17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටය හෙට සිට

641

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියරේ තරග හෙට (30) ආරම්භ වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම ඉනිම අල කර ගනිති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන…

පසුගිය මැයි මාසයේ දී ආරම්භ වූ මේ ක්‍රිකට් තරගාවලිය සඳහා දිවයින පුරා සුදුසුකම් ලබාගත් පාසල් 74ක් කාණ්ඩ 10ක් යටතේ තරග වැදුණු අතර පළමු වටයේ දැක්වූ දස්කම් අනුව පාසල් ක්‍රිකට් කණ්ඩායම් 32ක් එහි දෙවන අදියර සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

එම පාසල් 32ක දෙවන වටයේ තරග වදිනු ලබන්නේ විවිධ කාණ්ඩයන් 8ක් යටතේ වන අතර එම එක් කාණ්ඩයකට පාසල් ක්‍රිකට් කණ්ඩායම් 4ක් අන්තර්ගතව තිබේ. එක් කාණ්ඩයක සිටින පාසලක් එම කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් තුන සමඟම තරග වදින අතර  අවසානයේ සෑම කාණ්ඩයකම පෙරමුණේ සිටින පාසල් දෙක සුපිරි 16 දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගනී. එතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය අනුව තරගාවලියේ අවසානය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

2017 වසරේ වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ කාණ්ඩයේ ශූරයින් ලෙස අබිසෙස් ලැබූ මාතර සාන්ත තෝමස් විද්‍යාලය තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට යාම නිසා මේ වසරේ දී එහි ශූරතාවය වෙනත් පාසලක් විසින් දිනා ගනු ඇත.

දෙවන වටයට සුදුසුකම් ලබාගත් පාසල් ඒ ඒ කාණ්ඩවලට බෙදී ගොස් ඇත්තේ මෙසේය.

‘P’ කාණ්ඩය –  කොළඹ නාලන්ද විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

‘Q’ කාණ්ඩය – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය

‘R’ කාණ්ඩය – බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, යාපනය සාන්ත ජෝන් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය

‘S’ කාණ්ඩය – කොළඹ ඉසිපතන විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

‘T’ කාණ්ඩය – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය

‘U’ කාණ්ඩය – කැලණිය ගුරුකුල විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

‘V’ කාණ්ඩය – මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මීගමුව සාන්ත පීතර විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය

‘W’ කාණ්ඩය – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මොරටු විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<