අපේ අභියෝගය අපේ උපරිමය ලබාගන්න එක – මහේල

564

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන සන්නාම තානාපතිවරයෙක් වන මහේල ජයවර්ධන පසුගිය දා පැවති ශ්‍රී ලංකා නවසීලන්ත තරගය පිළිබඳව අදහස් දක්වා සිටියා.

අපිට තව තරග අටක් තිබෙනවා – දිමුත්

නවසීලන්තය සමඟ තරගය පරාජය වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ…..

කාඩිෆ් වලදී කාසියේ වාසිය අහිමි වෙලා පළමුව පන්දුවට පහර දෙන එක ලේසි නෑ.

පන්දුවේ දෝලනය තිබුණා. නමුත් ශ්‍රී ලංකාව අසාර්ථක වුනේ පළමු පන්දුවාර 20 තුල ඔවුන් කඩුලු අහිමි කරගැනීමෙන්. පළමු පන්දුවාර 20 තුල කඩුලු ආරක්ෂා කර ගත යුතුයි.

මුල් පන්දුවාර කීපය තීරණාත්මකයි. ඒකෙදි හොඳින් ක්‍රියාත්මක වෙලා කඩුලු ආරක්ෂා කරගෙන ඉන්න ඕන. ඕනෑම තත්වයක හොඳ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන පළමුව පන්දුවට පහර දෙන එකේ වාසිය ලබාගන්න ඕන. අභියෝගයක් දෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් රැස් කරන්න ඕන. එතකොට පන්දු යවන්නන්ට හැකියාව තියනවා පීඩනයක් එල්ල කරන්න.

මේ තරගයේ දී ලකුණු 250 අභියෝගාත්මක වෙන්න පුළුවන්. විශේෂයෙන් තණතීරුව දෙවන ඉනිමේ දී වඩාත් ස්ථාවර වෙන නිසා. තරගයේ ආරම්භයේ දී දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. පසුව අපේ කඩුලු දෙකක් ඉක්මනින් දැවී ගිය නිසා පීඩනයක් එල්ල වුනා. නවසීලන්ත පන්දු ‍යවන්නන් සාර්ථකව ඒ පීඩනය රඳවා ගැනීමට සමත් වුනා.

මම හිතන්නේ අපේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය තිබුණේ ලොකු පහරවල් වලට යනව ද නැද්ද කියන එකේ. එහෙම මානසිකත්වයකින් ක්‍රීඩා කරන්න අමාරුයි. මොකද කඩුල්ලෙන් සහයෝගයක් තියන නිසා.

සමහර වෙලාවට අපිට මොන පන්දු ‍යවන්නව ඉලක්ක කරලා පහර දෙන්න ඕනෙ ද කියලා හිතන්න වෙනවා.

දිමුත් කරුණාරත්න දක්ෂතා අතරට පැමිණීම ගැන සතුටුයි. ඔහුට වගකීමක් සහිතව ක්‍රීඩා කරන්න පුළුවන් කියලා ඔහු පෙන්වුවා. ඔහු එක්දින තරග ගොඩක් ක්‍රීඩා කරලා නැති උනත් ටෙස්ට් තරගවල දී ඔහු දස්කම් අතර ඉන්නවා. ඔහුට සහයෝගය අවශ්‍යයි. තරගය පන්දු යවන්නන්ට අමාරු වුනා. ඉලක්කය පහසු එකක් නිසා. ශ්‍රී ලංකාව කණ්ඩායමක් විදිහට දියුණු කර ගත යුතු දේවල් ගොඩක් තියනවා. ලකුණු ප්‍රමාණය අඩු වුනාම පන්දු යැවීමේ දී Line and Length තියා ගන්නවාට වඩා කඩුලු ලබාගන්න පුළුවන් පන්දු යවන්න ඕන.

“දිමුත්ගේ පිතිකරණ රටාව අධ්‍යනය කරන්න වටිනවා” – තිරිමාන්න

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (01) ශ්‍රී ලංකාව……

තණතීරුව වේගපන්දු ‍යවන්නන්ට වාසිදායක වුනා. ඒත් අපේ පන්දු ‍යවන්නන්ට කඩුලු ලබාගැනීමට අවස්ථාවක් හිමි වුනේ නෑ. නවසීලන්ත ආරම්භක පිතිකරුවන් ඔවුන්ගේ වගකීම ඉටු කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම තණතීරුව පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුයි. කඩුලු ලබා ගන්නේ කොහොමද කියලා බලන්න ඕන. පීඩනයක් එල්ල කරන්න සැලසුම් හදන්න ඕනෙ.

මේ පරාජය අමතක කරලා කොහොමද කණ්ඩායම ඉදිරියට යන්නේ කියලා බලන්න ඕන. මීළඟ තරගය වැදගත් එකක් වේවි. මම කලින් කියලා තියනවා වගේ තරග 4ක් හෝ 5ක් ජයග්‍රහණය කිරීම ප්‍රමාණවත් වේවි අවසන් පූර්ව වටයට යන්න. ප්‍රබල කණ්ඩායම් එකිනෙකා පරාජය කරගනීවි. තරග දෙක තුනක් පරාජය වෙන්න සිදු වේවි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඇෆ්ගනිස්තාන තරගය හොඳ අවස්ථාවක් වේවි. ඒත් ඔවුන්ව සුළුවෙන් සැලකිය නොහැකී. ඔවුන් මේ දිනවල දස්කම් අතර ඉන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම තම ක්‍රීඩකයන් හරි විදිහට හසුරවමින් ක්‍රීඩා කළ යුතුයි. ප්‍රතිවාදීන් දෙස බලන්න කලින් අපිට තියන අභියෝගය තමයි අපේ හොඳම දස්කම් අතරට එන එක. අපි අපේ උපරිමය කළහොත් තරගයේ ප්‍රතිඵල ගැන බය වෙන්න දෙයක් නෑ.

ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා සහිත කණ්ඩායමක්. තරග දිනවන්නන් ගොඩක් ඉන්නවා. අපි අපේ දක්ෂතා විශ්වාස කරන්න ඕන.”

2019 ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් කඩුලු 10ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය ඇෆ්ගනිස්තානය සමගින් එළඹෙන 4 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<