Home Sinhala Kohler-Cadmore සහ විජයකාන්ත්ගේ දස්කම් හමුවේ කොළඹ පසුබසී

Kohler-Cadmore සහ විජයකාන්ත්ගේ දස්කම් හමුවේ කොළඹ පසුබසී

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

1551

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (16) පැවති තරගයකින් Colombo Stars පරාජය කරමින් ලකුණු 102ක ජයක් ගන්නට ප්‍රබල Jaffna Kings සමත් වුනා. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මේ තරගය පැවැත්වුනේ තරගාවලියේ 17 වැනි තරගය ලෙසයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් රැස් කරගන්නට සමත් වුනා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Starsට පන්දුවාර 15.5ක දී සියල්ලන් දැවී රැස් කරන්නට සමත් වුනේ ලකුණු 91ක් පමණයි.

Jaffna Kings කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසුනු Kohler-Cadmore සහ උපුල් තරංග පළමු කඩුල්ලට පන්දු 70ක් තුළ ලකුණු 110ක් එක් කළේ Colombo Stars පන්දු යවන්නන් අන්දමන්ද කරමිනුයි. මේ මෙවර තරගාවලියේ ඉහළම ආරම්භක පිතිකරු සබඳතාවයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Tom Kohler-Cadmore අවාසනාවන්ත ලෙස දැවී යන විට පන්දු 55ක දී ලකුණු 92ක් වාර්තා කරගැනීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 5ක් අන්තර්ගතයි. Kohler-Cadmoreට අනගි සහයක් ලබා දුන් උපුල් තරංග එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දු 33ක දී ලකුණු 37ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර හතරක් ඇතුළත් වුනා.

අශාන් රන්දික පන්දු 9ක් තුළ දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් රැස් කළා. තිසර පෙරේරා සහ Shoaib Malik ලකුණු 07කට සහ 10 කට දැවී යද්දී අවසන් පන්දුවාර කිහිපය තුළ වගකීම අතට ගත් වනිඳු හසරංග නොදැවී පන්දු 7ක් තුළ ලකුණු 19ක් රැස් කළා. ඔහු හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමඟින් ඉනිම නිමා කළා.

පන්දු යැවීමේ දී සාර්ථක වුනු එකම Colombo Stars පන්දු යවන්නා වුනේ Naveen-ul-Haq. ඔහු ලකුණු 27කට කඩුලු 3ක් බිඳ දැමුවා. දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩර්සේ එක් කඩුල්ල බැගින් දවා ගත්තත්, ඔවුන් ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී තිබුණා. අශාන් ප්‍රියන්ජන් සහ Ravi Rampaulගේ පන්දුවාර 8 තුළ Jaffna ක්‍රීඩකයින් ලකුණු 89ක් රැස් කරගෙන තිබීම විශේෂත්වයක්.

යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ප්‍රමුඛ Jaffna පන්දු යවන්නන් ප්‍රතිවාදී Colombo Stars පිතිකරණ ලැයිස්තුවට සාර්ථක වන්නට ඉඩක් ඉතිරි කළේ නැහැ. Colombo Stars සියල්ලන් ලකුණු 91කට දැවී ගියේ ඔවුන්ට ජයග්‍රහණයක් අත්‍යවශ්‍යව තිබුණු මොහොතකයි.

විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා. බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක Jayden Seales, Colombo පිතිකරුවන් එකා පසුපස එකා නැවත ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිමිනුයි. ඒ සඳහා ඔහු යවා තිබුණේ පන්දුවාර 2.5ක් පමණක් වීම විශේෂත්වයක්.

සුපුරුදු පරිදි සාර්ථක වූ මහිෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 2ක් දවා ගද්දී කඩුලු නොලැබුනත් පිටියේ එක් අන්තයක් ආරක්ෂා කළ වනිඳු හසරංග පන්දුවාර තුනක් යවා ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ ලකුණු 8ක් පමණයි.

අසාර්ථක Colombo Stars වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වුනේ එංගලන්ත ක්‍රීඩක Tom Banton. Banton හතරේ පහර හතරක් සමඟින් පන්දු 33ක දී ලකුණු 30ක් රැස් කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිවිසි ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් පිළිවෙළින් ලකුණු 11ක් සහ 10ක් බැගින් රැස් කළා.


Result


Colombo Stars
91/10 (15.5)

Jaffna Kings
193/5 (20)

Batsmen R B 4s 6s SR
Tom Kohler-Cadmore lbw b Naveen Ul Haq 92 55 5 8 167.27
Upul Tharanga c Tom Banton b Jeffrey Vandersay 37 33 4 0 112.12
Ashan Randika c Jeffrey Vandersay b Dushmantha Chameera 16 9 1 1 177.78
Thisara Perera c Jeffrey Vandersay b Naveen Ul Haq 7 5 1 0 140.00
Shoaib Malik c Dinesh Chandimal b Naveen Ul Haq 10 9 0 0 111.11
Wanindu Hasaranga not out 19 7 3 1 271.43
Ashan Randika not out 2 2 0 0 100.00


Extras 10 (b 0 , lb 5 , nb 0, w 5, pen 0)
Total 193/5 (20 Overs, RR: 9.65)
Fall of Wickets 1-110 (11.4) Upul Tharanga, 2-151 (15.5) Ashan Randika, 3-152 (16.1) Tom Kohler-Cadmore, 4-171 (18.1) Thisara Perera, 5-171 (18.3) Shoaib Malik,

Bowling O M R W Econ
Ashan Priyanjan 4 0 40 0 10.00
Ravi Rampaul 4 0 49 0 12.25
Dushmantha Chameera 4 0 39 1 9.75
Naveen Ul Haq 4 0 27 3 6.75
Jeffrey Vandersay 4 0 33 1 8.25


Batsmen R B 4s 6s SR
Dhananjaya de Silva c Shoaib Malik b Jayden Seales 11 12 1 0 91.67
Angelo Mathews c & b 10 8 0 0 125.00
Ashan Priyanjan run out (Ashan Randika) 0 1 0 0 0.00
Tom Banton c Mahesh Theekshana b Vijayakanth Viyaskanth 30 33 4 0 90.91
Kusal Perera c Upul Tharanga b Vijayakanth Viyaskanth 2 4 0 0 50.00
Dinesh Chandimal c Usman Shinwari b Mahesh Theekshana 6 8 0 0 75.00
Keemo Paul c Thisara Perera b Vijayakanth Viyaskanth 9 5 0 1 180.00
Jeffrey Vandersay c Upul Tharanga b Jayden Seales 2 6 0 0 33.33
Dushmantha Chameera b Jayden Seales 2 12 0 0 16.67
Ravi Rampaul not out 10 2 1 1 500.00
Naveen Ul Haq b Jayden Seales 4 4 1 0 100.00


Extras 5 (b 4 , lb 0 , nb 0, w 1, pen 0)
Total 91/10 (15.5 Overs, RR: 5.75)
Fall of Wickets 1-19 (2.4) Angelo Mathews, 2-24 (4.1) Dhananjaya de Silva, 3-24 (4.1) Ashan Priyanjan, 4-44 (7.4) Kusal Perera, 5-55 (10.1) Dinesh Chandimal, 6-68 (11.2) Keemo Paul, 7-71 (12.4) Jeffrey Vandersay, 8-71 (13.1) Tom Banton, 9-83 (15.1) Dushmantha Chameera, 10-91 (15.5) Naveen Ul Haq,

Bowling O M R W Econ
Mahesh Theekshana 4 0 25 2 6.25
Usman Shinwari 2 0 9 0 4.50
Jayden Seales 2.5 1 13 4 5.20
Wanindu Hasaranga 3 0 7 0 2.33
Vijayakanth Viyaskanth 4 0 32 3 8.00



තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න, ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<