කුසල් පෙරේරා T20 සංචිතයෙන් ඉවතට; දික්වැල්ල ඇතුළට

Sri Lanka Tour of Bangladesh 2024

354
Sri Lanka Tour of Bangladesh 2024

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (28) දිනයේ ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කුසල්ගේ නම ද ඇතුළත් වූ නමුත්, අද (29) දිනයේ බංග්ලාදේශය කරා පිටත්ව ගිය ක්‍රීඩකයින් සමඟ කුසල් පෙරේරා එක් වී තිබුණේ නැහැ.

යම් රෝගී තත්වයක් හේතුවෙන් කුසල් සංචිතය සමඟ එක් වී නොමැති අතර, ඒ අනුව තරගාවලියේ දී ඔහුගේ අංක තුන පිතිකරණ ස්ථානය බොහෝ දුරට කමිඳු මෙන්ඩිස් හට හිමි වෙතැයි අනුමාන කරනවා. එමෙන්ම පළමු තරග දෙකේ නායකත්වය දැරීමට නියමිත චරිත් අසලංක සුපුරුදු පරිදි පිතිකරණ අනුපිළිවෙළේ අංක පහ ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති.

මේ අනුව කුසල්ගෙන් හිස් වන ස්ථානය සඳහා නිරෝශන් දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා. දික්වැල්ල විසින් මේ දිනවල පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගාවලියේ දී දස්කම් අතරට පැමිණීමට සමත් වුනා. ඔහු හෙට (01) දිනයේ දී බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලියේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<