Home Sinhala වැන්ඩර්සේ කොළඹ Playoff වටයට රැගෙන යයි

වැන්ඩර්සේ කොළඹ Playoff වටයට රැගෙන යයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

913
jeffry

Colombo Stars සහ Kandy Warriors කණ්ඩායම් අතර අද (17) පැවති පළමු වටයේ අවසාන තරගයෙන් ලකුණු 58ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට Colombo Stars සමත් වුනා.

ඒ සමඟම 2021 LPL තරගාවලියේ playoff වටයේ අවසන් අසුන Colombo Stars තමන්ගේ නමට ලියා ගන්නට සමත් වුනා.

Stars වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 25කට කඩුලු 6ක් දවා ගත්තේ LPL ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. ඒ අනුව මහනුවරට මෙවරත් අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වුනා.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. නමුත්, ඔහුගේ එම තීරණයට සාධාරණයක් ඉටු කරන්නට Kandy Warriors පන්දු යවන්නන් සමත් වුනේ නැහැ.

Colombo Stars සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළා. පෙර තරගවල දී ආරම්භක පිතිකරු ලෙස පිවිසුණු ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට මෙම තරගයේ දී අශාන් ප්‍රියන්ජන් ඉනිම ආරම්භ කළ අතර ඔහුට සාර්ථක වන්නට වමත් දඟපන්දු යවන ක්‍රීඩක නිමේෂ් විමුක්ති ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් වටිනා ලකුණු 79ක සබඳතාවයක් දෙවැනි කඩුල්ලට එකතු කරන්නට කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා සමත් වුනා. කුසල් පෙරේරා පන්දු 38ක දී ලකුණු 58ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා.

ධනංජය ද සිල්වා, කුසල්ට අනගි සහයක් ලබා දෙමින් පන්දු 28ක දී ලකුණු 40ක් රැස් කළා. ධනංජය හතරේ පහර 7කින් සිය ඉනිම වර්ණවත් කළා. ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව Kandy Warriors නැවත තරගයට පිවිසෙන්නට උත්සාහ කළත්, දිනේෂ් චන්දිමාල් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් එයට ඉඩ ලබා දුන්නේ නැහැ.

හතරේ පහර හතරක් සමඟින් නායක මැතිව්ස් පන්දු 16ක දී ලකුණු 29ක් රැස් කළා. ඒ කලකට පසුව තරග නිමා කරන්නාගේ වගකීම තමන්ගේ කර මතට ගනිමිනුයි. තරගාවලියේ පුරාම ඉහළ දක්ෂතා අතර සිටි චන්දිමාල් මෙම තරගයේ දීත් වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කළේ පන්දු 29ක දී ලකුණු 44ක් රැස් කරගනිමිනුයි. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් වුනා.

Al-Amin යැවූ ඉනිමේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු තුනේ දී චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 2ක් එල්ල කළේ Colombo Stars ඉනිමට සුපිරි අවසානයක් ගෙනෙමින්.

තරගාවලිය පුරාම පන්දුවෙන් දස්කම් දැක්වූ වමත් දඟපන්දු යවන ක්‍රීඩක නිමේෂ් විමුක්ති මෙම තරගයේ දීත් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගන්නට සමත් වුනා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ Kandy Warriors කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාව 28ක් වන විට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට වැන්ඩර්සේ සමත් වුනා. Kennar Lewis වේගවත් ලකුණු 21කටත්, මිනෝද් භානුක ලකුණු 06කටත් නැවත හරවා යවන්නට වැන්ඩර්සේ සමත් වුනේ සිය පළමු පන්දුවාරයේ දීමයි.

අනතුරුව Kandy Warriors ඉනිම තරමක් ස්ථාවර කරන්නට Ravi Bopara සමඟ එක්වුනු චරිත් අසලංක සමත් වුනා. අසලංක ලකුණු 14කට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගන්නට වැන්ඩර්සේ සමත් වුනා.

පිටිය පුරා අලංකාර පහරවල් එල්ල කරමින් වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කළ Bopara පන්දු 31ක දී ලකුණු 47ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. ඉනිමේ වැදගත්ම මොහොතක ක්‍රියාත්මක වූ සීක්කුගේ ප්‍රසන්න අලංකාර පන්දුවකින් Ravi Boparaගේ කඩුල්ල බිඳ දැමුවා.

ඊට පන්දු දෙකකට පසු මහනුවර නායක ඇන්ජලෝ පෙරේරා ද එම පන්දුවෙන්ම නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සීක්කුගේ ප්‍රසන්න සමත් වුනේ මහනුවර කණ්ඩායමේ පිතිකරණ කොඳුඇටපෙළ බිඳ දමමිනුයි.

අසේල ගුණරත්න ලකුණු 17ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් රැස් කළා. 17 වැනි පන්දුවාරයේ දී කඩුලු තුනක්ම දවා ගත් වැන්ඩර්සේ මහනුවර ඉනිම අවසන් කර දැමුවේ ලකුණු 25කට කඩුලු 6ක් තමන් සතුකර ගනිමිනුයි.

මහනුවර පන්දුවාර 17ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 124ක් පමණයි. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් බඳු වූ මෙම තරගය ජය ගත් Colombo Stars Playoff වටයට සුදුසකම් ලබා ගන්නට සමත් වුනා.


Result


Colombo Stars
182/6 (20)

Kandy Falcons
124/10 (17)

Batsmen R B 4s 6s SR
Kusal Perera c Charith Asalanka b Sachindu Colombage 58 37 0 0 156.76
Ashan Priyanjan c Minod Bhanuka b Nimesh Vimukthi 0 1 0 0 0.00
Dhammika Prasad st Minod Bhanuka b Nimesh Vimukthi 40 28 0 0 142.86
Tom Banton run out () 2 4 0 0 50.00
Dinesh Chandimal not out 44 29 0 0 151.72
Keemo Paul c Angelo Perera b Nimesh Vimukthi 1 4 0 0 25.00
Angelo Mathews b Al-Amin Hossain 29 16 0 0 181.25
Seekkuge Prasanna not out 1 1 0 0 100.00


Extras 7 (b 0 , lb 3 , nb 1, w 3, pen 0)
Total 182/6 (20 Overs, RR: 9.1)
Bowling O M R W Econ
Nimesh Vimukthi 4 0 24 3 6.00
Charith Asalanka 2 0 8 0 4.00
Shiraz Ahmed 3 0 47 0 15.67
Kamindu Mendis 3 0 25 0 8.33
Al-Amin Hossain 3 0 40 1 13.33
Sachindu Colombage 3 0 17 1 5.67
Nishan Madushka Fernando 1 0 8 0 8.00
Asela Gunarathne 1 0 10 0 10.00


Batsmen R B 4s 6s SR
Kennar Lewis c Angelo Mathews b Jeffrey Vandersay 21 11 0 0 190.91
Minod Bhanuka c Dinesh Chandimal b Jeffrey Vandersay 6 7 0 0 85.71
Ravi Bopara b Seekkuge Prasanna 47 31 0 0 151.61
Charith Asalanka lbw b Jeffrey Vandersay 14 13 0 0 107.69
Asela Gunarathne b Naveen Ul Haq 17 17 0 0 100.00
Angelo Perera b Seekkuge Prasanna 0 2 0 0 0.00
Kamindu Mendis c Dushmantha Chameera b Jeffrey Vandersay 13 13 0 0 100.00
Nimesh Vimukthi run out () 1 3 0 0 33.33
Sachindu Colombage c Dushmantha Chameera b Jeffrey Vandersay 0 3 0 0 0.00
Al-Amin Hossain c Kusal Perera b Jeffrey Vandersay 0 2 0 0 0.00
Shiraz Ahmed not out 0 0 0 0 0.00


Extras 5 (b 0 , lb 3 , nb 0, w 2, pen 0)
Total 124/10 (17 Overs, RR: 7.29)
Bowling O M R W Econ
Jeffrey Vandersay 4 1 25 6 6.25
Dushmantha Chameera 2 0 15 0 7.50
Dhananjaya de Silva 4 0 33 0 8.25
Seekkuge Prasanna 4 0 27 2 6.75
Naveen Ul Haq 2 0 8 1 4.00
Ashan Priyanjan 1 0 12 0 12.00



LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<