පළමු ඉනිමේ දී ලද ලකුණු 96ක වාසිය ද සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙත ලකුණු 377ක තරගකාරී ඉලක්කයක් ලබා දී තිබෙනවා. මේ තරගාවලිය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් වනවා.
Antigua හි Sir Vivian Richards පිටියේ පැවැත්වෙන මෙම තරගයේ සිව්වැනි දිනය අද (02) උදෑසන (ශ්‍රී ලංකා වේලාවෙන්) අවසන් වන විට එම තීරණාත්මක ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවෙක් නොදැවී ලකුණු 29ක් ලබා ගෙන සිටියා.
තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට මේ තරගාවලිය පුරාවටම සාර්ථක වෙමින් ලකුණු ලබා ගත් වමත් පිතිකරු ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 17*ක් සහ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 11*ක් ලබා පස්වැනි සහ අවසන් දිනයේ දීත් ශ්‍රී ලංකාව මුදවා ගැනීමේ මෙහෙයුමක නිරතව කඩුල්ලේ රැඳී සිටිනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- බිනුර ප්‍රනාන්දුගේ සුපිරි පන්දු යැවීමෙන් රාගමට පහසු ජයක්
- තිසර පෙරේරාගේ වේගවත් ඉනිමට වර්ෂාව හරස් වෙයි
- සඳුන් වීරක්කොඩිගේ සටන්කාමී ඉනිම බදුරලියට ජය ගෙනෙයි
එසේම මේ තරගාවලිය පුරාවටම එතරම් වැඩි දස්කම් අතරට පැමිණීමට නොහැකි වුනු නායක දිමුත් කරුණාරත්න හට මේ ඉනිම තුල වැඩි යමක් කිරීම වෙනුවෙන් ඔහු මත වැඩි බරක් පැටවී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ පස්වැනි සහ අවසන් දිනයේ දී සිය ජයග්‍රහණ සඳහා තවත් ලකුණු 348ක් ලබා ගත යුතු වන අතර ටෙස්ට් තරගයක 5 වැනි දිනයේ දී තණතීරුව සාමාන්‍යයෙන් හැසිරෙන ලෙස නම් එය එතරම් ලේසි පහසු කටයුත්තක් වන්නේ නැහැ.
දිනය ආරම්භයේ දී ම ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 258කට සීමා කළ සත්කාරක කොදෙව්වෝ යළිත් දෙවැනි ඉනිමේ දී කඩුලු 4කට ලකුණු 280ක් ලබා ඉනිම අත් හිටවනු ලැබුවා. එහි දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන පැතුම් නිස්සංක සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුනේ පළමු ටෙස්ට් තරගයේ දී ලබා ගත් ශතකයට අමතරවයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම සීමා කිරීමේ දී Kemar Roach කොදෙව්වන් වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා වෙමින් කඩුලු 3ක් දවා ගත්තා.
කොදෙව් පළමු ඉනිමේ දී ශතක ලාභී නායක Kraigg Brathwaite යළිත් සාර්ථක වෙමින් ලකුණු 85ක් ලබා ගන්නා විට හිටපු නායක Jason Holder 4 පහර 7ක් එල්ල කරමින් නොදැවී ලකුණු 71* ක් සහ Kyle Mayers ලකුණු 55ක් වශයෙන් කොදෙව් දෙවැනි ඉනිම සඳහා අවශ්‍ය ලකුණු සවිය ලබා දුන්නා.
ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙමින් පන්දුවට පහර දුන් කොදෙව්වෝ එම ලකුණු ලබා ගැනීමේ දී පන්දුවාරයකට දල ලකුණු ලබා ගැනීමේ වේගය 3.85ක් ලෙසින් රඳවා ගැනීම කැපී පෙනුණා.
දෙවැනි ඉනිම අතරතුර පන්දු රකිමින් සිටිය දී ලසිත් ඇඹුල්දෙණිය ද ආබාධයට ලක්වීම කොදෙව් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි වීමට හේතු වුනා. එසේ ඔහු ආබාධයකට ලක්වුණේ හතරේ සීමාව ආසන්නයේ දී පන්දුවක් රැක ගැනීමට යෑමට කරන ලද උත්සාහයේ දී වම් පාදයේ ඇතිවූ පෙරලීමක් නිසයි. ඒ නිසාවෙන් පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා හට වැඩි වගකීමක් පැවරුණා.
ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් අතරින් දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල් කෙටි පන්දුවලින් සමන්විතව පන්දු යැවූව ද, Jason Holder ඇතුළු කොදෙව් පිතිකරුවන් ඒ සඳහා සාර්ථකව මුහුණ දුන්නා. කෙසේ නමුත් ලක්මාල් සහ චමීර කොදෙව් දෙවන ඉනිමේ කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.
මැදපෙළින් පැමිණි Jason Holder පන්දු 88කින් වේගවත් ලකුණු 71ක් ලබා කොදෙව් ලකුණු ලබා ගැනීම වේගවත් කරද්දී ඒ හා සසඳා බලන කළ හාත්පසින්ම වෙනස් ඉනිමක් ක්‍රීඩා කළ නායක Kraigg Brathwaite සිය ලකුණු 85ක ඉනිම සඳහා පන්දු 196කට මුහුණ දුන්නේ මිනිත්තු 299කට ආසන්න කාලයක් කඩුල්ල තුල රැඳී සිටිමිනි.
මේ තරගාවලියේ සහ තරගයේ අවසන් දිනය ශ්‍රී ලංකා වේලාවෙන් අද (2) රාත්‍රී 7.30ට ආරම්භ වනවා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | b Dushmantha Chameera | 126 | 311 | 13 | 0 | 40.51 |
John Campbell | c Niroshan Dickwella b Suranga Lakmal | 5 | 24 | 1 | 0 | 20.83 |
Nkrumah Bonner | b Suranga Lakmal | 0 | 6 | 0 | 0 | 0.00 |
Kyle Mayers | c Niroshan Dickwella b Vishwa Fernando | 49 | 61 | 8 | 0 | 80.33 |
Jermaine Blackwood | c Niroshan Dickwella b Suranga Lakmal | 18 | 29 | 2 | 1 | 62.07 |
Jason Holder | c Lahiru Thirimanne b Dhananjaya de Silva | 30 | 34 | 5 | 0 | 88.24 |
Joshua Da Silva | c Niroshan Dickwella b Dushmantha Chameera | 1 | 35 | 0 | 0 | 2.86 |
Alzarri Joseph | lbw b Lasith Embuldeniya | 29 | 41 | 3 | 1 | 70.73 |
Rahkeem Cornwall | c Vishwa Fernando b Suranga Lakmal | 73 | 92 | 10 | 1 | 79.35 |
Kemar Roach | c Niroshan Dickwella b Dushmantha Chameera | 9 | 36 | 1 | 0 | 25.00 |
Shannon Gabriel | not out | 1 | 5 | 0 | 0 | 20.00 |
Extras | 13 (b 0 , lb 6 , nb 7, w 0, pen 0) |
Total | 354/10 (111.1 Overs, RR: 3.18) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 28 | 11 | 94 | 4 | 3.36 | |
Vishwa Fernando | 27 | 4 | 71 | 1 | 2.63 | |
Lasith Embuldeniya | 25 | 5 | 88 | 1 | 3.52 | |
Dushmantha Chameera | 21.1 | 4 | 69 | 3 | 3.27 | |
Dhananjaya de Silva | 10 | 3 | 26 | 1 | 2.60 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | c Nkrumah Bonner b Alzarri Joseph | 1 | 17 | 0 | 0 | 5.88 |
Lahiru Thirimanne | b Kemar Roach | 55 | 106 | 6 | 0 | 51.89 |
Oshada Fernando | lbw b Kyle Mayers | 18 | 71 | 1 | 0 | 25.35 |
Dinesh Chandimal | c Hayden Walsh b Shannon Gabriel | 44 | 101 | 5 | 0 | 43.56 |
Dhananjaya de Silva | lbw b Jermaine Blackwood | 39 | 140 | 1 | 0 | 27.86 |
Pathum Nissanka | c Hayden Walsh b Kemar Roach | 51 | 131 | 0 | 0 | 38.93 |
Niroshan Dickwella | c Joshua Da Silva b Jason Holder | 20 | 25 | 0 | 0 | 80.00 |
Suranga Lakmal | c Kraig Brathwaite b Alzarri Joseph | 6 | 9 | 0 | 0 | 66.67 |
Dushmantha Chameera | c Joshua Da Silva b Jason Holder | 2 | 26 | 0 | 0 | 7.69 |
Lasith Embuldeniya | not out | 5 | 21 | 0 | 0 | 23.81 |
Vishwa Fernando | c Joshua Da Silva b Kemar Roach | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 4 , lb 5 , nb 7, w 1, pen 0) |
Total | 258/10 (108 Overs, RR: 2.39) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kemar Roach | 19 | 5 | 59 | 3 | 3.11 | |
Shannon Gabriel | 16 | 3 | 37 | 1 | 2.31 | |
Alzarri Joseph | 22 | 4 | 64 | 2 | 2.91 | |
Jason Holder | 21 | 3 | 39 | 2 | 1.86 | |
Kyle Mayers | 11 | 7 | 10 | 1 | 0.91 | |
Rahkeem Cornwall | 15 | 5 | 25 | 0 | 1.67 | |
Jermaine Blackwood | 4 | 0 | 16 | 1 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | b Dushmantha Chameera | 85 | 196 | 4 | 0 | 43.37 |
John Campbell | c Niroshan Dickwella b Suranga Lakmal | 10 | 25 | 1 | 0 | 40.00 |
Jermaine Blackwood | c Niroshan Dickwella b Dushmantha Chameera | 18 | 41 | 2 | 0 | 43.90 |
Kyle Mayers | lbw b Suranga Lakmal | 55 | 76 | 8 | 0 | 72.37 |
Jason Holder | not out | 71 | 88 | 7 | 0 | 80.68 |
Joshua Da Silva | not out | 20 | 16 | 2 | 0 | 125.00 |
Extras | 21 (b 2 , lb 12 , nb 6, w 1, pen 0) |
Total | 280/4 (72.4 Overs, RR: 3.85) |
Did not bat | Nkrumah Bonner, Alzarri Joseph, Rahkeem Cornwall, Kemar Roach, Shannon Gabriel, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 14 | 3 | 62 | 2 | 4.43 | |
Vishwa Fernando | 12.4 | 1 | 49 | 0 | 3.95 | |
Dhananjaya de Silva | 28 | 3 | 81 | 0 | 2.89 | |
Dushmantha Chameera | 18 | 0 | 74 | 2 | 4.11 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Thirimanne | c Rahkeem Cornwall b Alzarri Joseph | 39 | 114 | 5 | 0 | 34.21 |
Dimuth Karunarathne | lbw b Kyle Mayers | 75 | 176 | 9 | 0 | 42.61 |
Oshada Fernando | not out | 66 | 119 | 8 | 0 | 55.46 |
Dinesh Chandimal | not out | 10 | 66 | 1 | 0 | 15.15 |
Extras | 3 (b 0 , lb 1 , nb 1, w 1, pen 0) |
Total | 193/2 (79 Overs, RR: 2.44) |
Did not bat | Dhananjaya de Silva, Pathum Nissanka, Niroshan Dickwella, Suranga Lakmal, Lasith Embuldeniya, Dushmantha Chameera, Vishwa Fernando, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kemar Roach | 12 | 2 | 33 | 0 | 2.75 | |
Jason Holder | 10 | 3 | 24 | 0 | 2.40 | |
Rahkeem Cornwall | 26.4 | 8 | 53 | 0 | 2.01 | |
Shannon Gabriel | 5.2 | 2 | 20 | 0 | 3.85 | |
Alzarri Joseph | 10 | 2 | 33 | 1 | 3.30 | |
Jermaine Blackwood | 6 | 1 | 17 | 0 | 2.83 | |
Kraig Brathwaite | 3 | 0 | 7 | 0 | 2.33 | |
Kyle Mayers | 6 | 4 | 5 | 1 | 0.83 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<