Pollard, IPL තරගාවලියට සමුදෙන්න තීරණය කරයි

IPL 2023

402

IPL තරගාවලියේ Mumbai Indians (MI) කණ්ඩායම 2009 වසරේ පටන් නියෝජනය කළ Kieron Pollard විසින් තමන් එම ලීගයෙන් සමුගන්නා බවට ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රිනිඩෑඩ් දේශයේ උපත ලැබ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන pollard යනු IPL ඉතිහාසයේ බිහි වූ සුපිරිතම තරුවක් වන අතර ඔහු විසින් “වරක් MI නම් සෑම විටම MI” යනුවෙන් තම සමුගැනීම ප්‍රකාශ කිරීමේ දී සඳහන් කර තිබුණා.

“මම තව වසර කිහිපයක් ම ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නිසාම එය පහසු තීරණයක් වුනේ නැහැ. නමුත් ඉතිහාසය පුරාවට බොහෝ දේ ළඟා කර ගෙන ඇති මෙම කණ්ඩායමට වෙනසක් අවශ්‍ය බව මට හැඟී ගියා. ඉතින් මම තව දුරටත් MI වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැතිනම්, මම MI කණ්ඩායම ට එරෙහිව ක්‍රීඩා කරනවා දකින්නත් මට අවශ්‍ය නැහැ.”

අද (15) උදෑසන Pollard විසින් සිය සමුගැනීම ප්‍රකාශ කළ අතර, IPL 2023 තරග වාරය වෙනුවෙන් ක්‍රීඩකයින් රඳවා තබා ගැනීම පිළිබඳ (Retention) තීරණ ගැනීමේ අවසන් දිනය ද අදයි.

මේ අතර Mumbai Indians කණ්ඩායමෙන් පවසා ඇත්තේ ඔහු මින් පසුව තම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ILT 20 ක්‍රිකට් ලීගය වෙනුවෙන් අනුබද්ධිත තම කණ්ඩායම වන MI Emirates වෙනුවෙන් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරනු ඇති බවත් ය.

Kieron Pollard විසින් Mumbai Indians තරග නවයක දී මෙහෙයවා ඇති අතර, පසුගිය තරග වාරය වෙනුවෙන් කණ්ඩායම විසින් ඔහුව රඳවා තබා ගත්තේ ඉන්දීය කෝටි හයක මුදලකටයි. නමුත් එම තරග වාරයේ දී ඔහුගේ පිති කරණ දක්ෂතා තරමක පසුබෑමක් පෙන්නුම් කළ අතර, තරග 11ක දී ඔහුට රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 144ක් පමණයි.

“3න් වන තරග වාරයේ සිට ම අපි සතුට, දහදිය සහ කඳුළු බෙදා ගත්තා. එම ප්‍රබල හැඟීම් පිටියේ දී මෙන්ම ඉන් පිටත දීත් ජීවිත කාලය පුරාවටම පවතී වී. ඔහු MI හි සාර්ථකත්වය වෙනුවෙන් වැදගත් කාර්ය භාර්‍යයක් ඉටු කළ අතර Champions league කුසලානය සහ IPL ශූරතාවයන් පහ වෙනුවෙන් ම සිය දායකත්වය සැපයුවා.

MI වෙනුවෙන් ඔහු පන්දු රැකීමේ දී සිදු කළ විස්ම කර්ම ක්‍රියාවන් අපට මග හැරෙනු ඇත. නමුත් ඔහු දිගටම MI emirates වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිළිබඳ වත්, එමෙන්ම පිතිකරණ පුහුණුකරු ලෙස MI හී නවක ක්‍රීඩකයින්ට හොඳ උපදේශකයකු ලෙස සිටීම පිළිබඳ වත් මම සතුටු වෙනවා.

MI සමඟ සහ MI emirates සමඟග ඔහුගේ නව ගමන ඔහුට පෙරටත් වඩා හොඳ කීර්තියක් මෙන්ම ජයග්‍රහණ ද අත් පත් කර දෙනු ඇත.

මම ඔහුට සුබ පතනවා!”

යනුවෙන් pollardගේ නව ගමන පිළිබඳ Nita Ambani විසින් අදහස් පළ කර තිබුණා.

Mumbai Indians කණ්ඩායමට ක්‍රීඩකයකු ලෙස විශාල දායාදයක් ලබා දීමෙන් පසුවයි Polly සමුගන්නේ. ඔහු පිටියේ සිටින සෑම මොහොතකම රසිකයින් ප්‍රීතී ඝෝෂා කරනවා. MI පවුල වෙනුවෙන් වටිනා සාමාජිකයකු මෙන්ම හොඳ මිතුරෙකු ද වෙන්න ඔහුට හැකි වුනා. ඔහුගේ IPL ක්‍රීඩා ජීවිතය තුල විශාල කැපවීමකින් MI වෙනුවෙන් ක්‍රීඩා කළා. ඔහු තව දුරටත් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙස Mumbai Indians පවුල සමඟ රැඳී සිටීම පිළිබඳ සතුටු වෙනවා.”

Pollardගේ සමු ගැනීම සම්බන්ධයෙන් Akash Ambani විසින් එසේ සිය අදහස ප්‍රකාශ කර තිබුණා.

තවත් මෙවැනි නවතම ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<