ස්පාඤ්ඤයේ ලෝක කුසලාන බලාපොරොත්තු අහස උසටම!

1
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ 29 වැනි දිනයට අදාළ ව තවත් එක් තරගයක් අද (11) අලුයම් කාලයේ දී ක්‍රියාත්මක වුනා.

බෙල්ජියම සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණු මෙම අර්ධ අවසන් පූර්ව තරගයෙන් ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟම ස්පාඤ්ඤය විසින් ඉතිහාසයේ දෙවැනි වරට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

තරගය ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකම ඉතා හොඳ ජවයකින් යුතුව ක්‍රීඩා කරමින් ගෝල වෙනුවෙන් උත්සාහ කළා.

එහි පළමු උත්සාහය ස්පාඤ්ඤය වෙනුවෙන් සාර්ථක කර ගැනීමට සමත් වූ Fabian Ruiz තරගයේ 30 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ 41 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම වෙනුවෙන් Charles De Ketelaere විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය නැවතත් සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.

මෙය ස්පාඤ්ඤය විසින් මෙතෙක් තරගාවලියේ තම ප්‍රතිවාදීන්ට ලබා දුන් පළමු ගෝලය ලෙසත් වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

ඉන් අනතුරුව ස්පාඤ්ඤය විසින් විශේෂයෙන්ම බෙල්ජියමට දරුණු අභියෝගයක් එල්ල කරමින් තරගයේ නැවත පෙරමුණ ලබා ගැනීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටියා. එම උත්සාහයන් සාර්ථක කිරීමට ස්පාඤ්ඤය වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයකු ලෙස පැමිණි Mikel Merino විසින් සමත් වුනේ තරගයේ 88 වැනි මිනිත්තුවේ දියි. ඉන් අනතුරුව නැවත බෙල්ජියම විසින් තරගය සම කිරීම සඳහා අවශ්‍ය ගෝලය වාර්තා කිරීමට උත්සාහ ගත් නමුත්, එම උත්සාහයන් සියල්ල අසාර්ථක වීම මත ස්පාඤ්ඤයට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

ඒ අනුව ප්‍රංශය සහ ස්පාඤ්ඤය මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් තෝරා ගැනීම සඳහා තවත් අර්ධ අවසන් පූර්ව තරග ද්විත්වයක් හෙට (12) පැවැත්වීමට නියමිතයි.

  • හෙට අලුයම 2.30 – නෝර්වේ සහ එංගලන්තය
  • හෙට උදෑසන 6.30 – ආජන්ටිනාව සහ ස්විස්ටර්ලන්තය

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>