නවසීලන්තයේ සුපිරි පන්දුවාර අපලය

89

නවසීලන්තයට ඇත්තටම සුපිරි පන්දුවාර අපල ද? මෙම ගැටළුව බොහෝ ක්‍රීඩා ලෝලීන්ට ඇති වූයේ නවසීලන්තය පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ දී එංගලන්තය හමුවේ පරාජය වීමෙන් පසුවය. 

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයන්ට විනය පුහුණුවක්

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගීවී ..

කෙසේවෙතත් නවසීලන්තයේ මෙම සුපිරි පන්දුවාර භීතිකාව නැවතත් කරළියට පැමිණ ඇත්තේ ඉන්දියාව සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය නිසාවෙනි. 

2019 වසරේ එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා එංගලන්තය සහ නවසීලන්තය සුදුසුකම් ලබා සිටියහ. එංගලන්තය තරගයේ ලකුණු සමකරමින් නිමා කිරීම නිසා ඉතිහාසයේ පළමු වරට ලෝක ශූරයන් සොයාගැනීමට සුපිරි පන්දුවාරයක් යැවීමට තීරණය විය. 

පුදුමයකි! ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට යැවූ සුපිරි පන්දුවාරය ද ලකුණු සමවීමෙන් නිමාවිය. එංගලන්තය ලෝක කුසලානය ජයග්‍රහණය කළේ හයේ පහර සහ හතරේ පහර සංඛ්‍යාව මඟිනි. 

නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දී පිට පිට තරග දෙකක්ම ලකුණු සම වූ අතර ජයග්‍රාහකයා තෝරා ගැනීමට සුපිරි පන්දුවාරයක් භාවිතා කිරීමට සිදුවිය. කෙසේවෙතත් එම තරග දෙකම ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායමයි. 

මෙම සිදුවීම නවසීලන්තයට ආධුනික තත්ත්වයක් නොවේ. 2012 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දීද ජයග්‍රාහකයා තෝරා ගැනීමට සුපිරි පන්දුවාරයක් යැවීමට තීරණය වූ අතර එහිදී නවසීලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

නවසීලන්තයට සුපිරි පන්දුවාර මිතුරෙකු වූයේ නැත. කේන් විලියම්සන් පවසා සිටියේ එලෙසය. නවසීලන්තය ඒ සතුරා ඈත්කර තැබීමට වගබලා ගත යුතුය. කෙටියෙන් කියතොත් ඔවුන් මේ සතුරාට සාදයට ආරාධනා කළ යුතු නැත. 

ඉන්දීය තරගාවලියේ දී නවසීලන්තය වෙතින් දිස්වූ තීරණ ගැනීමේ අඩුපාඩු, ක්‍රීඩා කිරීමේ අඩුපාඩු වඩාත් ඉස්මතු වූ අතර එහි උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. නවසීලන්ත කණ්ඩායමේ දුර්වලතා මනා ලෙස හඳුනාගත් ඉන්දීය කණ්ඩායම, ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් තරගය නවසීලන්තයෙන් උදුරා ගැනීමට සමත් විය. 

මෙන්ඩිස්ගේ අපල දුරු කරමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්!

පසුගිය කාලය පුරාවට මෙරට ප්‍රේක්ෂකයින්ගේ විවිධ දෝෂාරෝපණ වලට ලක්වුනු ක්‍රීඩකයෙකු වන කුසල්..

මෙම තරගාවලියේ නවසීලන්ත ආරම්භක පිතිකරුවා වූයේ කොලින් මුන්රෝය. සිව්වන තරගයේ දී පන්දු 47ක් තුළ ලකුණු 64ක් වාර්තා කිරීමට කොලින් මුන්රෝ සමත් වුවද එය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවීය. අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුව දැවී නොයන්නට කොලින්ගේ මෙම ඉනිම නවසීලන්තයට ජයග්‍රහණය ගෙන ඒමට සමත්වනු ඇත. 

“අපි හැමෝම දැන් කල්පනා කරන්නේ අපේ අඩුපාඩු ගැන. ඒක ගොඩක් වේදනාකාරීයි. තරග දෙකක්ම එහෙම ලේසියෙන් අතහැරුන එක.” මුන්රෝ පවසා සිටියේය. ඔහුගේ අදහස වන්නේ මෙම තරග ද්විත්වයම සුපිරි පන්දුවාර වලට යාමට පෙර ජයග්‍රහණය කළ හැකිව තිබුනු බවයි. 

“මගෙත් වැරැද්දක් තියෙනවා. අපි හැමවෙලේම කතාවෙන්නේ කඩුලු අතර දුවද්දී වේගවත් වෙන එක ගැන. මම ඒ දෙවෙනි ලකුණ ගන්න අවධානමක් ගත්තා. ඒ වෙලාවේ කෝලි විශිෂ්ට ලෙස පන්දුව යොමු කළා. කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයන්ට මේ වේදනාව දැනෙනවා. ඒත් අපි කණ්ඩායමක් විදිහට නැවත නැගී සිටිනවා. බලාපොරොත්තුවෙන් ඉන්නවා මීළඟ තරගය ජයග්‍රහණය කරන්න.”  

ඉන්දීය කණ්ඩායම සමඟින් තරගයක දී සුපිරි පන්දුවාරයක් හිමි වුවහොත් එය ඉන්දීය පන්දු ‍යවන්නන්ට දැඩි වාසියක් ගෙන එනු ඇත. ජස්ප්‍රිට් බුම්රාහ් වැනි ක්‍රීඩකයන් එහි උපරිම ප්‍රයෝජනය ලබා ගනු ඇත. සාමාන්‍ය ඉනිමේ දී ජස්ප්‍රිට් බුම්රාහ් නොමැති පන්දුවාර 80%ක් පමණ පවතී. නමුත් සුපිරි පන්දුවාරයකදී? ඔබට 100%ක්ම ජස්ප්‍රිට් බුම්රාහ්ට මුහුණදීමට සිදුවනු ඇත. 

“අපි ඊළග තරගයේ ඒ අවස්ථාව එනකම් බලාගෙන ඉන්නවා.” මුන්රෝ සිනාමුසු මුහුණින් පවසා සිටියේය. “නෑ ඒක විහිළුවක්. ඒක එක් දෙයක් පමණයි. සුපිරි පන්දුවාරයක් ජයග්‍රහණය කරන්න අනිවාර්යයෙන්ම වාසනාව ඕනේ. එහිදී හැමවෙලේම පන්දු ‍යැවීම පන්දුවට පහරදීම උපරිම මට්ටමක තියෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩකයන්ගේ වගකීමත් උපරිමයෙන් තියෙන්න ඕනේ. අපි දිනුවත් කවුද දන්නේ මීළඟ තරගයේ මොනවා වේවිද කියලා?”

නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී අවශ්‍යව තිබුනේ ලකුණු 7කි. රොස් ටේලර් පළමු පන්දුව ඩීප් මිඩ් විකට් කලාපයට යොමු කරමින් දැවී ගියේය. අවසන් පන්දු දෙක තුළදී ජයග්‍රහණය සඳහා ලකුණු දෙකක් අවශ්‍යව තිබිනි. ඉන්දීය පන්දු රකින්නන් සිව්දෙනෙකු ආසන්නයේ රැඳී සිටියහ. පන්දුව එම ක්‍රීඩකයන්ට ඉහළින් යොමු කළේ නම් පහසු ජයග්‍රහණයක් ලබාගත හැකිව තිබිනි. නමුත් ඩාර්ලි මිචෙල් දැවී ගියේ අවසන් පන්දුවට ලකුණු 2ක් ලබාගත යුතු තත්වයක් උදාකරමිනි. 

“මුලින් අපි හිතුවේ අපිට හොඳ පන්දු දෙකක් යවා ගන්න පුළුවන් නම් සුපිරි පන්දුවාරයකට තරගය ඇරන් යන්න පුළුවන් කියලා. ඒත් අන්තිම පන්දු දෙක වෙනකොට මේක සුපිරි පන්දුවාරයකට යනවා කියලා අපිට තේරුනා. අපි ඒකට මනසින් සූදානම් වෙලා හිටියේ. අපිට හොඳ පන්දු ‍යවන්නන් ඉන්නවා. ඒ වගේම ඨාකූර් අන්තිම පන්දුවාරය ඉතාම හොඳින් යැවුවා. ඔහුගේ දක්ෂතාවයට ඒ තරගය සුපිරි පන්දුවාරයකට යන එක නවත්වන්න බැරි වුනා.” යයි මනීශ් පාන්ඩේ පවසා සිටියේය. 

Gym ගිහිං fitness හදන් හොඳ තරගයක් දෙන්න සංගා සූදානම් ලු!!

කුමාර් සංගක්කාර මහතා සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන මාලිබෝන් ක්‍රිකට් සමාජය..

කොලින් මුන්රෝ දැක්වූයේ එයට විරුද්ධ අදහසකි. 

“මම එහෙම හිතන්නේ නෑ. ඉන්දීය කණ්ඩායමේ හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. ඒ වගේම ඔවුන් කණ්ඩායමක් විදිහට හොඳින් ක්‍රීඩා කරනවා. ඒත් මම හිතනවා අපි තරග තුනක දීම ඔවුන්ට ලොකු අභියෝගයක් එල්ල කළා කියලා. දේවල් වෙන්නේ එහෙම තමයි. මේ තරගාවලිය වගේ එක දිගට ක්‍රීඩා කරන තරගාවලි වලදී මේ වගේ දේවල් වෙනවා. මම ඒක ගැන වැඩිය හිතන්නේ නෑ. මේක සාමාන්‍ය දෙයක්. මම හිතනවා අපි ඔවුන්ට හොඳ තරගයක් දුන්නා කියලා.” 

නවසීලන්ත කණ්ඩායම ලොව හොඳම කණ්ඩායමක් ලෙස නම් දරා ඇති අතර ඔවුන් Big Three කණ්ඩායම් වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමඟින් තරගාවලි තුනකට සහභාගී වීමට නියමිතය. එංගලන්තය නවසීලන්තයේ තරග සංචාරයක් සඳහා එක්වූ අතර නවසීලන්තය එම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් විය. නමුත් ඕස්ට්‍රේලියා තරග සංචාරය නවසීලන්තයට එතරම් සාර්ථක නොවීය. දැන් ඉන්දීය තරග සංචාරයේ දීද ඔවුන් ජයග්‍රහණයක් සොයමින් සිටියි. 

නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන පස්වන එක්දින තරගය අද (02) දින පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<