IPL අවසන් වටයේ තරග දෙකක් Eden Gardens පිටියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

924

2022 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ (මැයි 24) සහ සුදුසුකම් ලබා ගැනීමේ තරගය සඳහා තෝරාගනු ලබන තරගවල (මැයි 26) සත්කාරකත්වය කොල්කටා නුවර Eden Gardens ක්‍රීඩාංගණයට ලබා දී තිබෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේ (මැයි 27) සත්කාරකත්වය ලබා දී ඇත්තේ අහමාබාද් හී Narendra modi ක්‍රීඩා ක්‍රීඩාංගණයටයි.

තරගාවලියේ අවසන් මහා තරගය මැයි 29 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පසුගිය දා පැවති ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ රැස්වීමෙන් පසුව ක්‍රීඩාංගණ සහ දින පිළිබඳව තීරණය කර තිබුණා.

එමෙන්ම එම අවසන් තරග පූර්ණ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් පැවැත්වීමට ද තීරණය කර තිබීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ මේ දක්වා තරග 35ක් පවත්වා ඇති අතර ප්‍රසාද ලකුණු සටහනේ Gujarat Titans පෙරමුණේ පසුවනවා.

පස් වතාවක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයන් වූ Mumbai Indian ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙන්නේ සහභාගී වූ තරග හතම පරාජය වෙමිනුයි.

එමෙන්ම එම සාකච්ඡාවේ දී කණ්ඩායම් තුනකින් සමන්විත කාන්තා ලීග් තරගාවලියක් මැයි 24 සිට 28 දක්වා ලක්නව් හීදී පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<