ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා IPL තරගාවලියෙන් ඉවතට

594

කාර්යබහුල ජාත්‍යන්තර තරග කාලසටහන නිසාවෙන් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Pat Cummins තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා ජාතික ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායකත්වය දරන Pat Cummins පසුගිය තරගාවලි කිහිපයේ දී Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කළ අතර ඇති වූ ආබාධයක් නිසා ඔහුට 2022 තරග වාරය අහිමි වුනා.

“මම මීළඟ ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය මඟ හැරීමට අමාරු තීරණයක් ගත්තා. එක්දින සහ ටෙස්ට් තරගවලින් මගේ මීළඟ මාස කිහිපය ගොඩක් කාර්ය බහුලයි. ඒ නිසා අළුබඳුන තරගාවලියට සහ ලෝක කුසලානයට පෙර මම කෙටි විවේකයක් ගන්න ඕන,” යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානය Cummins හට එතරම් හොඳ තරගාවලියක් නොවූ අතර ඔහුට තරග හතරක් තුළ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු තුනක් පමණයි. එමෙන්ම ගියවර ශූරයින් වූ ඕස්ට්‍රේලියාවට මෙවර සුපිරි 12 වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

මෙවර අළුබඳුන තරගාවලිය ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර ලෝක කුසලානය ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<