සබුද්ධි සම්මාන උළෙලේ දී ThePapare.com නැවතත් සම්මානයෙන් ඇගයේ

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන 2021

227
සබුද්ධි සම්මාන උළෙලේ දී ThePapare.com හි මෙහෙයුම් කළමනාකරු වන Dishan De Saa මහතා (දකුණ) වෙත සම්මානය පිලිගැන්වූ අවස්ථාව.

දෙවැනි වරටත් සංවිධානය කෙරුණු සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වරටත් වසරේ විශිෂ්ටතම ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍යයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ThePapare.com අද (03) සමත් වුනා.

>> සම්මාන උළෙලේ ඡායාරූප ඇල්බමය <<

ක්‍රීඩා මාධ්‍යවේදීන් මෙන්ම සාහිත්‍යවේදීන්ගේ නිර්මාණ ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන එකම සම්මාන උළෙල ලෙස සැලකෙන මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගීව සිටියා.

2020 වසරේ දී ප්‍රථම වරට සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලේ දෙවැනි දිගහැරුම අද සවස 3:00 සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල සහයෝගීතාවයෙන් එක් වූ මේ සම්මාන උළෙලට රන් අනුග්‍රහය දැක්වූයේ ද චාන්ස් ස්පෝර්ට්ස් විසින්. සම්මාන උළෙල ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනා. මේ වසරේ සම්මානලාභීන් සහ කුසලතා සහතික ලාභීන්.

  1. වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍ය
  • සම්මානය – The papare.com
  • සහතික – com, Srilankansports.com
  1. වසරේ ක්‍රීඩා සාහිත්‍ය ඡායාරූපය
  • සම්මානය – සමීර පීරිස්
  • සහතික – කැලුම් චාමර, වරුණ ලක්මාල් ආනන්ද
  1. වසරේ ක්‍රීඩා සාහිත්‍ය දිනපතා පුවත්පත
  • සම්මානය – අරුණ
  • සහතික – මව්බිම, දිනමිණ
  1. වසරේ ක්‍රීඩා සාහිත්‍ය සති අන්ත පුවත්පත
  • සම්මානය – ඉරිදා ලංකාදීප
  • සහතික – සිළුමිණ, රාවය
  1. වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන්විදුලිය
  • සම්මානය – ලක්හඬ රේඩියෝව
  • සහතික – වෙළඳ සේවය, සිත 8
  1. වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනිය
  • සම්මානය – ස්වාධීන රූපවාහිනිය
  • සහතික – දෙරණ, ජාතික රූපවාහිනිය
  1. වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රකාශන ආයතනය
  • විශේෂ ඇගයීම් සම්මානය – සඳකඩ ප්‍රකාශන
  1. වසරේ විද්‍යාර්ථී ක්‍රීඩා පර්යේෂණ නිබන්ධනය
  • සම්මානය – සුරාජ් චන්දන අරන්ගල, ප්‍රමේෂ් තොටවත්ත
  • සහතික – නඳුනි විජේතුංග
  1. වසරේ ක්‍රීඩා විවිධ විෂයික කෘතිය
  • සම්මානය – ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් පුරාණය – සරත් ජයසිංහ
  • සහතික – චීන ජන වූෂූ ශාස්ත්‍රීය පෙළ – සංස්කාරක එම්. සෆීර්
  • විද්‍යාත්මක කායවර්ධන – ජනක සමරසිංහ
  1. වසරේ ක්‍රීඩා ශාස්ත්‍රීය කෘතිය
  • සම්මානය – ක්‍රීඩාවේ සමාජ චල්‍යතාව – ආචාර්ය සමන්තා නානායක්කාර
  1. වසරේ සබුද්ධි ක්‍රීඩා සම්මානය
  • සම්මානය – පැරා ඔලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත
  • පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී දුලාන් කොඩිතුවක්කු
  1. ජීවිතයේ දී එක්වරක් පමණක් පිදෙන යෝගානන්ද අනුස්මරණ සබුද්ධි රන් සම්මානය
  • ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී නීතිඥ නීල් විජේරත්න
  1. වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියාට පිදෙන බන්දුල වර්ණපුර රන් සම්මානය
  • ක්‍රීඩා මාධ්‍යවේදී සුසිල් රණසිංහ

ThePapare.com විසින් විකාශය කරනු ලැබූ සම්මාන උළෙලේ සජීව විකාශය පහතින්.

 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<