මිලියන 2.45ක ප්‍රවේශපත් අලෙවි වෙයි

475

මේ වසරේ කටාර් හිදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශපත් මිලියන 2.45ක ප්‍රමාණයක් මේ වන විටත් අලෙවි වී ඇතැයි FIFA (ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය) පවසනවා. එළඹෙන නොවැම්බර් 20 වැනිදා කාණ්ඩ වටය ආරම්භ වීමට නියමිතයි.

අලෙවි වූ ප්‍රවේශපත් මිලියන 2.45න් හරි අඩක් පමණම පසුගිය නිකුතුවේ දී, එනම් ජූලි 15 සිට 16 දක්වා කාලයේ දී සිදු වූ බව පැවසෙනවා. කාණ්ඩ වටයේ වැඩිම ප්‍රේක්ෂකාකර්ෂණය දිනාගෙන ඇත්තේ බ්‍රසීලයට එරෙහිව කැමරූන්, බ්‍රසීලයට එරෙහිව සර්බියාව, පෘතුගාලයට එරෙහිව උරුගුවේ, ජර්මනියට එරෙහිව කොස්ටා රිකා සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩෙන්මාර්කය අතර තරගවලට බව අලෙවි වූ ප්‍රවේශපත් ප්‍රමාණයෙන් නිගමනය කොට තිබෙනවා.

කටාර්, සවුදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එංගලන්තය, ආජන්ටිනාව, බ්‍රසීලය, වේල්සය, ඕස්ට්‍රේලියාව කියන රටවල් වල ප්‍රේක්ෂකයන් තමයි ඩිජිටල් පෝලිම් වල ඉදිරියෙන්ම හිටියේ,” FIFA එසේ පවසා තිබුණා.

සැප්තැම්බර් මාසය අවසානයේ දී මීළඟ ප්‍රවේශපත් නිකුතුව සිදු කෙරෙන දිනය දැනුම් දෙන බව ද ඔවුන් පවසනවා. අවසන් මොහොතේ ප්‍රවේශපත් මිල දී ගන්නා අයට දෝහා හිදී ඒ සඳහා අවස්ථාව සපයන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

නොවැම්බර් 20 වැනිදා කටාරය එදිරිව ඉක්වදෝරය යන තරගයෙන් තරගාවලිය ඇරඹීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<