Home Sinhala යාපනය මෙල්ල කරමින් ජයග්‍රහණය ගාල්ලට

යාපනය මෙල්ල කරමින් ජයග්‍රහණය ගාල්ලට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

3793
Galle

ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ මූලික වටයේ අද (17) පැවති තරගයකින් Jaffna Kings පරදවා ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගන්නට Galle Gladiators සමත් වුනා.

Jaffna Kings ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීමට සමත්ව තිබූ අතර Galle Gladiators පසු වුනේ දෙවැනි තැනයි.

ආර්. ප්‍රේමදාස පිටියේ ඉහළ ගිය කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators නායක භානුක රාජපක්ෂ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

  • Jaffna Kings: Tom Kohler-Cadmore, Avishka Fernando, Rahmanullah Gurbaz (wk), Shoaib Malik, Ashen Bandara, Thisara Perera (c), Chaturanga de Silva, Wahab Riaz, Suranga Lakmal, Vijayakanth Viyaskanth, Praveen Jayawickrama
  • Galle Gladiators: Danushka Gunathilaka, Kusal Mendis (wk), Mohammad Hafeez, Bhanuka Rajapaksa (c), Sahan Arachchige, Samit Patel, Isuru Udana, Noor Ahmad, Pulina Tharanga, Mohammad Amir, Pramod Madushan

නායකයාගේ තීරණයට අනුව පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමේ මුළු ලකුණු සංංඛ්‍යාව 11ක් වන විට ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 9කට දවා ගැනීමට Wahab Riaz සමත් වුනා.

ඉන්පසු පිටියට පිවිසි Mohammad Hafeez ලකුණු 15කට දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වූ අතර මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 19කට දැවී යන විට Gladiators ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ලෙසයි.

Gladiators පිතිකරුවන්ට දිගින් දිගටම දැඩි පීඩනයක් එල්ල කළ Jaffna පන්දු යවන්නන් භානුක රාජපක්ෂ ලකුණු 23කටත්, Samit Patel ලකුණකට සහ සහන් ආරච්චිගේ ලකුණු 14කට පිටියෙන් ඉවත් කරන විට ගාල්ල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 92ක් ලබාගෙන සිටියා.

ගාල්ල පසුපෙළට තරමක ජීවයක් ගෙන දුන් පුලින තරංග පන්දු 9ක් තුළ ලබා ගත් ලකුණු 14 නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් ලබා ගැනීමට Galle Gladiators ක්‍රීඩකයන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී Wahab Riaz, ප්‍රවීන් ජයවික්‍රම සහ Vijayakanth Viyaskanth අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 130ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 7කට දවා ගැනීමට Mohammad Hafeez සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 18ක් වන විටයි.

ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz ලකුණු 21කට සහ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන Tom Kohler-Cadmore ලකුණු 7කටත් දවා ගනිමින් තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට දිනා දීමට Samit Patelට හැකි වුනා.

ඉන්පසු පිටියට පිවිසි චතුරංග ද සිල්වා ලකුණු 8කටත්, නායක තිසර පෙරේරා එක් ලකුණකටත්, Shoaib Malik ලකුණු 23කටත් දවා ගැනීමට Gladiators ක්‍රීඩකයින්ට හැකි වුනේ Kings ලකුණු පුවරුව 78.6ක් බවට පත්කරමිනුයි.

හත්වැනි කඩුල්ල සඳහා අශේන් බණ්ඩාර සමඟ එක්ව ලකුණු 17ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසු ලකුණු 7ක් ලබා සිටි Wahab Riaz දැවී ගියේ දුවද්දී දැවී යාමකට හසුවීම නිසයි.

පන්දු 9ක් තුළ ලකුණු 19ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීම නිසාවෙන් පිටියෙන් ඉවත් වුනේ Jaffna Kings කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව ද සුන් කරමිනුයි.

Galle Gladiators ප්‍රබල පන්දු යැවීම සහ රැකීම හමුවේ පන්දුවාර 18.3ක් අවසානයේ Jaffna Kings ක්‍රීඩකයින්ට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108ක් පමණයි.

Galle Gladiators වෙනුවෙන් පන්දු යැවීමේ දී Samit Patel සහ Noor Ahmad අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගිය අතර Mohammad Amir, Mohammad Hafeez සහ සහන් ආරච්චිගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.


Result


Jaffna Kings
109/10 (18.3)

Galle Gladiators
129/8 (20)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c Suranga Lakmal b Shoaib Malik 19 32 0 0 59.38
Kusal Mendis c Tom Kohler-Cadmore b Wahab Riaz 9 7 2 0 128.57
Mohammad Hafeez b Praveen Jayawickrama 15 13 0 0 115.38
Bhanuka Rajapakse b Wahab Riaz 23 25 0 0 92.00
Samit Patel c Ashen Bandara b Vijayakanth Viyaskanth 1 2 0 0 50.00
Sahan Arachchige lbw b Vijayakanth Viyaskanth 14 14 0 0 100.00
Isuru Udana c & b Vijayakanth Viyaskanth 8 13 0 0 61.54
Pulina Tharanga run out () 14 9 0 0 155.56
Mohammad Amir not out 8 5 0 0 160.00
Noor Ahmad not out 1 2 0 0 50.00


Extras 17 (b 1 , lb 0 , nb 2, w 14, pen 0)
Total 129/8 (20 Overs, RR: 6.45)
Fall of Wickets 1-11 (2.1) Kusal Mendis,

Bowling O M R W Econ
Thisara Perera 1 0 9 0 9.00
Suranga Lakmal 3 0 29 0 9.67
Wahab Riaz 4 0 31 2 7.75
Praveen Jayawickrama 3 0 13 2 4.33
Shoaib Malik 4 0 16 1 4.00
Vijayakanth Viyaskanth 4 0 21 2 5.25
Chathuranga de Sliva 1 0 9 0 9.00


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Bhanuka Rajapakse b Samit Patel 21 15 0 0 140.00
Avishka Fernando c Noor Ahmad b Mohammad Hafeez 7 11 0 0 63.64
Tom Kohler-Cadmore c Bhanuka Rajapakse b Samit Patel 7 19 0 0 36.84
Shoaib Malik c Mohammad Hafeez b Noor Ahmad 23 27 0 0 85.19
Chathuranga de Sliva b Sahan Arachchige 8 13 0 0 61.54
Thisara Perera b Noor Ahmad 1 4 0 0 25.00
Ashen Bandara run out () 18 9 0 0 200.00
Wahab Riaz run out () 7 7 0 0 100.00
Suranga Lakmal c Noor Ahmad b Mohammad Amir 5 3 0 0 166.67
Vijayakanth Viyaskanth run out () 0 1 0 0 0.00
Praveen Jayawickrama not out 2 2 0 0 100.00


Extras 10 (b 1 , lb 2 , nb 0, w 7, pen 0)
Total 109/10 (18.3 Overs, RR: 5.89)
Bowling O M R W Econ
Mohammad Amir 2.3 0 25 1 10.87
Samit Patel 4 0 15 2 3.75
Pulina Tharanga 4 0 22 0 5.50
Mohammad Hafeez 3 0 23 1 7.67
Noor Ahmad 4 0 12 2 3.00
Ashain Daniel 1 0 9 1 9.00



තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න, ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<