Home Sinhala එංගලන්තය අසරණ කරමින් ශ්‍රී ලංකා යෞවනයන් පළමු ජය ලබයි

එංගලන්තය අසරණ කරමින් ශ්‍රී ලංකා යෞවනයන් පළමු ජය ලබයි

එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

5537

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර අද (03) කොළඹ SSC පිටියේ දී පැවති දෙවැනි යොවුන් එක්දින තරගයෙන් එංගලන්තය පරදවා ලකුණු 148ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – චමිඳු වික්‍රමසිංහ, අංජුල බණ්ඩාර, ශෙවෝන් ඩැනියල් පවන් පතිරාජ, රන්ඳු සෝමරත්න, රවීන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ (නායක), වනුජ සහන්, යසිරු රොද්‍රගෝ, ට්‍රෙවින් මැතිව්, මහීෂ පතිරණ.

එංගලන්ත 19න් පහළ කණ්ඩායම – George Thomas, Jacob Bethell (නායක), Tom Prest, James Rew,William Luxton, Rehan Ahmed, Danial Ibrahim, James Coles, Thomas Aspinwall, Fateh Singh, Joshua Boyden.

එංගලන්ත කණ්ඩායමට අභියෝගාත්මක ලකුණු පුවරුවක් ලබා දී තරගය ජය ගනිමින් තරගාවලියට පිවිසීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ චමිඳු වික්‍රමසිංහ සහ අංජුල බණ්ඩාර ලකුණු 18ක් වන විට පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත පන්දු යවන්නන්ට හැකි වුනා.

තුන්වැනි කඩුල්ල සඳහා පවන් පතිරාජ සමඟ එක්ව ලකුණු 68ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 18ක් ලබා සිටි ශෙවෝන් ඩැනියල් මුළු ලකුණු සංඛ්‍යාව 86ක් වන විට දැවී ගියේ Rehan Ahmedගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියේ එක්වූ රන්ඳු සෝමරත්න සහ පවන් පතිරාජ එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිව්වැනි කඩුල්ල සඳහා ඉතා වටිනා ලකුණු 105ක සම්බන්ධතාවක් ගොඩනැගුවා.

පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් අගනා ලකුණු 113ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ පවන් Rehan Ahmedගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුවේ කඩුලු 4ක් දැවී 191ක් ලෙසයි.

පෙර තරගයේ රිද්මය එලෙසම පවත්වා ගනිමින් රන්ඳු සෝමරත්න නොදැවී රැස්කළ ලකුණු 58 සහ වේගවත් ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකා නායක පවන් පතිරාජ පන්දු 22ක් තුළ ලබා ගත් ලකුණු 38 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 151ක් රැස්කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී Rehan Ahmed ලකුණු 41කට කඩුලු දෙකක් සහ Joshua Boyden ලකුණු 42කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 252ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ Tom Prest ලකුණු නොලබාම සහ Jacob Bethell ලකුණු හතරකට පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 12ක් වන විටයි.

එතැන් පටන් එංගලන්ත පිතිකරණ ඉනිම විනාශ කිරීම ඇරඹූ ශ්‍රී ලංකා යෞවනයන් එංගලන්ත ලකුණු පුවරුව 36ක් වන විට කඩුලු හයක් දවා ගැනීමට සමත් වුනේ George Thomas (05), William Luxton (12), Danial Ibrahim (0) සහ Rehan Ahmed (03) නරඹන්නන් බවට පත් කරමිනුයි.

James Coles සහ Thomas Aspinwall ලකුණු පහ බැගින් ලබා සිටිය දී සහ Fateh Singh ලකුණු 11කටත් පිටියෙන් ඉවත් කිරීමට වනුජ සහන් සමත් වෙද්දී, එංගලන්ත යොවුන් ක්‍රීඩකයන් කඩුලු 9ක් දැවී ලකුණු 72ක් පමණක් රැස්කරමින් අසීරු අඩියක පසු වුනා.

එංගලන්ත යෞවනයන්ගේ ගෞරවය රැක ගැනීම සඳහා හුදකලා ඉනිමක් දියත් කරමින් ලකුණු 50ක් ලබා ගත් James Rew පිටියෙන් ඉවත් කරමින් එංගලන්ත ලකුණු පුවරුව 103කට සීමා කිරීමට ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේට හැකි වුනා.

ඒ සමඟින් දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 148ක විශිෂ්ට ජයක් ලබා ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සමකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනා.

අගනා පන්දු යැවීමක නිරත වූ වනුජ සහන් ලකුණු 21 කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර යසිරු රොද්‍රිගෝ සහ මතීෂ පතිරණ අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

තරගාවලියේ මීළඟ තරගය එළඹෙන 5 වැනිදා, ඉරිදා SSC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.


Result


Sri Lanka U19
251/4 (50)

England U19
103/10 (31.4)

Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c James Rew b Joshua Boyden 7 15 0 0 46.67
Anjala Bandara c Tom Prest b Joshua Boyden 0 5 0 0 0.00
Shevon Daniel c & b Rehan Ahmed 18 52 0 0 34.62
Pawan Pathiraja c Thomas Aspinwall b Rehan Ahmed 113 131 0 0 86.26
Ranuda Somarathne not out 58 79 0 0 73.42
Dunith Wellalage not out 38 22 0 0 172.73


Extras 17 (b 1 , lb 2 , nb 4, w 10, pen 0)
Total 251/4 (50 Overs, RR: 5.02)
Bowling O M R W Econ
Joshua Boyden 8 3 42 2 5.25
Thomas Aspinwall 6 0 42 0 7.00
Tom Prest 8 1 23 0 2.88
Jacob Bethell 3 0 28 0 9.33
Rehan Ahmed 9 1 41 2 4.56
James Coles 6 1 19 0 3.17
Danial Ibrahim 4 0 17 0 4.25
Fateh Singh 6 0 36 0 6.00


Batsmen R B 4s 6s SR
Jacob Bethell c Amshi De Silva b Yasiru Rodrigo 4 19 0 0 21.05
Tom Prest lbw b Yasiru Rodrigo 0 3 0 0 0.00
George Balderson c Dulith Wellalage b Wanuja Sahan 5 22 0 0 22.73
William Luxton c & b Matheesha Pathirana 12 27 0 0 44.44
James Rew c Pawan Pathiraja b Dulith Wellalage 50 57 0 0 87.72
Danial Ibrahim lbw b Wanuja Sahan 0 2 0 0 0.00
Rehan Ahmed c Wanuja Sahan b Matheesha Pathirana 3 9 0 0 33.33
James Coles st Anjala Bandara b Wanuja Sahan 5 11 0 0 45.45
Thomas Aspinwall lbw b Wanuja Sahan 5 13 0 0 38.46
Fateh Singh c Matheesha Pathirana b Wanuja Sahan 11 16 0 0 68.75
Joshua Boyden not out 0 11 0 0 0.00


Extras 8 (b 0 , lb 0 , nb 0, w 8, pen 0)
Total 103/10 (31.4 Overs, RR: 3.25)
Bowling O M R W Econ
Yasiru Rodrigo 6 0 18 2 3.00
Treveen Mathews 8 1 27 0 3.38
Wanuja Sahan 10 4 21 5 2.10
Matheesha Pathirana 4 0 20 2 5.00
Shevon Daniel 2 1 16 0 8.00
Dunith Wellalage 1.4 0 1 1 0.71



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<