ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට යන්න තැනක් නෑ

1100

Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) පාපන්දු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ පෘතුගාල ජාතික Cristiano Ronaldo මීළඟට ඇතුළත් වන කණ්ඩායම ගැන නිශ්චිත අදහසකින් තොරව සිටින බව සඳහන් වනවා.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මේ වන විට ඇද වැටී ඇති තත්වය සලකා බැලීමේ දී, චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්නට නම් තමන් පැහැදිලිවම යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත් වන බව ඔහුට වැටහී ඇතුවාට සැකයක් නැහැ.

යුනයිටඩ් කණ්ඩායම ද පවසන්නේ කණ්ඩායමේ චිත්ත ධෛර්යයට ඔහුගේ රැඳී සිටීම යහපත්ව බලපාන බැවින් ඔහුට ඉවත් වීමට ඉඩ ලබා දෙන බවයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ඔහු මෙවර ඇතුළත් වුනේ 2021 දීයි. ඒ, අදාළ කණ්ඩායම (Man U) සමඟින් ඔහුගේ දෙවැනි කාල පරිච්ඡේදය ගත කිරීම වෙනුවෙන්. එහෙත් කණ්ඩායමේ කළමනාකාරිත්වයේ ඇති ගැටලු නිසා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහි රැඳී සිටියේ එතරම් සතුටකින් නොවේ.

වාර්තා වන පරිදි Atletico Madrid (ඇට්ලටිකෝ මැඩ්රිඩ්), Sporting Lisbon (ස්පෝටින්ග් ලිස්බන්), Borussia Dortmund (බොරුෂියා ඩෝට්මුන්ඩ්) වැනි කණ්ඩායම් ඔහු හා සාකච්ඡා පවත්වා ඇති නමුත් මෙතෙක් තමන් කුමන කණ්ඩායමකට කැමැත්ත දක්වන්නේ ද යන්න රොනාල්ඩෝ පවසා නැහැ.

මේ වන විටත් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ රොනාල්ඩෝ. එහෙත් පෙර පැවති පරිදි ඔහු පසුපසින් කණ්ඩායම් පැමිණීම නැවතී තිබීම කැපී පෙනෙනවා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<