමු තරගය අද (19) Colombo Stars සහ Jaffna Kings අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

එම තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනාගෙන තරගාවලියේ මූලික වටය අවසන් කිරීමට Kings සමත් වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Jaffna Kings XI: Rahmanullah Gurbaz, Avishka Fernando, Afif Hossain, Sadeera Samarawickrama (wk), Thisara Perera (c), Shoaib Malik, Suminda Lakshan, Dunith Wellalage, Asitha Fernando, Praveen Jayawickrama, Zaman Khan
  • Colombo Stars XI: Niroshan Dickwella (c,wk), Dinesh Chandmial, Charith Asalanka, Ravi Bopara, Nishan Madushka, Mohammad Nabi, Dhananjaya Lakshan, Benny Howell, Kasun Rajitha, Jeffrey Vandersay, Dominic Drakes

 ඇන්ජලෝ මැතිව්ස් මේ තරගයට ද ක්‍රීඩා නොකිරීම නිසා නිරෝෂන් දික්වැල්ල Stars වැඩබලන නායකයා ලෙස මේ තරගයේ දී වගකීම ගෙන තිබුණා. කාසියේ වාසිය දිනා ගත් Kings නායක තිසර පළමුව පන්දු රැකීමට තීරණය කළා.

Kings ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Stars කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 128ක් පමණයි. එහි දී ඔවුන්ගේ පළමු කඩුලු 4 පළමු පන්දුවාර 4 තුල ලකුණු 16ක් ඇතුළත දවා ගනිමින් Stars පිතිකරුවන් ප්‍රබල පීඩනයකට හසු කරගැනීමට Kings පන්දු යවන්නන් සමත් වුනා.

ඉන් අනතුරුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ Bopara සහ නිශාන් ලකුණු 37ක සබඳතාවයක් ගොඩනංවමින් සෙමින් සීරුවේ ඔවුන්ගේ ලකුණු පුවරුව යම් ගෞරවාන්විත මට්ටමකට රැගෙන ඒම සඳහා මූලික අඩිතාලම සකස් කළ අතර Bopara ලකුණු 20කට දැවී යාමත් සමඟ එම සබඳතාවය අවසන් වුනා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Drakes පසුපෙළ පිතිකරුවන් සමඟ එක්වෙමින් ලකුණු 38ක් Stars ලකුණු පුවරුවට එක් කළ අතර පන්දු 20ක දී වර්ණවත් වුනු Drakesගේ ඉනිම 4 පහර 4කින් සහ 6 පහර 2කින් වර්ණවත් වුනා.

ඉනිමේ මැදපෙළ කඩුලු එකපෙළට බිඳ වැටීම තරමක් පාලනය කරගනිමින් පිතිකරණයේ නිරත වුනු නිශාන් පන්දු 44ක දී ලකුණු 35ක් ලබාගෙන ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනා.

පන්දු යැවීමේ දී Kings වෙනුවෙන් නායක තිසර සහ Malik කඩුලු දෙක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා. Drakes, නිශාන් සහ Bopara හැරෙන්නට අනෙක් එකඳු හෝ පිතිකරුවෙක් හට ලකුණු 20 සීමාව අභිබවා යාමට තිසර ඇතුළු Kings පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

පිළිතුරු ඉනිම දියත් කළ Kings ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන අවිශ්ක සහ Gurbaz නැවතත් ශතක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව පන්දු 71ක් තුල ලකුණු 105ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූ අතර 4 පහර 8ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් පන්දු 40ක දී ලකුණු 69ක් ලබා ගත් Gurbaz දැවී යාමත් සමඟම එම සබඳතාවය බිඳ වැටුණා.

අවිශ්ක නොදැවී ලකුණු 40ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර Malik (ලකුණු 4), සමරවික්‍රම නොදැවී ලකුණු 9*ක් ලබාගෙන ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ අනුව මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons සහ Jaffna Kings   මෙවර LPL තරගාවලියේ පළමු සුදුසුකම් ලබාගැනීමේ තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.

Result


Jaffna Kings
131/2 (15.5)

Colombo Stars
128/9 (20)

Batsmen R B 4s 6s SR
Dinesh Chandimal b Thisara Perera 0 4 0 0 0.00
Niroshan Dickwella b Shoaib Malik 0 2 0 0 0.00
Charith Asalanka c Afif Hossain b Thisara Perera 6 6 0 1 100.00
Nishan Madushka c Thisara Perera b Zaman Khan 35 44 0 1 79.55
Dhananjaya Lakshan c Afif Hossain b Shoaib Malik 1 4 0 0 25.00
Ravi Bopara lbw b Praveen Jayawickrama 20 19 2 0 105.26
Mohammad Nabi run out (Praveen Jayawickrama) 0 6 0 0 0.00
Dominic Drakes c Dunith wellalage b Suminda Lakshan 38 20 4 2 190.00
Benny Howell not out 11 9 0 0 122.22
Jeffrey Vandersay c Shoaib Malik b Asitha Fernando  4 5 0 0 80.00
Kasun Rajitha not out 1 1 0 0 100.00


Extras 12 (b 4 , lb 1 , nb 0, w 7, pen 0)
Total 128/9 (20 Overs, RR: 6.4)
Bowling O M R W Econ
Thisara Perera 3 0 14 2 4.67
Shoaib Malik 2 0 4 2 2.00
Zaman Khan 4 0 22 1 5.50
Asitha Fernando  4 0 31 1 7.75
Praveen Jayawickrama 3 0 23 1 7.67
Suminda Lakshan 4 0 29 1 7.25


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz lbw b Jeffrey Vandersay 69 40 8 4 172.50
Avishka Fernando not out 40 38 3 0 105.26
Shoaib Malik c Kasun Rajitha b Dominic Drakes 4 7 0 0 57.14
Sadeera Samarawickrama not out 9 10 1 0 90.00


Extras 9 (b 0 , lb 1 , nb 0, w 8, pen 0)
Total 131/2 (15.5 Overs, RR: 8.27)
Bowling O M R W Econ
Kasun Rajitha 2 0 18 0 9.00
Dhananjaya Lakshan 1 0 9 0 9.00
Dominic Drakes 2.5 0 30 1 12.00
Mohammad Nabi 2 0 8 0 4.00
Jeffrey Vandersay 4 0 33 1 8.25
Benny Howell 2 0 16 0 8.00
Ravi Bopara 2 0 16 0 8.00



තරගාවලියේ තවත් උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<