මහින්ද විදුහල සීමිත පන්දුවාර කොටසේ අවසන් අටට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

141

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් ඊයේ (8) ක්‍රියාත්මක වූ අතර එහි දී පැවති සීමිත පන්දුවාර තරගයක දී මාතර සාන්ත තෝමස් විද්‍යාලය පරාජයට පත් කළ ගාල්ල මහින්ද විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

රවීන්, රශාන් සහ වාසල නාලන්දාව වෙනුවෙන් ජය කඳවුරු බඳියි

නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වාගේ සහ රශාන් දිසානායකගේ ප්‍රවේගවත් පිතිකරණයට…

සීමිත පන්දුවාර තරගය 

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය – සුපිරි 16 වටය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 3කුත් පන්දු 2ක් අවසානයේ සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 106ක් පමණි.

වමතින් දඟපන්දු යවන කුෂාන් මධූශ සහ කවිඳු ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගනිමින් මහින්ද විද්‍යාල පිතිකරුවන්ට හඹා යාමට පහසු මට්ටමේ ඉලක්කයක් ලබා දුන් අතර එය සාර්ථකව ඉටු කළ නවෝද් පරණවිතාන ඇතුළු මහින්ද විද්‍යාලය පන්දුවාර 22කුත් පන්දු 4ක් අවසානයේ සිය ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 5ක් පමණක් වැය කරමිනි. 

සාන්ත තෝමස් විද්‍යාලය – 106 (31.2) හිරන්ත ලක්ෂාන් 39, කුෂාන් මධූෂ 3/24, කවිඳු ලක්ෂාන් 3/24.

මහින්ද විද්‍යාලය – 109/5 (22.4) නවෝද් පරණවිතාන 69, සතිර තීක්ෂණ 3/16.

මහින්ද විද්‍යාලයට කඩුලු 5ක ජයක් සහ අර්ධ අවසන් පූර්ව වටයට වරම්

සාන්ත ජෝසප් සහ මහානාම සුපිරි 8ට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට අවසන්…

දෙදින සුහද තරග

මලියදේව විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය

කුරුණෑගල මලියදේව විදුහල් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මලියදේව විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර අම්ෂි ද සිල්වා සහ දිලුම් සුධීර වැනි ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ  කණ්ඩායම නියෝජනය කළ පන්දු යවන්නෝ මලියදේව පිතිකරුවන් දමනය කරමින් සිය විද්‍යාලයට කඩුලු 10ක පූර්ණ ජයක් සඳහා අවශ්‍ය මඟ විවර කළේය. 

මලියදේව විද්‍යාලය – 77 (29.5) මුදිත ප්‍රේමදාස 45*, අම්ෂි ද සිල්වා 5/23, දිලුම් සුධීර 3/14, කවිඳු නිර්මාණ 2/16. සහ 81 (52.3) අමේෂ් තෙන්නකෝන් 21, ගයන වීරසිංහ 21, දිලුම් සුධීර 5/25, සුගීත් නිම්නාද 4/14.

රිච්මන්ඩ් විද්‍යාලය – 158 (55.4) තවීෂ අභිෂේක් 43, දිමුත් සඳරුවන් 29, සකිඳු විජේරත්න 4/29, බ්‍රයන් කරුණානායක 2/22. සහ 4/0 (0.3):

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 10ක ජයක්

ඩිල්ශාන්ගේ වික්‍රමයෙන් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා…

සාන්ත ආනා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය 

තවත් සුහද තරගයක් වූ මේ තරගය සාන්ත ආනා පිටියේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. එහි දී මනාන් මුසම්මිල්, මුයිස් රෆීල් , ත්‍රිමල්ෂ සිල්වා සහ රොමේෂ් සුරංග යන ක්‍රීඩකයින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

සාන්ත ආනා විද්‍යාලය – 184 (78) මුයිස් රෆීල් 83, ත්‍රිමල්ෂ සිල්වා 55, දිනුක් විශාල් 2/09, කවීෂ දුලංජන 4/28. සහ 135/8 (43) මුයිස් රෆීල් 47*, දිනුක් විශාල් 3/19.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 147 (68) රොමේෂ් සුරංග 59, මනාන් මුසම්මිල් 4/65, කවිඳු රණසිංහ 3/32, පසිඳු තෙන්නකෝන් 2/13.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

වසර තුනක තර්ස්ටන් එක්දින ජයග්‍රහණ රැල්ලට තිත

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර ඩබ්. ඒ. ද සිල්වා අනුස්මරණ කුසලානය…

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 

ප්‍රභාත් සචින් ලබාගත් දැකුම්කළු ශතකයෙන් වර්ණවත් වූ මේ තරගය සාන්ත බෙනඩික්ට් පිටියේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. පන්දු යැවීමේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මලින්ද පෙරේරා ලකුණු 82කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය  – 242 (76) ප්‍රභාත් සචින් 107, ලසිත් වරෙල්ලේගම 81, මලින්ද පෙරේරා 5/82, අකිඳු කරුණාරත්න 3/48. සහ 71/1 (11.3) චමිඳු වික්‍රමසිංහ 45, ගිහාන් ඊබර්ට් 25.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 307/9d (97.5) ශෙහාන් ප්‍රනාන්දු 67, පසන් සුවහස් 60, අශේන් ද සොයිසා 45 , විහඟ රුවනාර  44, හසිඳු කරුණාරත්න 35, ගිහාන් ඊබර්ට් 4/93, නිම්නක ජයතිලක 2/80.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<