Marylebone හා එසෙක්ස් තරගයත් නවතී

73

පසුගිය දින කීපය මෙරට ක්‍රීඩාලෝලීන්ට එතරම් සුබදායි කාලයක් වූයේ නැත. වසංගතයක් ලෙස පැතිර යන නව කොරෝනා වයිරසය නිසාවෙන් මෙරට මෙන්ම විදෙස් රටවල ද පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් අවලංගු කර ඇත. 

එංගලන්තයේ ප්‍රමුඛ පෙළේ පළමු පෙළ තරගාවලියේ වත්මන් ශූරයන් වන එසෙක්ස් කණ්ඩායම හා Marylebone ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තරගය ද අවලංගු කර තිබේ. 

IPL සිහින පස්සට යයි

COVID-19 (නව කොරොනා වයිරසය) පැතිරී යාම යාම පිළිබඳ ගෝලීය අවධානය යොමුවීමෙන් පසුව 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග්…..

මෙම දින 4ක ටෙස්ට් තරගය මාර්තු 24 වන දින සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක හා එම්.සී.සී. හි වත්මන් සභාපති කුමාර් සංගක්කාර ද එයට සහභාගි වීමට නියමිතව තිබුණි.  එසෙක්ස් කණ්ඩායම මෙම තරගය සඳහා එරට ජාතික හා දේශීය තරු කිහිප දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කණ්ඩායමක් ඇතුළත් කර තිබිණි. 

පවත්නා හදිසි තත්වය සැලකිල්ලට ගනිමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් මඟින් ආරම්භ වීමට නියමිත ‍එංගලන්ත දේශීය තරගාවලියේ වෙනස්කම් කිහිපයක් පිළිබඳව ද ඉඟි පලකර ඇත.

“දේශීය තරගාවලිය සාමාන්‍ය පරිදි ඉදිරියට යනු ඇතැයි අපි අපේක්‍ෂා කරනවා. ඒ සඳහා අපි අඛණ්ඩව සැලසුම. කරනවා. නමුත් එයට සමාන්තරව විවිධ දුෂ්කරතා හා අභියෝග සඳහා සූදානම් වීමට අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රේක්ෂකයන් නොමැතිව (closed doors) තරග ක්‍රීඩා කිරීමේ හැකියාව, හෝ තරගාවලියේ අංග කල් දැමීම හෝ අවලංගු කිරීම එයට ඇතුළත් විය හැකියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<