සුපිරි ජය මල්ලක් සමඟින් LPL වසන්තයට සියල්ල සූදානම්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

3219

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් බලා සිටි ‘2021 ලංකා ප්‍රිමියර් ලීග්’ තරගාවලිය හෙට (05) ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය දෙසැම්බර් 05 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි දී දින 14ක් පුරාවට තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අවසන් වටයේ තරග සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය සත්කාරකත්වය දැරීමට නියමිතයි.

Jaffna Kings, Galle Gladiators, Colombo Stars, Dambulla Giants සහ Kandy Warriors කණ්ඩායම් මෙවර තරගාවලියට එක්වන අතර ක්‍රීඩකයින් මේ වන විටත් ජෛව ආරක්‍ෂිත පරිසරවල පුහුණුවීම්වල නිරත වෙනවා.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති ටෙස්ට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් අද (04) සිය කණ්ඩායම් සමඟ එක්වීමට නියමිතයි. එමෙන්ම අබුඩාබි හි පැවැත්වෙන T10 තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් ද අද දින තම කණ්ඩායම් හා එක්වනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ ශූරයින්ට මුදලින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 20ක ත්‍යාගයක් ලබා දීමට නියමිතව ඇති අතර අනුශූරයින්ට රුපියල් මිලියන 10ක් හිමිවනු ඇත.

COVID-19 එන්නත් මාත්‍රා දෙකම ගත් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට මෙවර LPL නැරඹීමේ අවස්ථාව හිමිවෙනවා. ඒ ක්‍රීඩාංගණයේ මුළු ධාරිතාවයෙන් 50%කට පමණයි. තරගාවලියේ ප්‍රවේශපත්‍ර Bookmyshow.com, Daraz.lk හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

තරගාවලියට එක්වන කණ්ඩායම් පිළිබඳ ඔබ දැනුවත් ද? මේ ඒ පිළිබඳ කෙටි සොයා බැලීමක්.

Jaffna Kings

මංගල LPL ශූරතාවය දිනූ Jaffna කණ්ඩායම මෙවර LPL තරග බිමට පිවිසෙන්නේ Jaffna Kings නමිනුයි. කණ්ඩායමේ හිමිකරුවන් වෙනස්ව තිබුනත්, කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් හා පුහුණුකාර්ය මණ්ඩලය වෙනස්ව නොතිබීම විශේෂත්වයක්. මෙවරත් Jaffna Kings මෙහෙයවන්නේ මෑතක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා.

ලොව අංක 1 විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිඳු හසරංග Jaffna Kings කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවයි. නිමා වූ ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ දී මෙන්ම මේ දිනවල පැවැත්වෙන අබුඩාබි T10 තරගාවලියේ දීද ඔහු සුපිරි දස්කම් දක්වන්නට සමත්ව තිබෙනවා. පසුගිය වසරේ LPL තරගාවලියේ ද ‘තරගාවලියේ වීරයා’ ලෙස සම්මාන දිනා ගත්තේ වනිඳු හසරංග වීම විශේෂත්වයක්.

වනිඳුගේ සහයට නැගී එන වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද Jaffna සමඟ එක්ව සිටිනවා. වේගපන්දු යවන නවක ක්‍රීඩක චාමික ගුණසේකර ද කණ්ඩයමේ තවත් ප්‍රධානතම බලාපොරොත්තුවක්.

Jaffna කණ්ඩායමට ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් රැසකගේ ද සහය හිමිව තිබෙනවා. දකුණු අප්‍රිකානු නායක Faf Du Plessis සහ අත්දැකීම් බහුල පාකිස්තාන ක්‍රීඩකයින් වන Wahab Riaz, Shoaib Malik සහ Usman Shinwari ද කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයින්. කඩුලු රකින ඇෆ්ගනිස්තාන ප්‍රවේගකාරී පිතිකරු Rahmanullah Gurbaz ද මෙවර කණ්ඩායමට එක්ව සිටින්නේ ඉනිම ආරම්භ කිරීමේ අරමුණින්.

දේශීය ක්‍රීඩකයින් – තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, චතුරංග ද සිල්වා, සුරංග ලක්මාල්, මහිෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, අශේන් බණ්ඩාර, චාමික ගුණසේකර, සම්මු අශාන්, විජයකාන්ත් වියස්කාන්ත්, තෙවේන්දිරම් දිනෝෂන්, අශාන් රන්දික, රත්නරජා තනුරදන්, ක්‍රිෂාන් සංජුල. 

විදෙස් ක්‍රීඩකයින් – Faf du Plessis (දකුණු අප්‍රිකාව), Shoaib Malik (පාකිස්තානය), Wahab Riaz (පාකිස්තානය), Usman Shinwari (පාකිස්තානය), Rahmanullah Gurbaz (ඇෆ්ගනිස්තානය), Jayden Seales (බටහිර ඉන්දීය කොදෙව්).

කණ්ඩායම සඳහා පළමු තෝරාගැනීම් 11 – Faf Du Plessis, උපුල් තරංග, Rahmanullah Gurbaz, අවිශ්ක ප්‍රනාන්දු, Shoaib Malik, තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, Wahab Riaz, මහිෂ් තීක්ෂණ, චාමික ගුණසේකර.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

Galle Gladiators

පසුගිය තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගත් Galle Gladiators මෙවර විශේෂ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම කණ්ඩායමට එකතු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන, පාකිස්තාන පිතිකරු Mohammad Hafeez සහ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Samit Patel මෙවර Galle කණ්ඩායම සවිමත් කරනවා.

තරග තහනමකට ලක්ව සිටි දනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ද මාස 06කට පමණ පසුව නැවතත් තරගකාරී ක්‍රිකට් පිටියට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. පාකිස්තාන කණ්ඩායමට කැඳවා සිටින නිසා Sarfraz Ahmad ද, COVID-19 නිසා පැනවූ සංචරණ නිසා Tabraiz Shamsi ද මෙවර තරගාවලියට එක්වන්නේ නැහැ.

කෙසේ වෙතත් 2020 අදියරේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ධනංජය ලක්ෂාන් මෙවර ද Galle සවිමත් කරන අතර මීට මාස කිහිපයකට ඉහත දී පැවැත්වුනු Dialog ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ අශේන් ඩැනියෙල් සහ පුලින තරංග ද මෙවර ගාලු කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Noor Ahmed ද මෙවර Galle Gladiators කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක්.

ඕස්ට්‍රේලියානු Big-Bash තරගාවලියේ මෙන්ම පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ද සුපිරි දස්කම් දැක්වූ  Ben Dunk මෙවර Galle Gladiators වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

දේශීය ක්‍රීඩකයින් – භානුක රාජපක්ෂ (නායක), ඉසුරු උදාන, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, පුලින තරංග, ලහිරු මදුෂංක, මොහොමඩ් ශමාස්, අශේන් ඩැනියෙල්, කෙවින් කොත්තිගොඩ, නුවන් තුෂාර, ඇන්ජෙලෝ ජයසිංහ, ප්‍රමෝද් මදුශාන්.

විදෙස් ක්‍රීඩකයින් – Mohammad Hafeez (පාකිස්තානය), Mohammad Amir (පාකිස්තානය), Anwar Ali (පාකිස්තානය), Samit Patel (එංගලන්තය), Ben Dunk (ඕස්ට්‍රේලියාව), Noor Ahmed (ඇෆ්ගනිස්තානය).

කණ්ඩායම සඳහා පළමු තෝරාගැනීම් 11 – දනුෂ්ක ගුණතිලක, Ben Dunk, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ (නායක), Mohammad Hafeez, ලහිරු මදුශංක, ධනංජය ලක්ෂාන්, පුලින තරංග, Mohammad Amir, Noor Ahmed, අශේන් ඩැනියෙල්.

Colombo Stars

පසුගිය වසරට සාපේක්ෂව වඩාත් වෙනස් වූ කණ්ඩායමක් ලෙස Colombo Stars හැඳින්විය හැකි. ඇන්ජලෝ මැතිව්ස්ට කොදෙව් ටෙස්ට් තරගාවලියේ දී සිදු වූ ආබාධය නිසා ඔහුට තරගාවලියේ පළමු තරග කිහිපය මඟ හැරීම Colombo Stars කණ්ඩායමට දැඩි අවාසියක් වනු නොඅනුමානයි.

කුසල් පෙරේරා සමඟ නිමා වූ ලෝක කුසලානයේ දී ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක මෙවර Colombo Stars ඉනිම ද ආරම්භ කිරීමට නියමිතයි. වේගපන්දු යවන්නන් මෙහෙය වීම දුෂ්මන්ත චමීරට හිමිව තිබෙන අතර මැතිව්ස්ගෙන් හිස්වන නායකත්වයේ හිඩැස දිනේෂ් චන්දිමාල් පිරවීමට නියමිතයි. වේගපන්දු යැවීමේ අංශයේ වගකීම ශිරාන් ප්‍රනාන්දු හා හිමේෂ් රාමනායකගේ දෑත් මතට පැවරී තිබෙනවා.

එංගලන්ත පිතිකරු Tom Banton, නැමීබියාවේ  David Wiese ද මෙවර Colombo Stars වෙනුවෙන් ක්‍රීඩා කරනවා. අබුඩාබි T10 තරගාවලියේ ද ඉහළ දස්කම් දැක්වූ Naveen Ul-Haq සහ Sherfane Rutherford ද කොළඹ කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයින්.

දේශීය ක්‍රීඩකයින් – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දුෂ්මන්ත චමීර, සීක්කුගේ ප්‍රසන්න, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, අශාන් ප්‍රියන්ජන්, තික්ෂිල ද සිල්වා, ශිරාන් ප්‍රනාන්දු, හිමේෂ් රාමනායක, ජෙහාන් ඩැනියෙල්, ජෙෆ්රි වැන්ඩර්සේ, රවිඳු ප්‍රනාන්දු.

විදෙස් ක්‍රීඩකයින් – Tom Banton (එංගලන්තය), Sherfane Rutherford (බටහිර ඉන්දීය කොදෙව්), Keemo Paul (බටහිර ඉන්දීය කොදෙව්), David Wiese (නැමීබියාව), Ravi Rampaul (බටහිර ඉන්දීය කොදෙව්), Naveen Ul Haq (ඇෆ්ගනිස්තානය).

කණ්ඩායම සඳහා පළමු තෝරාගැනීම් 11 – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් (නායක), Tom Banton, Sherfane Rutherford, David Wiese, සීක්කුගේ ප්‍රසන්න, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, Naveen Ul-Haq, ශිරාන් ප්‍රනාන්දු.

Dambulla Giants

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක මෙවරත් Dambulla Giants මෙහෙයවනවා. තරග තහනමක ලක්ව සිටි නිරෝෂන් දික්වැල්ල මාස 06කට පමණ පසුව නැවතත් තරගකාරී ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා. පසුගිය LPL තරගාවලිය මඟහැරුනත් ජාත්‍යන්තර තරගාවලි කිහිපයක දී සහ ලෝක කුසලානයේ දී ඉහළ දස්කම් දැක්වූ චාමික කරුණාරත්න මෙවර දඹුල්ල වෙනුවෙන් LPL වරම් දිනා ගැනීමට නියමිතයි.

කොදෙව් ටෙස්ට් තරගාවලියේ දී ඉතා ඉහළ දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස්, දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Imran Tahir සමඟින් එක්ව දඹුල්ල කණ්ඩායමට සවිය ලබා දීමට නියමිතයි. නුවනිඳු ප්‍රනාන්දු ද Dambulla Giants කණ්ඩායමට කැඳවා තිබෙන අතර තරිඳු රත්නායක ද මෙවර දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

Phil Salt ද Dambulla Giants හා එක්ව තිබෙනවා. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන Imran Tahir සහ Marchant De Langeගේ සේවය ද මෙවර දඹුල්ල කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත. ප්‍රවේගකාරී පිතිකරු Najibullah Zadran සහ අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Josh Little, Dambulla Giants කණ්ඩායමේ අනෙක් ප්‍රධානතම ක්‍රීඩකයින්.

දේශීය ක්‍රීඩකයින් – දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්, තරිඳු රත්නායක, ලහිරු උදාර, සචා ද අල්විස්, මුදිත ලක්ෂාන්, කලන පෙරේරා, සචිත ජයතිලක, මදුශාන් රවිචන්ද්‍රකුමර්, ජනිත ලියනගේ, චාමිකර එදිරිසිංහ, දිල්ශාන් මුණවීර, නුවනිඳු ප්‍රනාන්දු.

විදෙස් ක්‍රීඩකයින් – Imran Tahir (දකුණු අප්‍රිකාව), Sohaib Maqsood (පාකිස්තානය), Phil Salt (එංගලන්තය), Marchant De Lange (දකුණු අප්‍රිකාව), Josh Little (අයර්ලන්තය), Najibullah Zadran (ඇෆ්ගනිස්තානය).

කණ්ඩායම සඳහා පළමු තෝරාගැනීම් 11 – නිරෝෂන් දික්වැල්ල, Phil Salt, දිල්ශාන් මුණවීර, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක (නායක), Najibullah Zadran, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, Marchant De Lange, Imran Tahir, නුවන් ප්‍රදීප්.

Kandy Warriors

අනෙක් කණ්ඩායම් තරම් ප්‍රබල නොවුනත් ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් තරග වදින Kandy Warriors මෙවර තරගාවලියට පිවිසෙන්නේ බලාපොරොත්තු රැසක් සමඟිනුයි.

ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉතා ඉහළ දස්කම් දැක්වූ චරිත් අසලංක කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුවයි. ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු සහ බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක Al-Amin Hossain කණ්ඩායමේ පන්දු යැවීම සවිමත් කරනවා. නිමේෂ් විමුක්ති සහ ශෂික දුල්ශාන් දඟපන්දු යැවීමේ බල ඇණිය භාරව කටයුතු කරනවා.

විස්සයි විස්ස ආරම්භක පිතිකරුවන් වන Ahmed Shehzad, Kennar Lewis සහ Devon Thomas මහනුවර කණ්ඩායමේ අනෙක් ප්‍රධානතම තුරුම්පුයි.

දේශීය ක්‍රීඩකයින් – ඇන්ජලෝ පෙරේරා (නායක), චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, කමිල් මිශාර, අසේල ගුණරත්න, ලහිරු කුමාර, ඉෂාන් ජයරත්න, නිමේෂ් විමුක්ති, කල්හාර සේනාරත්න, අයන සිරිවර්ධන, ශෂික දුල්ශාන්, සචිඳු කොළඹගේ, මිනොද් භානුක, තිලකරත්න සම්පත්, මිලින්ද සිරිවර්ධන, බිනුර ප්‍රනාන්දු.

විදෙස් ක්‍රීඩකයින් – Ahmed Shehzad (පකිස්තානය), Rovman Powell (බටහිර ඉන්දීය කොදෙව්) Devon Thomas (බටහිර ඉන්දීය කොදෙව්), Al-Amin Hossain (බංග්ලාදේශය), Kennar Lewis (බටහිර ඉන්දීය කොදෙව්), Shiraz Ahmed (එක්සත් අරාබි එමීර් රාජ්‍යය). 

කණ්ඩායම සඳහා පළමු තෝරාගැනීම් 11 – කමිල් මිශාර, Kennar Lewis, චරිත් අසලංක, ඇන්ජලෝ පෙරේරා, Rovman Powell, කමිඳු මෙන්ඩිස්, අසේල ගුණරත්න, ඉෂාන් ජයරත්න, ලහිරු කුමාර, Al-Amin Hossain, ශෂික දුල්ශාන්. 

තරගාවලියේ කාලසටහන

දිනය තරගය ස්ථානය වේලාව
දෙසැම්බර් 05 Galle Gladiators vs Jaffna Kings R. Premadasa 7.30pm
දෙසැම්බර් 06 Dambulla Giants vs Kandy Warriors R. Premadasa 3.00pm
දෙසැම්බර් 06 Colombo Stars vs Galle Gladiators R. Premadasa 7.30pm
දෙසැම්බර් 07 Jaffna Kings vs Dambulla Giants R. Premadasa 3.00pm
දෙසැම්බර් 07 Kandy Warriors vs Galle Gladiators R. Premadasa 7.30pm
දෙසැම්බර් 08 Colombo Stars vs Dambulla Giants R. Premadasa 3.00pm
දෙසැම්බර් 08 Kandy Warriors vs Jaffna Kings R. Premadasa 7.30pm
දෙසැම්බර් 10 Dambulla Giants vs Galle Gladiators R. Premadasa 3.00pm
දෙසැම්බර් 10 Jaffna Kings vs Colombo Stars R. Premadasa 7.30pm
දෙසැම්බර් 11 Galle Gladiators vs Kandy Warriors R. Premadasa 3.00pm
දෙසැම්බර් 11 Colombo Stars vs Dambulla Giants R. Premadasa 7.30pm
දෙසැම්බර් 12 Jaffna Kings vs Kandy Warriors R. Premadasa 3.00pm
දෙසැම්බර් 12 Galle Gladiators vs Colombo Stars R. Premadasa 7.30pm
දෙසැම්බර් 13 Galle Gladiators vs Dambulla Giants R. Premadasa 7.30pm
දෙසැම්බර් 14 Kandy Warriors vs Colombo Stars R. Premadasa 3.00pm
දෙසැම්බර් 14 Dambulla Giants vs Jaffna Kings R. Premadasa 7.30pm
දෙසැම්බර් 16 Colombo Stars vs Jaffna Kings R. Premadasa 3.00pm
දෙසැම්බර් 16 Kandy Warriors vs Dambulla Giants R. Premadasa 7.30pm
දෙසැම්බර් 17 Jaffna Kings vs Galle Gladiators R. Premadasa 3.00pm
දෙසැම්බර් 17 Colombo Stars vs Kandy Warriors R. Premadasa 7.30pm
දෙසැම්බර් 20 Eliminator – 3rd Place vs 4th Place Hambanthota 3.00pm
දෙසැම්බර් 20 Qualifier 1 – 1st Place vs 2nd Place Hambanthota 7.30pm
දෙසැම්බර් 21 Qualifier 2 – Eliminator Winner vs Qualifier Loser Hambanthota 7.30pm
දෙසැම්බර් 23 Qualifier 1 vs Qualifier 2 Hambanthota 7.30pm

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න, ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<