ආසියානු ක්‍රිකට් කුසලානයේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට?

4785
@cricketworld.com

2018 ආසියානු කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව, පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සිය භූමියට පැමිණීම පිළිබඳව එතරම් කැමැත්තක් නොපෙන්වන බැවින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට (ACC) තරගාවලිය පැවැත්වෙන රට වෙනස් කිරීමට සිදු වනු ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබී ඇති බව නිල නොවන ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

[rev_slider LOLC]

2005 ඔක්තෝබර් මස සිංගප්පූරුවේ දී පැවැත්වූ හමුවක දී ආසියානු ක්‍රිකට් කවුන්සිලය මගින් ඉන්දියාව සත්කාරක දේශය ලෙස නම් කළ නමුත්, ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති දේශපාලනික අස්ථාවරභාවය නිසා ඔවුන්ගේ සත්කාරකත්වය අවිනිශ්චිත වී තිබේ.    

ඉන්දියාව 19න් පහළ ආසියානු කුසලානයේ සත්කාරකත්වයට ද හිමිකම් කියූව ද, කිසියම් හේතුවක් නිසාවෙන් ඔවුන් තරගාවලිය නොපවත්වා එහි සත්කාරකත්වය සිංගප්පූරුවට ලබා දුන් අතර එහි දී ඇෆ්ගනිස්තාන කණ්ඩයම කිසිවකු නොසිතූ ලෙස ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

කුසල් රට පෙරට තබා IPL අතහරී

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රිමියර් ලීග් කොන්ත්‍රාත්තුව..

“අපි තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය කරුණු සූදානම් කරමින් පවතිනවා, තවම ඒවා නිල වශයෙන් ස්ථිර කරගෙන නැහැ, නමුත් තරගාවලිය පැවැත්වීමේ නිල අයිතිය අපිට හිමි වී තිබෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ThePapare.com වෙත පැවසීය.

කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ කාන්තා සුපිරි පළාත් ක්‍රිකට්…

පන්දුවාර 50 ආකෘතියට අනුව පැවැත්වීමට නියමිත අතර 2018 සැප්තැම්බර් මස 15 – 30 දක්වා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා තේරීම් තරගවලින් තෝරා ගන්නා රටක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පවත්වනු ඇතැයි වාර්තා වේ.

අවසන් වරට පිරිමි ආසියානු කුසලානයක් පැවැත්වූයේ 2016 පෙබරවාරි සහ මාර්තු මාසවල දී බංග්ලාදේශයේ දීය. එම තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරගාවලියට පුහුණු තරගාවලියක් ලෙස විස්සයි විස්ස ආකෘතියට පැවැත්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<