“ඇමරිකාව ක්‍රිකට් ඉහළටම ගෙන යාවි” – කපිල් දේව්

515
Getty images

ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතෙක් ඉහළ මට්ටමට පැමිණ නැතත්, එය ඉහළටම යනු ඇතැයි හිටපු ඉන්දීය ක්‍රිකට් නායක Kapil Dev (කපිල් දේව්) පවසනවා.

දවසක ඇමරිකාව විසින් පෙර කිසිම රටක් නොකළ මට්ටමට ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන යයි කියලා මම බලාපොරොත්තු වෙනවා,” ඔහු පැවසුවා. ඔහු එසේ පැවසුවේ මේ වසර අග දී පැවැත්වීමට නියමිත Indian American Unity Cricket League තරගාවලියේ එළිදැක්වීමේ උළෙලේ දීයි.

රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාර Dan McKee (ඩෑන් මැකී) සහ ඊස්ට් ප්‍රොවිඩන්ස් නගරාධිපති Bob DaSilva (බොබ් ද සිල්වා) යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති උළෙලේ දී පැවසුණේ එළඹෙන සැප්තැම්බර් මාසයේ දී මෙම තරගාවලිය පැවැත්වෙන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<