ICCයෙන් නව විනිසුරු පාඨමාලාවක්

ICC Training and Education Programme

753
ICC Training and Education Programme

ICCය විසින් සිය පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් මාලාවේ නවතම අදියර ලෙස පළමු මට්ටමේ විනිසුරු පාඨමාලාවක් හඳුන්වා දී තිබෙනවා.

මෙමඟින් ICC සාමාජිකයින් හට ක්‍රීඩාව සඳහා උනන්දුවක් ඇති සහ ඒ සඳහා හැකියාව ඇති පිරිස් වැඩි වශයෙන් තමන් සමඟ එකතු කර ගැනීමේ අවස්ථාව උදා කරවීමයි ICCයේ ප්‍රධානතම අරමුණ වී තිබෙන්නේ.

ICCය විසින් ක්‍රියාත්මක කළ පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් මාලාව මඟින් පාඨමාලා කිහිපයක් හඳුන්වා දී ඇති අතර, මෙම පළමු මට්ටමේ විනිසුරු පාඨමාලාවට පෙර පුහුණුකරු සහ විනිසුරු පදනම් පාඨමාලා මෙන්ම, පළමු මට්ටමේ පුහුණුකරු පාඨමාලාවක් ද ICCය විසින් හඳුන්වා දුන්නා.

ඒ අනුව දැන් ICC සාමාජිකයින්ට මේ වෙනුවෙන් සුදුසුකම් ලත් විනිසුරු උපදේශකවරයන් සමඟ එක් වී මෙම පාඨමාලා පැවැත්විය හැකි අතර, ඒ සඳහා සුදුසුකම් ලත් උපදේශකවරුන් 75 දෙනෙකුට වඩා ගෝලීය වශයෙන් සිටින බවයි ICCය විසින් සඳහන් කරන්නේ. එමෙන්ම මෙය මාර්ගතව සහ භෞතික යන ආකාර ද්විත්වයේම මුසුවීමෙන් නිර්මාණය වූ වඩාත් සැලසුම් සහගත පාඨමාලාවක් බව ද ICCය විසින් සඳහන් කරනවා

මීට පෙර ICCය විසින් හඳුන්වා දුන් විනිසුරු පදනම් පාඨමාලාවට 4000කට අධික පිරිසක් සම්බන්ධ වූ බවත්, ඔවුන්ගෙන් හැකි උපරිම ප්‍රමාණයක් පළමු මට්ටම දක්වා රැගෙන ඒම තම අභිප්‍රාය බවත් ICC සංවර්ධන සාමාන්‍යාධිකාරී Will Glenwright මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<