ටෙස්ට් ලෝක ශූරතාවයේ විනිසුරු මඬුල්ලට ශ්‍රී ලාංකිකයෙකුත්

ICC ටෙස්ට් ලෝක ශූරතාවය 2023

630

එළඹෙන ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා සහභාගී වන විනිසුරු මඬුල්ල ICC විසින් නම් කර තිබෙනවා.

නවසීලන්තයේ Chris Gaffaney සහ එංගලන්තයේ Richard Illingworth යන විනිසුරුවන් දෙදෙනා පිටියේ විනිසුරුවන් (on-field umpires) ලෙස කටයුතු කිරීමට නියමිතයි. යම් හේතුවක් නිසාවෙන් තරගය අතිරේක දිනයක් දක්වා රැගෙන යාමට සිදු වුවහොත් ජුනි 12 වැනිදා අතිරේක දිනය ලෙස ක්‍රියාත්මක වනු ඇත.

48 හැවිරිදි වියේ පසුවන Gaffaney විනිසුරුකරණයේ නිරත වන 49 වැනි ටෙස්ට් තරගය මෙය වනු ඇති අතර, 59 වැනි වියේ පසු වන Illingworth විනිසුරුකරණයේ යෙදෙන 64 වැනි ටෙස්ට් තරගය මෙය වනු ඇත.

Illingworth මීට වසර දෙකකට ඉහත දී Southampton හි පැවති මංගල ටෙස්ට් ලෝක ශූරතාවයේ දී ද විනිසුරුකරණයේ යෙදුණු අතර එම තරගයේ දී ඉන්දියාව කඩුලු 8කින් පරාජය කරමින් ශූරතාවය දිනා ගන්නට ඉන්දියාව සමත් වුනා.

තවත් එංගලන්ත විනිසුරුවරයෙකු වන Richard Kettleborough රූපවාහිනි විනිසුරු (TV umpire) ලෙස කටයුතු කිරීමට නියමිත අතර ප්‍රවීණ ශ්‍රී ලාංකික විනිසුරු Kumar Dharmasena සිව්වැනි විනිසුරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. බටහිර ඉන්දීය කොදෙව් විනිසුරු Richie Richardson තරග තීරක (match referee) ලෙස කටයුතු කරනු ඇත.

ටෙස්ට් ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<