මංගල Lanka T10 තරගාවලියට සත්කාරකත්වය ලබා දීම සඳහා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තෝරා ගෙන තිබෙනවා.
එළඹෙන දෙසැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා Colombo Strikers, Galle Marvels, Hambantota Bangla Tigers, Jaffna Titans, Kandy Bolts සහ Negombo Braves යන කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි.
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් උපරිම 17ක් සහ අවමය 15ක් වූ සංචිතයක් පවත්වා ගෙන යා හැකි අතර, එහි දී ඔවුන්ට රඳවා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 7ක් ලෙස සටහන් වනවා.
ක්‍රිකට් ලොව අතිශය අලංකාර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස සැලකුම් ලබන පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තුළ මේ දක්වා ලෝක කුසලාන තරග මෙන්ම ආසියානු කුසලාන තරග ද පවත්වා තිබෙනවා.
මෙම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<